නතාෂාට දැන් මනාලයෙක් හොයනවලූ...
නතාෂාට මනමාලයෙක් සොයන ආච්චි...
යොවුන් නිළි සහ ගායිකා නතාෂා පෙරේරාගේ ආච්චි මානෙල් අමරසේකරයි. නතාෂාගේ අම්මා සහ තාත්තා ඇය ලඟ නෑ..
ඉතාලියේදී උපන් නතාෂා ගුවන් මඟින් ආච්චි ලඟට එව්වේ තොටිල්ලකයි..
එදා සිට දුකක් නොදී ඇයව හැදුවේ මානෙලුයි..
ඒ නිසා නතාෂා පුංචි කාලේ පටන්ම ආච්චිට අම්මා කියන්න පුරුදු වුණා. නතාෂා අම්මා ගැන කියන විස්තර පුවත්පත්වලින් දකිද්දි පාඨකයින් හිතනවා ඇති නතාෂා ඉන්නේ සැබෑ අම්මා ලඟ කියලා.
එහෙම නෑ. ඇය ඉන්නේ ඇය අම්මා කියන ආච්චි ලඟයි.. ඒ ආච්චි මේ දවස්වල නතාෂාට මනමාලයෙක් හොයනවා.
දන්න කියන අයටත් මානෙල් අමරසේකර කියන්නේ නතාෂාට හොඳ මනමාලයෙක් හොයලා දෙන්න කියලයි.
දැන් විසි එක් හැවිරිදි නතාෂා නීතිය හදාරමින් ඉන්නේ..ඇය තව අවුරුද්දකින් අවසන් නීති විභාගයත් ඉහළින්ම සමත් වේවි.. ඊට කලින් විවාහය ගැන තීන්දුවක් ගත යුතු බවයි මානෙල්ගේ අදහස..
අද කාලේ ගෑණු දරුවෙක් රැක බලා ගන්නවා කියන එක පුදුම අමාරු වැඩක්නෙ...මම ලොකු බරක් ඔළුවෙ තියාගෙන ඉන්නේ..ඒ බර සුදුස්සෙකුට පවරලා හිත නිදහස් කර ගන්නයි දැන් මට ඕන..
නතාෂාගේ ආච්චි මානෙල් කියනවා කොහොම වුණත් සුන්දර පින්බර උගත් බුද්ධිමත් නතාෂාට සුදුසු යහපත් සහකරුවෙක් ඉක්මනින්ම හමුවේවි.
පැපරාසි නිවුස් ලංකා






