නන්දසේන බලයට පත් වී වසරයි....මගේ ජීවිතයට එකතු කරගත්ත පාඩම්

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නන්දසේනගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම්.

    1) හදිසි වසoගතයක් ආවොත් ඒකට ගෙදරට එන්න දෙනකන් ඉදලා ඊටපස්සේ ගේට්ටුව වහන්න ඔනේ .ඊට පස්සේ ගෙදරින් එලියට බහින්නෙවත් නැතුව ඉන්ට ඔනා. මම ඒක ඉගෙනගත්තේ නන්දසේන එයාපොට් එක වහන්නේ නැතිව කල් ගත කරපු හින්දා මාස 3ක් ජනතාව දුක් විදපු හැටි ඉගෙනගෙන ලමයි. ඒවගේම මිනුවන්ගොඩ පොකුර ව්යාප්ත වෙද්දි ගම්පහ දිස්ත්‍රික්කේ වහන්නේ නැතුව කල් මරපු හැටි ඉගෙන ගෙන . ගම්පහ කලින්ම වැහුවනම් අද පෑලියගොඩ පොකුරක් නෑ. අපි මේ විදිහට වැඩ කලොත් ගමේ මිනිස්සු අපිව ප්‍රදේශීය සභාවේ සභාපතිවත් කරලයි නතර වෙන්නේ .ඇයි එහෙම වෙන්නේ ? එහෙම වෙන්නේ මෙච්චර විනාශයක් කරලත් පොහොට්ටුවන්ට තුනෙන් දෙකක බලයක් ජනතාව අරන් දීපු හින්දා.මම ඒ කෑල්ල ඉගෙන ගත්තේ ඒකෙන්. 😇

    2) අපිට ප්‍රයෝජනයක් තියන ස්ත්‍රී දූෂකයෙක්/කුඩ්ඩෙක් උනත් කමක් නෑ ගෙදර තියන නීති රීතී ගෑනු,ලමයි ගැන නොබලා අපි ඌව ගෙදරට වද්දගන්න ඔනේ . ඌගෙන් අපිට එන ප්‍රයෝජනය නිමක් නෑ . මම මේක ඉගෙන ගත්තේ බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න තනි මිනිහෙක් වෙනුවෙන් රටක විවස්ථාව වෙනස් කරපු හැටි බලන් ඉදලා.😇

    3) පාරේ යන වාහන වලට යන්න දෙන්න හොද නෑ . කඩලා බිදලා දාන්න ඔනේ. පාරේ ඇණ හයි කරන්න ඔනේ .වාහනයක් ගන්න ඉන්න එකෙක්ටවත් ගන්න දෙන්න හොද නෑ . මම මේක ඉගෙනගත්තේ නන්දසේන ලoකාවට වාහන ගෙන එන එක තහනම් කරපු දවසේ. දියුණු වෙන්න හදන එවුන්ට වාහන ගන්න බැරි කරපු දවසේ. 😇

    4) රස්සා කරන එවුන්ගේ ජොබ් කේලම් කියලා හරි කඩාකප්පල් කරන්න ඔනේ .උන්ව ගෙදර තියන්න ඔනේ . මම මේ පාඩම ඉගෙන ගත්තේ නන්දසේනගේ තීරණ නිසා කොරෝනා ලෙඩ්ඩුවත් හරියට නැති පලාතුත් එක්කම රටම වහලා රස්සාවලින් මිනිස්සුන්ව දොට්ට දාපු දවසේ. 😇

    5) ගෙදරට ගේන ලාබ එලවලු ඔක්කොම නරක් වෙලා යන්න විසි කරන්න ඔනේ .ඒ වෙනුවට අපි ෆුඩ් සිටි එකට පොශ් එකේ ගිහින් වැඩි මිලට එලවලු මිලට ගන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ ආර්තික මද්යස්තාන වල එලවලු විනාශවෙන හැටි බලන් ඉදලා .😇

    6) මොකෙක් හරි පණ අදින එකෙක්ට අපි කැද ටිකක් දුන්නත් ඒ කැද ටිකට නියමිත මිල අපි ඒ පවුලේ අයගෙන් අයකරගන්න ඔනේ . මම ඒක ඉගෙන ගත්තේ ලොක්ඩවුන් කාලේ අපේ ගෙදර ටෙලිෆොන් එක බිල් ගෙව්වේ නෑ කියලා කපපු දවසේ. 😇

    7) හාල් මිල වැඩියි කියලා දැනුනම අපි කඩේ මිනිහට තැපැල් මාර්ගෙන් සහල් මිල අඩු කරන්නයි කියලා ලියුමක් දාන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ හාල් මිලට ගැසට් පිට ගැසට් ගහලත් මිල අඩු නොවුන හැටි බලලයි😇

    8) මමයි මේ වැඩේ කලේ කියලා මොකෙක් හරි පුරසාරම් දොඩනවනම් ඇත්තටම ඒ වැඩේ කරලා තියෙන්නේ ඌ නෙමේ . ඌත් එක්ක එකට වැඩකරලා ඌට බනින එකා. මම ඒක ඉගෙන ගත්තේ නන්දසේන කොරෝනා හමුවේ වැඩකරන හැටි බලන් ඉදලා යුද්දේ ඉවර කලේ ෆොන්සේකමයි කියලා අවබෝධ උන දවසේ. 😇

    9) අපේ ගෙදර බිත්තියක් හරි කෙලින් බාසෙක් බදිනවනම් ඌව ගහලා පන්නලා දාලා බිත්තිය ඇදේට බදින බාසෙක්ව තමයි වැඩට ගන්න ඔනේ . මම ඒ පාඩම ඉගෙන ගත්තේ ලෝකයෙන්ම කොරෝනා පාලනයෙන් 2 වෙන්න උදව් කරපු අනිල් ජාසිoහව පන්නලා වෙන එවුන්ට පාලනය දුන්න දවසේ😇

    10) ගෙදර මිනිස්සු බඩගින්නේ මලත් වැඩිය එලවලුනම් පිටින් ගේන්නේ නෑ.ගෙදර වවාගෙනම කනවා.මෑ වැල තාම මාසයක් උනත් කරන්න දෙයක් නෑ මෑ කොල හරි උයාගෙන කනවා. මම මේ පාඩම ඉගෙන ගත්තේ ලoකාවේ අල බහින්න හත්ගව්වක් තියෙද්දි කහ පිටරටින් ආනයනය කරන එක තහනම් කරපු දවසේ. 😇

    වැඩ කරන අපේ විරුවා.. මව් බිමට පෙමින් සැමදා..
    රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා..

    යෝ යෝ යෝ...............................

    තාලේට තාලේට කැරකිලා බයියනේ ...😘😘😘


    123413465_972996056557631_5153550162241726576_n-jpg.101995


    124196227-3523793824330107-2286304892845076034-o.jpg
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    යුද්දේදී ෆොන්සේකා-ගෝටා දෙන්නා ගැන බලද්දී ෆොන්සේකා, ගෝටා වඩා ගේම ගහලා තියෙන්නේ කියන එක නං දැන් පැහැදිලියි.. කියන තරං යකා කළු නෑ කියලා කියනවා නේ? ඒක හැම දේටම අදාලයි.
     
    • Like
    Reactions: shenat and dxx

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    යුද්දේදී ෆොන්සේකා-ගෝටා දෙන්නා ගැන බලද්දී ෆොන්සේකා, ගෝටා වඩා ගේම ගහලා තියෙන්නේ කියන එක නං දැන් පැහැදිලියි.. කියන තරං යකා කළු නෑ කියලා කියනවා නේ? ඒක හැම දේටම අදාලයි.
    :yes: පව් ෆොන්සේකා...අපිත් කොච්චර මිනිහට බැණලා ඇද්ද බයියන්ගේ ටොම්පච වලට රැවටිලා :oo:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    වැඩ කෙසේ වෙතත් ට්‍රම්‍ප් ගේ කයිය හරි තියෙනව..අපේ ඵකාගෙ ඵහෙමවත් නෑ..දැන් බදදාට අැවිත් මොනා කියවයිද දන්නෑ..😁😁
     
    • Haha
    Reactions: sniper21

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    :yes: පව් ෆොන්සේකා...අපිත් කොච්චර මිනිහට බැණලා ඇද්ද බයියන්ගේ ටොම්පච වලට රැවටිලා :oo:
    ෆොන්සේකා ගිය අවුරුද්දේ අප්‍රේල් වලම කිවුවා මේ මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න ඕන නං, දැන්ම පටන් ගත්තත් තව අවුරුදු 2ක් වගේ යනවා කියලා. ඉතින් දැන් අවුරුදු 2ක් වෙන්න ඇවිල්ලත් තාම විසඳුමක් නෑ නේ? මොකද කිසි කෙනෙක් මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරන්න කිසිම කිසි දෙයක් කලේ නෑ නේ? ෆොන්සේකා කියන්නේ දේශපාලනයට කිසිම සුදුසුකමක් නැති මනුස්සයෙක් විදිහට මම දකින්නේ. නමුත් ෆොන්සේකා හොඳ සොල්දාදුවෙක් කියලා මම හිතනවා.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වැඩ කෙසේ වෙතත් ට්‍රම්‍ප් ගේ කයිය හරි තියෙනව..අපේ ඵකාගෙ ඵහෙමවත් නෑ..දැන් බදදාට අැවිත් මොනා කියවයිද දන්නෑ..😁😁
    :cautious: