නන්දිමිත්ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&
නන්දිමිත්ර ගැමුණු කුමරු රජකමින් පහකිරීමට තැත්කිරීම
අපට නැවතත් සරත් ෆොන්සේකා මහතා ගැන ලිවීමට සිදු වී ඇත. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති ප්රභාකරන්ගේ මස්සිනාලාගේ පෙරමුණේ ඊනියා පොදු අපේක්ෂකයා ලෙස ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම ඒ පෙරමුණේ ඇතැමුන්ගේ දැනට ඇති වුවමනාව බව පැහැදිලිය. එයට ජවිපෙ හා දෙමළ ජාතික සංධානය ඇතුළත් කර ගැනීමට ද ෆොන්සේකා මහතා පිහිටුවන සිහින ආණ්ඩුවක ඒ පක්ෂ දෙකේ කිහිප දෙනකුට ඇමැතිකම් දීමට ද වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙය.s ඒ අතර එම ආණ්ඩුවේ (විධායක) අගමැතිකම තමාට හිමිවිය යුතු යෑයි ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර ඇතැයි ද කියති.
ජවිපෙ තවමත් ප්‍රසිද්ධ දේශපාලනයෙහි පොදු අපේක්ෂකයකු ගැන කතා කරයි. ඒ සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ද ඒ පක්ෂය කියයි. ජවිපෙ එමගින් කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් ඒ පක්ෂය පොදු අපේක්ෂකයකු ගැන කතා කළ පළමු අවස්ථාව මෙය නොවන බව කාහටත් වඩා හොඳින් ජනාධිපතිතුමා හා පරිසර සංරක්ෂණය පිළිබඳ කටයුතු කරන ඇමැතිවරයා දනී. ඔවුන්ට ඒ පිළිබඳ ඇත්තේ දෙපැත්තක සිට ලැබූ අත්දැකීම් බව ද අමතක නොකළ යුතුය. එමෙන්ම පොදු අපේක්ෂකයකු ගැන ජවිපෙ ඉතිහාසයේ කටයුතු කර ඇති ආකාරයෙන් නම් පෙනී යන්නේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට අවසානයේදී ඒ පක්ෂය ක්‍රියාත්මක වී ඇති බව ය.
රනිල් වික්‍රමසිංහ මහතාට අනුව දෙමළ ජාතික සංධානය සරත් ෆොන්සේකා මහතා දෙමළ ප්රශ්නය පිළිබඳ දරන මතයට එකඟ විය යුතුය. සරත් ෆොන්සේකා මහතාට අනුව මේ රට සිංහලයන්ගේ රටය. අපට ඇති ප්රශ්නය සරත් ෆොන්සේකා මහතාගේ මතයට දෙමළ ජාතික සංධානය එකඟවන්නේ ද නැත් ද යන්න නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ මතය සමඟ එකඟ වන්නේ ද? තමා අගමැති වීමට බලාපොරොත්තු වන ආණ්ඩුවේ ජනාධිපතිවරයා බවට පත්කිරීමට යන තැනැත්තාගේ ප්‍රතිපත්ති සමඟ වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ ද?
පොදු අපේක්ෂකයා යම් අයුරකින් විධායක ජනාධිපති වුවහොත් (ඒ සඳහා විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවාට එයට ඇති සම්භාවිතාවවත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ) හා ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට තීරණය කළහොත් හෝ එයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ යෑයි සිතන ආණ්ඩුවට නොලැබුණහොත් ඒ මහතා කුමක් කරන්නේ ද? විධායක ජනාධිපතිවරයකු යටතේ අගමැතිකමක් කරන්නට වික්‍රමසිංහ මහතා සූදානම් ද?
එජාප ප්රමුඛ ප්රභාකරන්ගේ මස්සිනාලාගේ සංධානය ජවිපෙ ඇතිව හෝ නැතිව හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් එහිදී මුලින්ම ඇත්තේ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි බවට ඇති සහතිකය. මස්සිනාලාගේ සංධානයට රනිල් වික්‍රමසිංහ මහතා හෝ මහා වැඩකාරයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන එස්. බී. දිසානායක මහතා හෝ වෙනත් කිසිවකු හෝ ඉදිරිපත් කර ජයගත හැකිය යන බලාපොරොත්තුව වත් ඇති කර ගැනීමට හැකි නම් ඔවුන් කිසි දිනෙක ඊනියා පොදු අපේක්ෂකයකු ගැන කතා නොකරනු ඇත. පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේම ඔහුට ජයගත නොහැකි බැවිනි.
සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් එයට හේතුව ඔහුට ජයගත හැකිවීම නොව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට විජාතික බලවේගවලට හැකිවීම.

uba NGO gana dannawa wage