ධර්ම රාජ්‍යයට යන ගමනේ ඉදිකළ රතන හිමිගේ මාŠ
නමෝ බුද්ධාය...
"ආනන්ද සර්පයා දුටුවාද..?"
"එසේය ස්වාමීනි සර්පයා දිටිමි."
මේ එදවස බුදුරදුන් හා ආනන්ද හිමියන් අතර ඇති වූ දෙබසකි.
"අද බුදුහාමුදුරුවෝ හිටිය නම් අද ඉන්න සමහර හාමුදුරුවරු දෙන්නෙ ඔය උත්තරේ නෙමෙයි."
මගේ මුඛරි මිතුරෙක් මේ දෙබසට නව අර්ථකථනයක් එක් කළේ ය.
"ආනන්ද සර්පයා දුටුවාද..?"
"අනේ ස්වාමීනි කොහෙද ඉන්නෙ ඉක්මනට හොයලා දෙන්න."
"එහෙම කියලා සර්පයාව අත්දෙකෙන් ම අල්ලා පාත්තරේටත් දාගෙන යයි."
ප්‍රිය පාඨකය, බුද්ධාලම්භනයෙන් ඔදවැඩුණු ඔබ මගේ මිතුරා සමඟ උරණ වෙනු ඇත. ඔහු දුශ්ශීලයකු, පව්කාරයකු, මිෂනාරියකු, එන්ජී ඕකාරයකු ලෙස වර්ගකරන්නට ද පුළුවන. මට ද මුලින් ඔහු ගැන එසේ සිතිණි. එහෙත් බෞද්ධයන්ගේ නාමයෙන් පෙනී සිටින ඇතැම් සංවිධානත් එම සංවිධානවල චීවරධාරී ඇතැම් භික්ෂූන් වහන්සේලාත් කරන්නාවූ ක්‍රියාවන් නිසා මිතුරාගේ කීම 100%ක් ම සත්‍යයැයි ඔප්පුවේ.
ඉදින් මේ කියන්නට යන්නේ එවැනි තවත් කතාවකි. සැබැවින් ම මෙය සර්පයා කරේ දමා ගෙන ප්‍රදර්ශනයක් පැවැත්වීම බඳු කටයුත්තකි. සිදුහත් කුමරා අභිනිෂ්ක්‍රමණය කළේ ගිහිගෙය කලකිරුණු බැවිනි. ඒ වන විටත් ඔහු රම්‍ය සුරම්‍ය, සුබ නමින් තමන්ට ඒ ඒ සෘතුවල දී වාසය කරන්නට පියරජතුමා විසින් තනා දුන් මාළිගා ද අත්හළේ ය. එසේ රාජ මාළිගා අත්හැර පැමිණි හේ බුද්ධත්වයට පත් ව සිය මඟ යනු පිණිස භික්ෂු පරපුරක් නිර්මාණය කළේ ය.
බුද්ධ පුත්‍රයන් ලෙස නාමකරණයට ලක්ව සිටින ඇතැම් භික්ෂූන් එදා බුදුන් අත්හළ මාළිගා සොයමින් චාරිකා කරනු පෙනේ. දැන් කොළඹ කේන්ද්‍ර කරගත් තදාසන්න ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ පන්සල් නොව, මාළිගා පන්නයේ ආශ්‍රම ය. අසපු ය.
රාජගිරිය, ඔබේසේකරපුර, ගෝතමී උයනින් ද දැන් ඒ පන්නයේ මාළිගාවක් හමු වී තිබේ. එය නමින් "සදහම් සෙවණ"යි. "සදහම් සෙවණ" නම යටින් ඒ ගැන මෙවැනි සඳහනක් ද තිබේ. "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය". ගෝතමී උයනේ ඉතා වටිනා භූමියක, විශාල ඉඩමක සදහම් සෙවණ දකින සැමගේ සිතට එක්වනම මතකයට නැගෙන්නේ හෝටලයක, නැතිනම් සුපිරි මන්දිරයක හැඩයකි. ඒ නිසාම අපි මේ සදහම් සෙවණ ගැන සීරුමාරුවට සොයා බැලූවෙමු. ඒ සොයා බැලීමේ දී මෙය පිටුපස දේශපාලන චරිත කිහිපයක් සිටිනු දුටුවෙමු.
සදහම් සෙවණ ව්‍යාපෘතිය වෙනුවෙන් සියලූ ලියකියවිලි සඳහා අත්සන් තබා තිබෙන්නේත් මුදල් ගනුදෙනු සිදු කර තිබෙන්නේත් අතුරලියේ රතන හිමියන් ය. අතුරලියේ රතන හිමියන් යනු ජාතික හෙළ උරුමයේ ඉදිරිපෙළේ චරිතයකි. ජාතික හෙළ උරුමය ශ්‍රී ලාංකීය දේශපාලනයට පිවිසෙන්නේ 2004 මහ ඡන්දය ඉලක්ක කරගෙන ය.
ධර්ම රාජ්‍යයක් බිහිකිරීම සිය පරම පිවිතුරු අරමුණ බව කියාපාමින් එදා හෙළ උරුමය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඡන්දය ඉල්ලමින් පැමිණියහ. ධර්ම රාජ්‍යයකට පෙම් බැඳි ජනයා එසේ පැමිණි භික්ෂූන් වහන්සේලා අතරින් ටික දෙනෙකු පාර්ලිමේන්තුවට ද ඇරියේ ය.
එහෙත් පාර්ලිමේන්තුවට ගොස් ටික දිනකින් බිහිකරන්නට යන ධර්ම රාජ්‍යයේ සැබෑ නිරුවත රටට පෙනෙන්නට පටන් ගත්තේ ය. සිය දේශපාලන න්‍යායාචාරී ගිහියන් වෙනුවෙන් මන්ත්‍රීධුර පරිත්‍යාග කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූහ. හෙළ උරුමය යටතේ පාර්ලිමේන්තුවට පැමිණි ගිහියෝ ඉන්පසු ආණ්ඩුවට කඬේ යමින් ඇමැතිධුර ද ලබාගත්හ. දැන් හෙළ උරුමයට බිහිකරන්නට ගිය ධර්ම රාජ්‍ය ගැන හාංකවිසියක් මතක නැත.
අතුරලියේ රතන හිමියෝ නියෝජනය කරන්නේ ධර්ම රාජ්‍යය අමතකව ගිය එහෙව් හෙළ උරුමය ය. හොඳයි, දැන් අපි යළිත් සදහම් සෙවණ මන්දිරය වෙත යොමුවෙමු.
"උඹලාගේ පත්තරේට මන්දිර පේන්න බෑනේ."
මගේ මිතුරාට නැගුණු ප්රශ්නය ඇතැම්විට ඔබටත් දැනෙනු ඇත. ප්‍රිය පාඨකය, අපට මන්දිර සමග කිසිම ආරෝවක් නැත. ප්රශ්නය තිබෙන්නේ මහජනතාවගේ මුදලින් එක් එක් පුද්ගලයන්ට වැජඹෙන්නට ඉදිකරන මන්දිර ගැන ය. සදහම් සෙවණ ද මහජන මුදලින් ඉදිකළ මන්දිරයකි.
නිලවශයෙන් දැනට ඒ සඳහා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන 130කි. ලක්ෂවලින් කියන්නේ නම් ලක්ෂ 1300කි. කෝටිවලින් කියන්නේ නම් කෝටි 13 කි. අතුරලියේ රතන හිමියන් විසින් ආගමික හා සදාචාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෙත 2008-11-03 දා යවන ලද ලිපිය මඟින් ඒ බව දක්වා තිබේ.

Last edited: