ධාතු විස්තරය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රිලිජස් එකේ යාළුවන්ගෙ ඉල්ලීම මත ධාතු විස්තරය මෙහිද පල කරන ලදී :D


ධාතු විස්තරය


අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි.

සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු.


දළදාව 01
මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්‍රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.


දළදාව 02
එක් දකුණු දළදාවක් ද්‍රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්‍රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.

දළදාව 03
තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.

දළදාව 04
සිව්වන දළදාව නාග ගෝත්‍රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.

ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය
මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්‍රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්‍යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්‍රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.


මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්‍රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය.

මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්‍ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්‍රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්‍රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු.

දකුණු අකු ධාතුව
ශක්‍රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්‍ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්‍රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.)

නලාට ධාතුව
කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය.

තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව
වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්‍රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.

ග්‍රීවා ධාතුව
සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්‍රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී.

මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි.



උපුටා ගැනීම - රාවන සොයුරෝ

1_13_02_09_11_24_31-1.jpg
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ස්තුතියි :D ධන්ත ධාතූන්, කේශ ධාතූන් ගැන විස්තර මෙතන නැහැ නේද?
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ස්තුතියි :D ධන්ත ධාතූන්, කේශ ධාතූන් ගැන විස්තර මෙතන නැහැ නේද?
විස්තර තියෙනව නම් මෙතනට දාන්න :)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
විස්තර තියෙනව නම් මෙතනට දාන්න :)

වැඩිය විස්තර නම් දන්නෙ නෑ :no:
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කරලා තමයි ත්‍රිකුණාමලය, තිරියාය කියන තැන තපස්සු - භල්ලුක වෙළද දෙබෑයන් "ගිරිහඩු සෑය" හදලා තියෙන්නෙ.. බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙ හදපු චෛත්යයක් ( ලොව පැරණිම චෛත්යය :) ) ලගදි අපි ඒ පැත්තෙ ගියා..

 
  • Like
Reactions: Amalka101

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වැඩිය විස්තර නම් දන්නෙ නෑ :no:
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කරලා තමයි ත්‍රිකුණාමලය, තිරියාය කියන තැන තපස්සු - භල්ලුක වෙළද දෙබෑයන් "ගිරිහඩු සෑය" හදලා තියෙන්නෙ.. බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙ හදපු චෛත්යයක් ( ලොව පැරණිම චෛත්යය :) ) ලගදි අපි ඒ පැත්තෙ ගියා..

ඒ වගේම තමා මහියංගන සෑය සමන් දෙව් රජුන් විසින් හදන්නෙත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලෙමනෙ. මහියංගනයට වැඩි වෙලේ දුන් කේශධාතු නිදන් කරලා
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඒ වගේම තමා මහියංගන සෑය සමන් දෙව් රජුන් විසින් හදන්නෙත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලෙමනෙ. මහියංගනයට වැඩි වෙලේ දුන් කේශධාතු නිදන් කරලා

ඔව් නේද.. එතන තිබුන විස්තර හැටියට මේක පරණිම චෛත්යය ලු.. එක ලග කාලවල තමයි හදන්න ඇත්තෙ :yes:
 

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ගොඩක් ස්තුති.මේ ත්‍රෙරේඩ් එක දාපු කෙනාට,මම ක‍තෝලිකයෙක්,මන් ධාතු ගැන විස්තර දැනගෙන හිටියෙ නෑ,මට එ ගැන එක එක ප්‍රශ්න තිබුනා,ඒත් මෙතනින් එ ප්‍රශ්න වලට උත්තර ලැබුනා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔව් නේද.. එතන තිබුන විස්තර හැටියට මේක පරණිම චෛත්යය ලු.. එක ලග කාලවල තමයි හදන්න ඇත්තෙ :yes:
    ඔව් බුදු හාමුදුරුවන්ගෙ පලමු ලංකාගමනය බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙනෙ. එකම වකවානුවක තමයි, තිරියායෙ වෙහෙර හැදෙන්න ඇත්තෙ මහියංගන දාගැබට මාසකීපෙකට කලින් වෙන්න ඇති.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගොඩක් ස්තුති.මේ ත්‍රෙරේඩ් එක දාපු කෙනාට,මම ක‍තෝලිකයෙක්,මන් ධාතු ගැන විස්තර දැනගෙන හිටියෙ නෑ,මට එ ගැන එක එක ප්‍රශ්න තිබුනා,ඒත් මෙතනින් එ ප්‍රශ්න වලට උත්තර ලැබුනා
    :)
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    වැඩිය විස්තර නම් දන්නෙ නෑ :no:
    බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කරලා තමයි ත්‍රිකුණාමලය, තිරියාය කියන තැන තපස්සු - භල්ලුක වෙළද දෙබෑයන් "ගිරිහඩු සෑය" හදලා තියෙන්නෙ.. බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙ හදපු චෛත්යයක් ( ලොව පැරණිම චෛත්යය :) ) ලගදි අපි ඒ පැත්තෙ ගියා..

    malli photos ehema thiyenawanam danna :D
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අසිරිමත් දන්ත ධාතූන් වහන්සේ

    අසිරිමත් දන්ත ධාතූන් වහන්සේ
    කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
    ගලගෙදර රතනවංස හිමි​
    ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමෙන් අපට පෙනී යන්නේ එය වර්ෂ 2500 කටත් වඩා පැරැණි බවයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව ලලාට ධාතුව, අකුදා දෙක, දළදා සතර යන ධාතුන් වහන්සේ සත් නමක් ලොව විවිධ පැතිවලට බෙදී යන ලදී. ඒ අනුව එක් දළදා වහන්සේ නමක් ශක්‍රයා විසින්ද, එක් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශවාසීන් විසින්ද එක් දළදා වහන්සේ නමක් නාගරාජයන් විසින්ද, ලබාගෙන පූජා සත්කාර කරනු ලැබීය. ඉතිරි දළදා වහන්සේ ඛේම නම් රහතන් වහන්සේ වඩමවා ගෙනගොස් කළිගුරට දන්ත පුරයෙහි බ්‍රහ්මදත් රජුහට භාරදුන්හ. මේ බව දාඨාවංශයට අනුව දෙවෙනි පරිච්ඡේදයෙහි 118 වෙනි ගාථාවෙහි සඳහන් කර ඇත.

    එක දාඨා සුරි‍ෙන්‍දන - එකා ගන්‍ධාරවාසිහි
    එකා ගුජඩගරාජුහි - ආසි සක්කත පූජිතා

    අප රටේ ඓතිහාසික පසුබිම ගැන අවධානය යොමු කිරීමේදී එය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා දිවයන්නකි. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයත්, මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මදූත සේවයත් ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් සමුදායකි. මේ සියලු තොරතුරු වාර්තා වන්නේ වංශ කතා ශිලා ලේඛන හා පුරා වස්තු තුළිනි. මහා වංශය, දීප වංශය, සද්ධම්ම වංශය, මහා බෝධි වංශය, ථූප වංශය ආදී වංශ කතා පරිශීලනය කරන කල එකල ලක්දිව පැවැති සංස්කෘතික, ආර්ථික, සාමාජික පසුබිම හෙළිදරව් වේ. ඒ අනුව ලංකාද්වීපයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් ඒ යුගය තුළ පවා දියුණු ශිෂ්ඨාචාර පැවතුනු බවත් කරුණු සහිතව සනාථ කර ගැනීමට පුළුවන. වංස කතා තුළින් වුවද ප්‍රධාන අරමුණක් එක් මාතෘකාවක් යටතේ ප්‍රජාවට ඉතිරිපත් කරන බව කීමට පුළුවන. ඒ අනුව දාඨාවංශය තුළින් ධාතුන් වහන්සේගේ ඓතිහාසික පසුබිම ඉදිරිපත් කරයි.

    ලංකාවාසීන් තුළ පමණක් නොව මුළු ලෝකවාසීන්ගේම මුදුන් මල්කඩක් සේ එදා සිට අද දක්වාම පූජනීයත්වයට, ගෞරවයට ලක් වූ වස්තුවක් ඇත්නම් එය ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ බව නිසැකවම කීමට පුළුවන. දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ කරුණු අවධාරණය කර ගැනීමට නම් දාඨාවංශය පිළිබඳ කරුණු පරීක්ෂා කළ යුතුව ඇත. දාඨාවංශය කියවීම තුළින් සකල බෞද්ධයාටම ජීවමාන බුදුරදුන් නිරූපණය වේ. බුදුරදුන් කෙරෙහි ඇති ගෞරවය දයාව, කිසිදු අඩුවක් නොකොට දන්ත ධාතුන් වහන්සේට ගෞරව කිරීමට බෞද්ධයා එදා සිට ම අමතක නොකළ අතර එය යුගයෙන් යුගයට පවත්වාගෙන ආ සද් චාරිත්‍ර ක්‍රියාවලියක් ලෙසින් ද හැඳින්විය හැකිය. ‘දාඨාවංශය’ නමැති වංස කතාව පිළිබඳ මූලික වශයෙන් කරුණු පරීක්ෂාකර බැලීම තුළින් දාඨාව ගැන පුළුල් අර්ථාවබෝධයක් ලබා ගත හැකියි. ‘ලංකාවට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන එන ලද්දේ හේමමාලා සහ දන්ත කුමාරයායි. එය ගෙන න ලද්දේ හේම මාලාවගේ කෙස් කළඹෙහි සඟවාගෙනය. මෙ ධාතුන් වහන්සේ ලංකාවට ගෙන ඒම නිසා ඒ වෙනුවෙන් ලියන ලද වංශ කතාව දාඨාවංශයයි. බුද්ධාගමත් සිංහල ජාතියත් පිළිබඳ වූ ඓතිහාසික ප්‍රවෘත්ති වලින්ම ඉතා වැඩි කොටසක් පිරුණු ලක්දිව පාලි වංශ සාහිත්‍යයේ උසස්ම ග්‍රන්ථයක් ලෙස දාඨාවංශය හැඳින්විය හැකිය. කලින් සිංහලයෙන් ලියවී තිබුණු පද්‍ය ග්‍රන්ථයක් පරිවර්තනය කිරීමෙන් කළ බව 10 වෙනි ගාථාවෙන් සඳහන් වේ. මෙම දාඨාවංශය ලියවුන කාලවකවානුව දෙස අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මේඝවර්ණ රජුගේ නවවැනි වර්ෂයෙහි දාඨාවංශය ලියන ලදී. ‘වාරිත්ත ලෙඛම්හිලෙඩහි සච්ච සන්ධෝ’ යන දාඨාවංශ 406 ගාථාව තුළින් කියවෙන්නේ මෙම වංශ කතාව රජුගේ අනුදැනුම ඇතිව කළ එකක් බවයි.

    පරාක්‍රම ඇමතියාගේ ආරාධනාවෙන් පොළොන්නරුවෙහි වැඩ විසූ ශ්‍රී ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වන රාජගුරු ධර්ම කීර්ති හිමියන් දාඨාවංශය රචනා කළ බවක් සඳහන් වේ. දේවානම් පියතිස්ස රාජ්‍ය සමයේ පටන් අභයගිරියට දළදා වහන්සේ වැඩමවීමේ උත්සවයක් පැවැත් වූ බව ෆාහියන් හිමිගේ වාර්තාවක සඳහන් වේ. එසේම ලීලාවතී රැජිනගේ කාලයේ දාඨාවංශය ලියන ලදී. තුන්වරක් ලක්දිව සිහසුනට පත් වූ රැජිණක් සේ ලීලාවතී රැජිණ වංශ කතාවල සඳහන් වේ.

    මෙම දාඨාවංශයේ ප්‍රමාණය ගැන අවධානය යොමුකිරීමේදී කර්තෘ සන්‍දර්ශන ගාථා 7කින් යුත් අතිරේකයක් සහිත පද්‍ය 408 කින් යුක්ත පරිච්ඡේද පහක් මෙහි ප්‍රමාණය වශයෙන් අන්තර්ගත වේ. දාඨාවංශය තුළින් බුදුරදුන්ගේ් උපතේ සිට බුදුවීම, ප්‍රථම ධර්මදේශනය, සුමේධ කතාව, සත්සතිය ආදි කරුණු ද, ලංකාවට පැමිණීමේ සිදුවීම් මාලාවද, පිරිනිවන් පෑම ආදි කරුණුද අන්තර්ගත වේ. මේ නිසා ලක්වැසි බෞද්ධයාට දාඨාවංශයෙන් දළදා වහන්සේ ගැන ගෞරවයක්, ආදරයක් උත්පාදනය වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියානු ඉතිහාසය ගත් කළද දාඨාවංශය තුළින් එය තව තවත් ස්වර්ණමය වේ. පැලලුප් නුවර සිටි පණ්ඩු රජු ගැන ටර්නර් මහතාගේ දිල්ලියේ ශිලාලේඛන පිළිබඳ ලිපියෙන් ප්‍රකාශ වන්නේ ඔහු ඉතා බලවත් ධාර්මික රජ කෙනකු බවයි. මොහුට දේවානම්පි‍්‍රය යන ගෞරව නාමයද, මොහු සත්කර්ණී පරපුරට අයත් ගෞතම පුත්‍රනම් රජුම විය හැකි යැයි ෆර්ගියුසන් මහතාගේ මතයයි. මේ අනුව ඉන්දීය ප්‍රාග් බෞද්ධ යුගය තුළද දළදා වහන්සේට හිමි වූ ගෞරවය අනන්ත අප්‍රමාණ වශයෙන් පවතී.

    කළිගු රටේ තිබූ දන්ත ධාතුන් වහන්සේ ලංකාවට දන්ත කුමාරයා සහ හේමමාලා කුමරිය විසින් වඩමවා ගෙන එන ලදී. පළමුවෙන්ම අනුරාධපුරයෙහි කිත්සිරි මෙවන් රජු විසින් දෙවන පෑතිස් නිරිඳුන් තැන වූ ධම්මචක්ක නම් ගෘහයෙහි තබා පූජා සත්කාර කරන ලදී. මේ අනුව අනුරාධපුරයෙන් ආරම්භ කළ දළදා පූජා සත්කාරය ඉන් නොනැවතී අඛණ්ඩව යුගයෙන් යුගයට ඒ ඒ රාජ අමාත්‍යංශ විසින් ආරක්ෂා කොට ගෞරව උපහාර දක්වන ලදී. අනුරාධපුරයෙන් පසු පිළිවෙලින් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ, සීතාවක යන රාජධානිවල වැඩ වසන ලදී. ඊට පසු අන්තිම වශයෙන් මහනුවර රාජධානියේද දළදා වහන්සේ වැඩ සිටිති. මහනුවර අද වනතුරුම වෙනසක් නොවී දළදා වහන්සේ වැඩ විසීම ඉතා චමත්කාර ජනකය. ලක්දිව මුල්කාලීන වශයෙන් පැවතුණු සම්ප්‍රදාය නම් දළදා වහන්සේ භාරව සිටි කෙනෙකුට රටේ රාජ්‍ය පවා පැවැරෙන බවයි. ඒ තරම්ම පැරණි ජනතාව ධාතුන් වහන්සේ ලංකාවේ තිබෙන ප්‍රධානතම පූජනීය වස්තුව සේ සලකා ගෞරව උපහාර දක්වන ලදී.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනීයත්වයට ලක් වූ දන්ත ධාතුන් වහන්සේ අපමණ ගැහැට හා නොයෙක් බාධකවලට ලක් වූ බව වංශ කතා පරිශීලනය කිරීමේදී හෙළිදරව් වේ. ඒ අනුව පළමුවෙන් අපට දකින්නට ලැබෙන සිදුවීම නම් ගුහසීව රජු දවස පැළලුප් නුවර විසූ පණ්ඩු රජුගේ නියමයෙන් එහි ගෙනයන ලද දන්ත ධාතුන් වහන්සේ පරීක්ෂණය සඳහා නොයෙක් අතවරයන්ට භාජනය කරනු ලැබූ බවත් පසුව ඔහු බුදුගුණයෙහි පැහැදි මිසදිටුවන් පළවා හැර දළදා වහන්සේ ආරක්ෂා කර ගත් බවත් යන සිදුවීමයි.

    එම සිදුවීම නම් පණ්ඩු රජු හා වීරධාර රජු අතර ඇති වූ යුද්ධය නිසා තර්ජනයක් දන්ත ධාතුන් වහන්සේටද, ඇතිවිය. එයද දන්ත ධාතුන් වහන්සේට විඳින්නට සිදුවූ බලවත් ගැහැටක් බව අපට කීමට පුළුවන. තවද එක් අවස්ථාවක ඉන්දියාවෙන් පැමිණි සතුරන් කීපවරක්ම මේ ධාතුන් වහන්සේ පැහැරගෙන ගිය බවක් ද සඳහන් වේ. එසේ වුවද භක්තිමත් සිංහල රජ දරුවෝ නැවත මෙරටට වඩමවා ගෙනවුත් සුදුසු පරිදි රාජ ගෞරවයෙන් පිදූහ.

    ලංකාද්විපය නොයෙක් ජාතිකයින්ගේ ආක්‍රමණවලට ලක් වූ බවත්, එවැනි අවස්ථාවල අප රටේ උතුම් පූජනීය වස්තූ®න්ද ඔවුන්ගේ් තාඩන, පීඩනවලට ලක් වූ බව නිසැකයෙන් කීමට පුළුවන. ඒ අතර පෘතුගිසීන්ගේ පැමිණීම ලක්වැසියාට හා රටේ පූජනීය වස්තුන් වලට ඉතා වියවුල් කාලයක් උදා වූ කාලයක් විය. ඒ අතර දන්ත ධාතුන් වහන්සේටත් බාධක උදා වූ අතර, ධාතුන් වහන්සේ භාරකාර අයටද එය රැකීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එසේ ජීවිත කැපවීමෙන් දන්ත ධාතුන් වහන්සේ රැක ගැනීම නිසා වර්තමාන ජනතාවට පවා වන්දනා මාන කිරීමට ශක්තියක් ලැබී ඇත. මේ තොරතුරු අනුව කිත්සිරි මෙවන් රජුතෙක් ඉතිහාසය ඇතුළත්ව දිවයන බව අනාවරණය වේ.

    ඉන්දියාවේ සිට හේමමාලා සහ දන්ත කුමාරයා දන්ත ධාතුන් වහන්සේ රැගෙන එද්දි මඟදී නාගයින් ඔවුන්ට අවහිර කළ බැව් දාඨා වංශයෙහි සඳහන් වේ. මේ නිසා ඔවුන් දළදා වහන්සේ වැල්ලෙහි සඟවා තැබුයේ කෘෂ්ණ නදී තීරයෙහි දින්නෙයි නම් ස්ථානයෙහි බව කුමාරස්වාමි මහතා කරුණු ඉදිරිපත් කරයි. ‘දින්නේ’ යනු තෙළිගු භාෂාවෙන් වැලි ඉවුර යන අර්ථය වේ.

    මෙහි නාගයින් යන නාමයෙන් හඳුන්වනු ලද්දේ ඉන්දියාවේ එක් පෙදෙසක විසූ මනුෂ්‍ය කොට්ඨාසයක් බව කුමාරස්වාමී මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරයි. අමරාවතී ස්ථූප ගැන චීනයෙන් හා ඉන්දියාවෙන් බ්‍රාහ්මණයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ෆර්ගියුසන් මහතා මෙසේ ලියා තිබේ. ‘දළදාව කළිගුරට උදයගිරිය සමීපයෙහි වූ දන්ත පුරයෙහි වර්ෂ 800 ක් පමණ කල් සුරක්ෂිතව පැවතිණි’. මේ තොරතුරු අනුවද දළදා වහන්සේට ලැබුනු ආරක්ෂාව හා ගෞරවය ඉතා ඉහළ බව කීමට පුළුවන.

    දළදා වහන්සේ පිළිබඳ කරුණු පරීක්ෂාකර බැලීමේදී ඒ පිළිබඳ කරුණු මුලින්ම අපට සඳහන් වන්නේ ඛුද්ධක නිකායේ - ඛුද්ධ වංශයෙහිය. සකල ලෝක වාසීන්ගේ ආමිස පූජාවට පාත්‍ර වූ දළදා වහන්සේ ගැන කරුණු නොයෙක් කෘතිවල ඉදිරිපත් කොට ඇත. ‘දළදා සිරිත, දාඨා වංශය, පූජාවලිය, අත්තනගලු වංශය’ ආදි වංශ කතාද බෞද්ධ සාහිත්‍ය කෘති, සන්නස්, කතිකාවත්, සෙල්ලිපි, ලේඛන, සංදේශ කාව්‍ය ආදියත් නූතන පර්යේෂණාත්මක ග්‍රන්ථත් මීට අන්තර්ගත වේ. මෙම කෘති පරිශීලනය කිරීම තුළින් අපටත් මෙම දහම් දිවයිනටත් උරුම වු ගෞතම බුද්ධ සංකේතය දාඨාධාතුව ගොඩනගා ඇති ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය බුද්ධ ශාසන ඉතිහාසය සමඟ මැනවින් ප්‍රදර්ශනය වේ.

    දළදා වහන්සේ නිසාම බිහි වූ දෙයක් නම් දළදා මන්දිරයයි. ඒවාද ඉතා අලංකාරව පැරණි රජවරු නිර්මාණය කර ඇත. පොළොන්නරුව, අනුරාධපුරය වැනි ඓතිහාසික පසුබිම ගැන අවධානය යොමු කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය රජයේ කොමසාරිස් ව සිටි ජෝන් ඩොයිලි මහතාගේ දින පොතේ 1815 වර්ෂයේ මුල් භාගයේ සටහන් අනුව රජ මැදුරේ හා දළදා මැදුරේ වටිනා භාණ්ඩ පැහැර ගැනීමේ සිදුවීමක් සඳහන් වේ. මේ අනුව දළදා වහන්සේ හා දළදා මැදුරට ඇති වූ ගැහැට පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

    ලෝකේත නාථ වදනං භ්‍රජරාජ
    හංසං වෙනෙය්‍යකො මුදවනං කිරජෝති යන්‍තං
    අද්ධින්දු කාර චරරූප විරාජ
    මානං වන්දාමි සාදු මමලං ජින දන්ත ධාතුං

    යන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසූ ගාථා ධර්මය සිහිපත් කරමින් සකල ලෝකවාසී බෞද්ධ ජනයා නමස්කාර කරන්නේ දළදා වහන්සේට ඇති ගෞරවය ආදරය භක්තිය නිසාය. මහ නුවර දළදා මන්දිරය තුළ වැජඹෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සකල බෞද්ධයින්ටම ආශිර්වාදයක් ව පවතී. මේ අනුව සලකා බැලීමේදී ලක්දිවට වැඩම කරන ලද දළදා වහන්සේ පැරණි රාජ පරම්පරාවන් විසින් ජීවිත කැපකරමින් තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කර ගන්නා ලද බව පෙනෙයි.

    http://www.lakehouse.lk/budusarana/2009/10/25/tmp.asp?ID=fea02