නන්දි වෙළෙන්දා මැරීමට යෑවූ පිල්ලිය ආපසු ව
නන්දි වෙළෙන්දා මැරීමට යෑවූ පිල්ලිය
ආපසු විත් ඇමැතිතුමා හා ඇදුරා මරයි
පිල්ලි යෑවීම ගැන පැරැණි සිංහල සාහිත්‍යයේ එන සත්‍ය කතාවකි.
පිල්ලි යෑවීම අතීත ලංකාවේ වූ බිහිසුණු යන්ත්‍ර මන්ත්‍ර හදිහූනියම් ක්‍රමයකි. අනුරාධපුර මුල් යුගයේ සිට ලංකාවේ පිල්ලි යෑවීම තිබූ බව මේ කතාවෙන් පෙනෙයි. පිල්ලි යෑවීමේදී තුන් කුළුඳුල් ලෙස ඉපදී මියගිය අයකුගේ සිරුර සොහොනින් ගොඩගෙන මන්ත්‍ර පුරවා උදරය පලා ඖෂධ දමා වියළා තබාගෙන යන්ත්‍ර මන්ත්‍ර පූජා මගින් ඒ වියළි මළ සිරුරට යක්‌ෂයකු ආරූඪ කරවා යක්‌ෂයා මගින් සතුරන් වනසාලීම පිල්ලි යෑවීම "නම් වෙයි. මෙහිදී විස්‌තර වන කතාව අනුරාධපුර මුල් කල සිදුවූවකි. ඒ සිද්ධිය වූ රජුගේ නම කතාවේ සඳහන් නැත. "නන්දිවාණිජ වස්‌තුව" කතාවේ නමයි. මේ කතාව මුලින්ම එන්නේ පාලි සහස්‌සවත්ථුප්‍රකරණයේය. "සහස්‌සවත්ථුප්‍රකරණය" ලංකාවේ අප්‍රකට තිබී සොයා මුද්‍රණය කරවූයේ පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමිය. ඉන්පසු මේ කතාව දඹදෙණි කල ලියෑවුණු "පාලි රසවාහිනී" ග්‍රන්ථයේ දැකිය හැක. ගම්පොල කල රසවාහිනී පාලි ග්‍රන්ථය "සද්ධර්මාලංකාරය" නමින් සිංහලට පරිවර්තනය විය. මෙම කතාව සද්ධර්මාලංකාරයේ නන්දිරාජ කාණ්‌ඩයේ නන්දිවාණිජ වස්‌තුව ලෙස එයි. සෙංකඩගල යුගයේ දී මේ කතාව පසුකල "නන්දිය වෙළඳ වත" යනුවෙන් කවියට නඟා ලියවී ඇත. අනුරාධපුර කල පැවති අභිචාර විධික්‍රමයක් වූ මළ මිනී සොහොනින් ගොඩගෙන මළ සිරුරට යන්ත්‍ර මන්ත්‍ර මගින් පණ දී එයට යකෙකු ආරූඪ කර සතුරන් මැරීමට යෑවූ හැටි මේ කතාවෙන් කියවෙයි.
සෙංකඩගල කල වන විට දකුණු ඉන්දියාවේ මලයාලි යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම අනුව මීට වඩා දරුණු අයුරින් ලංකාවේ පිල්ලි යෑවීම සිදු වී ඇත. මලයාලි පිල්ලි ක්‍රම අනුව පිල්ලි යෑවීමේ ක්‍රම ලංකාවේ පැවති ක්‍රමයට වඩා ඉතා දරුණු වෙයි. ඒ මගින් ගැබිනි මව මන්ත්‍ර බලයෙන් නිවසෙන් එළියට ගෙන දරු ගැබ උපද්දා ඒ මරා පිල්ලිය යෑවෙයි. වෙනත් රටවල ද මෙවැනි දරුණු ක්‍රම භාවිත වෙයි. සෙලිබීස් දූපත්වල මියගිය අයගේ සිරුරු ගොඩගෙන මන්ත්‍ර බලයෙන් ඒවාට පණ ලබාදී කෙසෙල් වතුවල වැඩට "සොම්බී" නමින් යොදවා ඇත. සොම්බී අතපය නොසොල්වා ඇසිපිය නොහෙලා ගමන් කරයි.
සද්ධර්මාලංකාරයේ එන නන්දිවාණිජ කතාව දැන් බලමු. එදා අනුරාධපුර ලංකාවේ අගනුවර විය. එහි රජ කළ එක් රජකු කල මේ කතා පුවත සිදුවිය. රජුගේ නම කතාවේ නොඑයි. අනුරාධපුර කල ලංකාවේ ප්‍රධානම වරාය මන්නාරම හෙවත් "මාතොට" විය. මාතොට - මාවටුතොට - මහාතිත්ථ - එම වරායට යෙදුණු නම්ය. මෙම වරායේ පාලනය එදා රජු විසින් තමා යටතේ වෙනම පාලකයකුට පැවරීම සිරිත විය. ඒ පදවිය "මාවටුලද්දන්" නම් විය. එහි මහතොටට යන එන වෙළෙඳුන් හා නැව් වෙනුවෙන් රජු වෙනුවෙන් අය බදු ගැනීම තොටුපළේ පාලනය ආරවුල් විසඳීම ඔහුට බාර විය. රජු විසින් "ශිව" නම් ඇමැතියකු මහතොට පාලනය බාරව පත් කළේය. අලුතින් පත්වූ ශිව ඇමැති පිළිගැනීමට මාවටුතොට විශාල පිළිගැනීමේ උත්සවයක් විය. නැව්තොට හා එයට අයත් ප්‍රදේශයේ සෙනඟ එහි රැස් වූ අතර ශිව ඇමැති වීදි දිගේ ඇතු පිටින් සංචාරය කරන්නට විය. එහිදී ඔහුගේ නෙත ගැටුණේ සිටුමැඳුරු කවුළුවක ඉහළ සිටින තරුණ රූමත් සිටුකුමරියකි. ඇගේ සැමියා "නන්දි" නම් වෙළෙන්දෙකි. ඔහු ලංකාවේ සිට වෙළෙඳ නැව්වල බඩු පුරවා ගෙන පිටරට වෙළෙ¹මේ යෙදෙන ධනවත් වෙළෙන්දෙකු විය. එක් වෙළෙඳ ගමනක් ගොස් ආපසු එන විට අවුරුදු ගණනක් ගත විය. නන්දි වෙළෙන්දා මෙවර විදේශගත වී අවුරුදු තුනක් ගත වී ඇත.
රූමත් තරුණ සිටුකුමරිය දුටු ශිව ඇමැති ඇගේ තොරතුරු විමසා දැන ගත්තේය. ඇගේ සිත දිනා ගැනීමට ශිව ඇමැති දාසියක් අත කහවණු දහසක් යෑවීය. කහවනු දහස ඉවතලූ රූමත් සිටුකුමරිය ශරීරය පිළිබඳ අනිත්‍යතාව සිරුර ජරාවට පිළිකුලට පත්වීම පිළිබඳව දාසියට කරුණු පැහැදිලි කරදී එව්වාය. ශිව ඇමැති දෙවැනි වර කහවනු දෙදාහක් දී දාසිය සිටුකුමාරිය වෙත යෑවීය. එහිදී ඇය රූපයේ අනිත්‍ය බව වයසට ජරාවට පිළිකුලට ශරීරය පවත්වන හැටි පැහැදිලි කරමින් බණක් දාසියට කියා දුන්නාය. ශිව එතැනින් නතර වූයේ නැත. ඔහු තුන්වැනි වරට මසුරන් හාරදහසක් දී දාසිය සිටුකුමරියගේ සිත දිනා ගැනීමට යෑව්වේය. ශිව ඇමැතිගේ නිරන්තර කරදරයෙන් කිපුණු සිටුකුමරිය තුන්වැනිවර දාසියට තදින් දොස් නඟා බැණ වැදුණාය.
රූමත් තරුණ සිටුකුමරිය කෙසේ හෝ ලබාගැනීම ශිව ඇමැතිගේ එකම බලාපොරොත්තුව විය. මෙවර ඔහු යොදා ගත්තේ ඉතා දක්‍ෂ මන්ත්‍රකරුවෙකි. පිල්ලියක් යවා මුහුදේ යන නන්දි වෙළෙන්දා මරා දමා ඉන්පසු සිටුකුමරිය ලබාගැනීම ශිවගේ අරමුණ විය. ඒ අනුව මන්ත්‍රකරු මාවටුතොට ප්‍රධාන සුසාන භූමියට ගොස් අලුත් සොහොන් වළක් හාරා එහි දිගා වී පස් හාරා ඉවත් කොට මන්ත්‍ර මතුරන්නට විය. එක දිගට පැය ගණනක් ඔහු මන්ත්‍ර මතුරමින් ජප කිරීමට විය. පැය ගණනාවකට පසු මළ සිරුරට මන්ත්‍ර බලය නිසා යක්‌ෂයකු ආරූඪ විය. මළ සිරුරට යක්‌ෂයා ආරූඪ වීමත් සමඟ මළසිරුර ප්‍රාණය ලැබී හූ හඬ තබමින් දැඟලීමට විය. ඉන්පසු මන්ත්‍රකරු යක්‌ෂාරූඪ වූ පිල්ලිය අතට කඩුවක් දී මුහුදේ යාත්‍රාවක යන නන්දි වෙළෙන්දා මැරීමට උපදෙස් දී පිල්ලිය යෑවීය. මන්ත්‍රකරු අසලම ශිව ඇමැති විය. කටින් ගින්දර පිඹිමින් ගිනි කඳු විසුරුවමින් මුහුදු දිය දෙබෑ කරමින් පිල්ලිය මුහුදේ යාත්‍රා කරන නන්දි වෙළෙන්දා දෙසට ළංවන්නට විය. තමා විනාශ කිරීමට පිල්ලියක් එන බව අවබෝධ කරගත් නන්දි වෙළෙන්දා බුදුගුණ සිහිකිරීමට විය. බුදුගුණ සිහිකරමින් යන නන්දි වෙළෙන්දා ළඟට ළංවීමට නොහැකිව පිල්ලිය ආපසු මාවටුගොඩ ඇදුරා වෙත ආවේය. මන්ත්‍රකරු දෙවැනි වරටත් මන්ත්‍ර ජීවම් කොට මළ සිරුරට ආරූඪ වූ යක්‌ෂයා කඩුව සමඟ නන්දි වෙළෙන්දා මැරීමට දුටු දුටු අය සිත් බිය වද්දමින් නන්දි වෙළෙන්දා යන නැව වෙත යෑව්වේය. දෙවැනි වරටත් තමා වෙත එන පිsල්ලිය දුටු නන්දි නැවතත් තමන්ට බුදුගුණ මිස වෙන සරණක් නැති බව දැන බුදුගුණ මෙනෙහි කොට සත්‍ය ක්‍රියා කරන්නට විය. බුදුගුණ නිසා නැවට ළංවීමට බැරිව කිපුණු පිල්ලිය නැවතත් මන්ත්‍රකරු හා ඇමැති සොයා මාවටුතොටට ආවේය. මන්ත්‍රකරු තදින් කිපුණේය. දරුණු ලෙස යළිත් ජීවම් කළ ඔහු පිල්ලිය තුන්වැනි වරටත් නන්දි වෙළෙන්දා යන නැව වෙත හැරියේය. පෙරට වඩා රෞද්‍ර ලෙස තමා වෙත එන පිල්ලිය දුටු වෙළෙන්දා තුන්වැනි වරටත් බුදුගුණ සිහිකරමින් සත්‍ය ක්‍රියා කරන්නට විය. තුන් වැනි වර නැවට ළංවීමට බැරිව පිල්ලිය වඩාත් කිපී පළිගැනීමේ අදහසින් මන්ත්‍රකරු හා ශිව ඇමැති සොයා ආපසු ආවේය. තමාගේ උත්සාහය අන්තිම වරටත් ජය ගැනීමට අදහස් කළ මන්ත්‍රකරු දරුණු ලෙස මන්ත්‍ර ජීවම් කොට හතර වැනි වරටත් පිල්ලිය නැව වෙත යෑව්වේය. තමාට ඇති එකම ගැලවීම බුද්ධ බලය හා රත්නත්‍රය පිහිට බව දැන නන්දි අවසාන වරට බුදුගුණ මෙනෙහි කොට සත්‍ය ක්‍රියා කරන්නට විය. කඩුව රැගත් පිල්ලිය දරුණු ලෙස කිපී මන්ත්‍රකරු හා ශිව ඇමැති සොයා මාවටුගොඩ සොහොනට ආවේය. මෙවර පිල්ලියෙන් බේරීමට මන්ත්‍රකරුට හැකියාවක් ලැබුණේ නැත. බුදුගුණ මෙනෙහි කොට හතර වරක් මරණින් ගැලවී නන්දි වෙළෙන්දා මැරීමට බැරි වූ පාඩුව යක්‌ෂාරූඪ වූ පිල්ලිය තම කඩුවෙන්ම සොහොන් බිමේදී ම මන්ත්‍ර ඇදුරා හා ශිව ඇමැති ලේ විලක් මැද කපා මරා අතුරුදන් විය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන
Divaina.com

Anunge ganu horakam karanna zombies la yawanawa itapasse kela unama budu hamuduruwo 