නංගි පෙන්නා අක්කා දෙන Daraz

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාව අන් කවරදාකවත් නැති ලෙස ඔන්ලයින් ගනුදෙනු සඳහා හුරු වෙමින් පවතී.

    මෙම ඔන්ලයින් ව්‍යාපාරය තුල ගොන්ලයින් වැඩද සිදුවන බව පෙනේ.
    .lk වංචාකාරයකුට හසු වුවහොත් අවසානයේ කියන්නට සිදුවන්නේ සොරි.com කියාය.

    කොරෝනා උවදුර ඉස්මතු වීමත් සමග ඔන්ලයින් බිස්නස්වලට හොඳ කලදසාවක් උදාවිය.

    ලංකාවේ ඔන්ලයින් බිස්නස් කරන්නට ගොස් මුලින්ම ඇදගෙන නෑවේ කප්රුක.comය.
    කොරෝනා පළමු වටයේදී සැමන් ටින් එකෙන් ගසාකන්නට ගොස් කප්රුක වෙළෙඳ නාමය විනාශ කරගත් අන්දම සෙසු ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් හොඳ පාඩමකි.

    එහෙත් කී දෙනෙකු එයින් පාඩමක් උගෙන ඇතිද යන්න මෙහි ඇති ප්‍රශ්නයයි.

    ඇතැම් කුඩා සිල්ලර කඩ පවත්වාගෙන යන මහත්වරුන් හා පුද්ගලික මට්ටමින් භාණ්ඩ ප්‍රවාහනය කළ මහත්වරුන් ප්‍රදර්ශනය කළ අවංකකම හා මහත්මා ගුණය ලොකු කොම්පැණිකාරයින් තුලින් දක්නට නොවීය. එය කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.

    කොරෝනා සමයේ ඔන්ලයින් ඔස්සේ මාරි බිස්කට් පැකට් එකක් ඉල්ලුම් කළ විට තියෙන ලොකුම මාරි බිස්කට් පැකට් එක එවීමට තරම් ඇතැම් සුපිරි වෙළෙඳ සල් ක්‍රියා කළේ ඒ දිනවල මිනිසුන්ගේ අත මිට හිඟ බව නොදැන නොවේ.

    එය වූකලී මෙරට සුපිරි වෙළෙඳ සල් ගෙනයන ගරානා ප්‍රතිපත්තියයි.

    ඒ කෙසේ වෙතත් මේ සුපිරි වෙළෙඳ සල් ඉල්ලුම් කළ භාණ්ඩයෙන් ප්‍රමාණය වැඩිකර එව්වා මිසක් ඒ වෙනුවට වෙනත් භාණ්ඩ බෙදා හැරියේ නැත.
    කට්ට කරවල පෙන්වා හාල්මැස්සන් ගෙනැවිත් දුන්නේ නැත.

    අද කතා කරන්නේ ගනුදෙනුකරුවන් අන්දවා කරනු ලබන ඔන්ලයින් බිස්නස් එකක් ගැනය.

    නම Darazය.
    එහෙත් වැඩ ජරාස්‍ය.

    Daraz යනු විවිධ සැපයුම්කරුවන්ගෙන් සැදුම් ලත් ඔන්ලයින් වෙළෙඳපොළකි.
    ප්‍රශ්නය වන්නේ ඒ සැපයුම්කරුවන් අතර පල් හොරුන්ද සිටීමයි.

    Darazලාට තවමත් ඔවුන් හඳුනාගත නොහැකි වී තිබේ.

    එහි අවසන් ප්‍රතිඵල 2 කි.

    එකක් Daraz වෙළෙඳ නාමය විනාශ වීමයි.
    දෙවැන්න, Daraz මගින් ඔන්ලයින් භාණ්ඩ ඇනැවුම් කරන පාරිභෝගිකයන් අතරමං වීමයි.

    මෙයට කලකට ඉහතදී මගේ මිත්‍රයකු තම මවට එනජයිසර් වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගත්තේ Daraz හරහාය.

    ලොකු වට්ටමක් සහිතව එය අලෙවි කරන ලදී.

    මිල රුපියල් 2490 කි. හරි ලාබය.

    හොඳට පැක් කර දුරකතනය එවා තිබුණි.

    දිගහැර බැලූවිට ඔහුට දක්නට ලැබුනේ එය කැඩුණු දුරකථනයක් බවයි.

    කෙසේවත් එය සවිකර ගත නොහැකි විය.

    පැමිණිලි කර නැවත දුරකතනය බාර දුන් ඔහුට මුදල් ආපසු ලැබුනේ තවත් මසක් පමණ ඉක්ම ගිය පසුවය.
    (අදාළ දුරකථනයේ ජායාරූපයක් මෙහි දැක්වේ.)

    image_a557f168f3.jpg

    මෙහිදී ඔවුන් කළේ තනිකරම වංචාවකි.
    ලොකු ඩිස්කවුන්ට් එකක් තුළ සත්‍යය සඟවා කළ ගනුදෙනුවකි.

    Darazහි අදාළ දුරකතනය පිළිබඳව පළවූ දැන්වීමේ කොතැනකවත් එය හානි වූ හෝ අඩුපාඩුකම් සහිත හෝ දුරකතනයක් ලෙස හඳුන්වා දී තිබුනේ නැත.

    මෙය එක් උදාහරණයක් පමණි.

    පළ කරනු ලබන ඡායාරූපයක් විශ්වාස කරගෙන මිලදී ගැනීමක් කරන ගනුදෙනුකරුවන් රැවටීමට භාජනය කිරීම යනු සමස්ත ඔන්ලයින් ව්‍යාපාරයම විනාශ කර ගැනීමක් බව මේ ඔන්ලයින් මුදලාලිලා තවමත් තේරුම් ගෙන නැත.

    පාඩමක් ඉගෙන ගන්නවා නම් සැමන් ටින් එකෙන් බුදුවීමට ගිය කප්රුක මුදලාලිට සිද්ධ වූ සන්තෑසිය හොඳටම ප්‍රමාණවත්ය.

    මේ දිනවල Darazහි ඇපල් ජංගම දුරකතන සඳහා ලයිට්නිං කේබල් විකුණන දැන්වීමක් පළ වෙයි. (එම දැන්වීමේ ජායාරූපයක් මෙහි පළ වේ)

    image_11f8c612c4.jpg

    ඔරිජිනල් ඇපල් ලයිට්නිං කේබල් යනුවෙන් එහි සඳහන් කර ඇත්තේ ඇපල් බොක්ස් එකක් හා ඇපල් ලෝගෝවද ප්‍රදර්ශනය කරමිනි.

    මිල රුපියල් 499 කි.

    එහෙත් ඇනවුම් කළ විට ලැබෙන්නේ GZSP යනුවෙන් සඳහන් වූ කේබල් එකකි.

    මෙය හරියටම දුරට ඇපල් ළඟට පැපොල් කීවාක් වැනි වැඩකි. (එහි ජායාරූපයක් ද මෙහි පළවේ)

    image_ee0a0f9654.jpg

    මෙය අමුම අමු කුප්පකමකි.
    දැනුවත්ව සිදු කරන වංචාවකි.

    මෙවැනි කුපාඩිකම් කරන විට Daraz කෙරෙහි ඇති විශ්වාසය දඩාස් ගා බිමට ඇදගෙන වැටෙන බව වටහාගත යුතුය.
    වංචාවෙන්, වංකභාවයෙන් බිස්නස් කිරීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි.

    මෙවැනි ඔන්ලයින් ව්‍යාපාර පිළිබඳ නිසි නියාමනයක් නොමැතිවීම මෙම ජාවාරමට තවත් වාසියක් වී තිබේ.

    එක්කෝ මෙම ඔන්ලයින් ව්‍යාපාර තුළ සිටින සැපයුම්කරුවන් අලෙවි කරන භාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුය.
    ඔවුන් අලෙවි කරන්නේ ප්‍රචාරය කරනු ලබන භාණ්ඩයමදැයි යන්න තහවුරු කර ගත යුතුය.

    එසේ නැතහොත් දිගින් දිගටම සිදුවිය හැකි එකම දේ නම් නංගී පෙන්වා අක්කා දීම පමණි.

    ලබන නොවැම්බර් මස දී 70% ක ඩිස්කවුන්ට් සහිත දැවැන්ත සේල් එකකට Daraz සැරසෙයි.

    Daraz පමණක් නොව laabai.lk, takas.lk, kapruka.com, bigdeals.lk, myshop.lk, ikman.lk, mydeal.lk ඇතුළු අනෙකුත් ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් එක් දෙයක් පමණක් මතක් කරමු.

    ඔන්ලයින් බිස්නස් එකේදී දෙනු ලබන 70% ඩිස්කවුන්ට් එකට වඩා පෙන්නුම් කරන අවංකභාවය 200% කින් වටී.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    සල්ලිත් ගෙව්වට පස්සේ බඩු ආවේ නෑ එදායින් පස්සේ ඔය පකිරිත්තුවන්ගෙන් බඩු ගන්නෑ
    කාලකණ්නි පරයෝ කම්ප්ලේන් කරන්න නම්බර් එකක්වත් තිබ්බේ නෑ mail වලට reply කරන්නෙත් නෑ වේසිගේ පුතාලා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම දන්න ඵකෙක්ටත් යවල තියෙන්නෙ කැඩුන බඩුවක්.මේක තිබ්බෙ FB ඵකේද?.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියලා තියන කතාව ඇත්ත ඕකේ ගැටලු තියනවා. මමත් බඩු අරන් ඇනගන තියනවා.
    1) සමහර සේලර්ස්ලා දාලා තියන ඉමේජ්, විස්තර වලට අදාළ බඩු නෙවෙයි එන්නේ.
    2) පාරිභෝගික පැමිනිලි තඹ සතේකට ගනන් ගන්නෙ නෑ.

    හොද කිව්වොත් ඩිලිවරි සර්විස් එක හොදයි. ඒ වගේම ගොඩක් දේවල් තියනවා.

    ඔන්න ඔය කරුනු නිසා දැන් මම ඕකෙන් බඩුවක් ගන්නේ වෙන කොහෙවත් ඒක හොයාගන්නම නැත්තන් සහ විකුණන සේලර්ගේ රේටිංස් හොදටම හොද නම් විතරයි. ඒ නැතුව සයිට් එක පැත්තෙන් සාධාරනයක් වෙන්නෙ නෑ. ගැටලුවක් ආවොත් ඔය සයිට් එකට පැමිනිලිකරලා බලන්න. උං සේලර්ට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ. ඇඩ් එකක් වැරදී කියලා සයිට් එකට පැමිනිලි කරත් උන් ඒක වෙනස් කරන්නෙ වත් නැ. අඩුම තරමේ ප්‍රතිචාරත් නෑ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ දිනවල Darazහි ඇපල් ජංගම දුරකතන සඳහා ලයිට්නිං කේබල් විකුණන දැන්වීමක් පළ වෙයි. (එම දැන්වීමේ ජායාරූපයක් මෙහි පළ වේ)

    image_11f8c612c4.jpg

    ඔරිජිනල් ඇපල් ලයිට්නිං කේබල් යනුවෙන් එහි සඳහන් කර ඇත්තේ ඇපල් බොක්ස් එකක් හා ඇපල් ලෝගෝවද ප්‍රදර්ශනය කරමිනි.

    මිල රුපියල් 499 කි.

    එහෙත් ඇනවුම් කළ විට ලැබෙන්නේ GZSP යනුවෙන් සඳහන් වූ කේබල් එකකි.

    මෙය හරියටම දුරට ඇපල් ළඟට පැපොල් කීවාක් වැනි වැඩකි. (එහි ජායාරූපයක් ද මෙහි පළවේ)

    image_ee0a0f9654.jpg

    මොනවද යකෝ Apple වල $2 ට තියෙන්නේ?
    බලාපිය Original Apple Cables වල ගණන්!
    https://www.apple.com/shop/iphone/iphone-accessories/power-cables

    ඌ ඒක රුපියල් 500ට උගේ ලාබෙත් එක්ක විකුනන්න ඌ ඒක ගෙන්නන්න ඕන කීයටද? Shipping cost? Tax?
    රුපියල් 50 ටද Apple කේබල් එක ගෙනල්ලා තියෙන්නේ?

    එකෙන් තේරෙන්නේ නැද්ද Apple නෙවේ Chinese ජරාවක් කියලා Order කරන්න කලින්ම?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනවද යකෝ Apple වල $2 ට තියෙන්නේ?
    බලාපිය Original Apple Cables වල ගණන්!
    https://www.apple.com/shop/iphone/iphone-accessories/power-cables

    ඌ ඒක රුපියල් 500ට උගේ ලාබෙත් එක්ක විකුනන්න ඌ ඒක ගෙන්නන්න ඕන කීයටද? Shipping cost? Tax?
    රුපියල් 50 ටද Apple කේබල් එක ගෙනල්ලා තියෙන්නේ?

    එකෙන් තේරෙන්නේ නැද්ද Apple නෙවේ Chinese ජරාවක් කියලා Order කරන්න කලින්ම?

    order karapu eka gon harakek
     
    • Like
    Reactions: shenic88

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Daraz පමණක් නොව laabai.lk, takas.lk, kapruka.com, bigdeals.lk, myshop.lk, ikman.lk, mydeal.lk ඇතුළු අනෙකුත් ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් එක් දෙයක් පමණක් මතක් කරමු.

    ඔන්ලයින් බිස්නස් එකේදී දෙනු ලබන 70% ඩිස්කවුන්ට් එකට වඩා පෙන්නුම් කරන අවංකභාවය 200% කින් වටී.

    නානාගෙන් ගත්තා නම් විදවපන් බලලෝ. ඔය උඩින් තියෙන ගොඩක් ඒවා නානාලාගේ :lol: :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ලංකාවෙන් online ගත්තේ බඩු දෙකයි

    1. Abans refregirator - warranty certificate එව්වේ නෑ
    2. Brown's Iron - warranty certificate එව්වේ නෑ

    දැන් ඔන්ලයින් ඒවට කතා කරන්නේ කෑශ් ගෙවන්න විතරයි.

    Daraz toys වලට අහුවුන එවුන් ගොඩක් ඉන්නවා.
     
    • Like
    Reactions: vito

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    මොනවද යකෝ Apple වල $2 ට තියෙන්නේ?
    බලාපිය Original Apple Cables වල ගණන්!
    https://www.apple.com/shop/iphone/iphone-accessories/power-cables

    ඌ ඒක රුපියල් 500ට උගේ ලාබෙත් එක්ක විකුනන්න ඌ ඒක ගෙන්නන්න ඕන කීයටද? Shipping cost? Tax?
    රුපියල් 50 ටද Apple කේබල් එක ගෙනල්ලා තියෙන්නේ?

    එකෙන් තේරෙන්නේ නැද්ද Apple නෙවේ Chinese ජරාවක් කියලා Order කරන්න කලින්ම?
    එතකොට සෙලර් ඔරිජිනල් කේබල් එකක ෆොටෝ දාන එක හරිද ??
    ගොං කතා කියන්න එපා ජහුටෝ

    චයිනීස් කේබල් එකක් විකුනනවානං හරි විදියට ඒකේ ෆොටෝ එකක් දාලා එහෙම විකුනන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා දාලා තියෙන්නේ ඒකයි
     
    • Like
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    ලංකාවෙන් online ගත්තේ බඩු දෙකයි

    1. Abans refregirator - warranty certificate එව්වේ නෑ
    2. Brown's Iron - warranty certificate එව්වේ නෑ

    දැන් ඔන්ලයින් ඒවට කතා කරන්නේ කෑශ් ගෙවන්න විතරයි.

    Daraz toys වලට අහුවුන එවුන් ගොඩක් ඉන්නවා.
    EMail eke warranty certificates PDF thibune nadda?
     
    nishantha9

    Junior member
  • Mar 9, 2011
    56
    24
    8
    Daraz පට්ට ජාරාම ecommerce site 1ක්. මම order කරපු එක නෙමෙයි එව්වේ. Return request එක දාලා දැන් අවුරුද්දක් විතර තවම processing ලු.
     
    • Haha
    Reactions: MihiCherub

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Man nam mungen dethun wathawak badu gaththa. Awulak une na. Dan godak oka use karanne Electricity bill gewanna. Me tike 10% off thibba.

    Issara godakma badu gaththe clicknshop eken. Un dan wahalada koheda curfew walin passe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට සෙලර් ඔරිජිනල් කේබල් එකක ෆොටෝ දාන එක හරිද ??
    ගොං කතා කියන්න එපා ජහුටෝ

    චයිනීස් කේබල් එකක් විකුනනවානං හරි විදියට ඒකේ ෆොටෝ එකක් දාලා එහෙම විකුනන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා දාලා තියෙන්නේ ඒකයි
    පොඩ්ඩක්වත් සැක හිතුනෙ නැද්ද 499ට ඇපල් ඔරිජිනල් කේබල් එකක් දෙයිද කියල?

    සාමාන්‍යයෙන් ඇඩ් එක දැක්කම කියන්න පුලුවන් හොරෙක්ද නැද්ද කියල
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම සිංගර්, ටකස් වලින් බඩු අරගන තියනවා ලංකාවෙ. වෙන ඒවයින් නම් අරන් නැහැ. ඒ දෙකෙන්ම මුකුත් කේ්ස් එකක් උනේ නැහැ. දරාස් එකේ තියෙන්නෙ හරියට රෙගියුලේට් නොවීමේ ඉෂූ එක... ඔහොම ගිහිං වැහිලම යයි....