පෙරදිග ධාන්‍යාගාරය වසර දෙකක් තුල පෙරදිග අපාය බවට පත් කිරීම නිසා රට තුල බුර බුරා නැගී එන දැඩි විරෝධයත්, ජාත්‍යන්තරයෙන් නැගී එන දැඩි ප්‍රතික්ෂේප කිරීමත් මධ්‍යයේ 'හොඳටම කළ' නන්දසේන ගෝටාභය රාජපක්ෂ 'විරුවා' සිය ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ සඳහා වූ සිය සැලසුම ඔහු සිය සමීපතමයන්ට ඊයේ රාත්‍රී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ වන විට අකුරේගොඩ යුද හමුදා මූලස්ථාන කඳවුරේ බංකරයකට වී සිටින ගෝඨා අද (09) ඩුබායි බලා පිටත්ව යනු ඇත. ලබන 12 දා ඩුබායි සිට සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ඇත. ඉන්පසු ඔහු කුමක් කරන්නේ ද යන්න සමීපතමයන්ට පවසා නැත.
ඉන්පසුව වත්මන් අගමැතිවරයා සති දෙකක කාලයකට වැඩබලන ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පත් වනු ඇති අතර ඒ කාලය තුල පාර්ලිමේන්තුවෙන් වැඩ බලන ජනාධිපති ධූරයට ස්ථිර අයෙක් පත් කර ගත යුතුය.
ඉල්ලා අස්වෙන ගෝටා වෙනුවෙන් බෙල්ල දී තම ජීවිත කාලයම විනාශ කර නොගන්නා ලෙස ආරක්ෂක අංශවල සිටින හීපාටුවන්ට මෙයින් අවසන් වරට දැනුම් දෙනු ලැබේ.