ඕනවට වඩා ඕනම කෙනෙක්ව උඩ දාන්න යන්නයි, හෑලි ලියන්නයි එපා. ලංකාවෙ උන් ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරනවා. ලොකු අවුලක් ඒක.
තියෙන ෆැක්ට්ස් මත තීරණය කරපන්. තීරණය වැරදියි වගේ පේනව නං ඇක්සෙප්ට් කරලා වෙනස් වෙයන්. කවුරුවත් ගැන පේන කියන්න බෑ ඒ උනාට ෆැක්ට්ස් අනුව දේවල් හිතන්න පුළුවන්.
1. මොන වියතෙක් උනත් රාජෆක්ස ගැත්තෙක් කියන්නෙ මගේ විශ්වාසය නං 70% කින් විතර අඩු වෙනවා.
2. Professional කෙනෙක් විදිහට හොඳ නමක් තියෙන නිසා පොසිටිව් දෙයක් කරන්න හැකියාවක් තියෙනව කියලා හිතන්න පුළුවන්.
3. හැබැයි කොච්චර හැකියාවක් ඕනකමක් තිබුණත්(තියෙනවද නැද්ද මම දන්නෙ නෑ) ඉන්න වෙන්නෙ හොරු, මිනීමරුවා, දූෂකයො ඉන්න ආණ්ඩුවක නිසාත්, ජනාධිපතිත් එහෙමම නිසාත්, ස්වාධීනව වැඩ කරන්න හැකියාවක් නෑ කියලා පහුගිය අත්දැකීම් වලින් අපිට පෙනිලා තියෙන නිසාත් ගන්න පුළුවන් හොඳම තීරණ ගන්න පුළුවන් කියලා මට නං 50% ක් වත් විශ්වාසයක් නෑ.