[*]පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම (මේක පොඩ්ඩක් සංශෝධනය කරලා අත්‍යවශ්‍යම අයට විතරක් ගන්න පුලුවන් විදියට හදන්න තිබ්බා.)
[*]ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
[*]අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ. (හොද තීරණයක් හැබැයි ප්රායෝගික ප්රස්න මතුවෙයි.)
[*]එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ. (හොද තීරණයක් හැබැයි ප්රායෝගික ප්රස්න මතුවෙයි.)
[*]පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ. (රජයේ නියාමනයට යටත්ව)
[*]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත. (රජයේ නියාමනයට යටත්ව)
[*]ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය. (එකපාරම කරල සාර්තකත්වයක් ගන්න බැරිවෙයි. ඒ නිසා මුලින්ම රජයේ ආධාර යම් ප්රමාණයක් දෙන්න තිබ්බා. නඩත්තුව දෙමාව්පියන් දරන කොට දෙමව්පියන්ට පාසල ගැන හැගීමක් එනවා. ඒ නිසා දරැවන්ගෙ අධ්‍යාපනේ ගුණාත්මකභාවය ගැන දෙමව්පයින් සැලකිලිමත් වීමක් ඇති වෙනවා.)
[*]පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
[*]විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක් පමණි. (ඉතාම නිවැරදි තීරණයක්. මේක ක්රියාත්මක කරන්න ඉඩ නුදුන්නෙ ඇයි දන්නෙ නෑ. ඔය විශ්ව විද්‍යාල ප්රවේසයට වගේම ටියුශන් වසංගතයටත් සහතික් විසදුමක් මේකෙන් දෙන්න පුලුවන් කම තියෙනවා. හැබැයි දෙවතාවේ සීමාව ඉවත් වෙන්න ඕනි.)
haa

ලංකාවේ මිනිස්සුන්ට ඔය අතීතය මතක නිසා තමයි රනිල්ට ඔච්චර අකමැති. එකියි ඕක ඔච්චර පරදින්නේ

