නන්දුට රෙස්ට් - Nandu Rest

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කවදත් අපූරු අදහසක් ගෙනෙන ඔබ මෙවර වඩාත් නිර්ධන සමාජ පැලැන්තිය ගැන අපූරු අදහසක් අරන් ඇවිත්. අදහසත් පද පෙලත් අපූරුයි මිත්‍රයා.
බොහෝම ස්තුතියි කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.

ඇත්තෙන්ම මෙ නවීකරණයේ ප්‍රථිපල දුටු දා ම මං ග්‍රහණ‍ය කර ගත් මාතෘකාවක් විය, එය එලි දැක්වීමට අදහස් කලේ දැන හෝ නොදැන ඇවිත් මොනතරම් පිරිසක් වචන කරන්න බැරිතරම් දුකක් විඳිනවාද කියන්න ගෙනහැර දක්වන්න.

අදහස ඉදිරිපත් කරන්න ලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය විය, ඔබේ ප්‍රතිචාර්යය ලොකු සෑහීමක් ගෙන දුන්නා. බොහෝම ස්තුතියි සොයුර.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
hamadama wage kawuruth nosithna pathikadak gana liyala. Kochchara lassanada? Jeevithaya gewanna kunu ekathu karana aya hama udema dakina mata me gana harima sanvedi vidiyata thamai huthune. Aththata diunu wena loke, thawa paththaka duka.Mehema thamai hama dema visadenne. Kenek bada purawa gannawa, anika hullanawa kanna nathiwa. Depaththama obata apuruwata hithata avith. obata Jaya!
Bohoma sthuthiy sis obe egayeema haa satahanata.

Obatat jaya patami
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මම හිතන විදියට ඔබ මෙය දකින්නට ඇත්තේ මැදපෙරදිග වෙන්න ඕනේ.....

රටක් දියුණු වෙද්දී, අලුත් අලුත් ක්‍රමවේදයන් තුලින් නවමු මගට පිවිසෙද්දී නොදැනුවත්වම තව කී දෙනෙක් ගේ ජීවන මාර්ග ඇහැරෙනවද ....

අපි නොදැක්ක...නොසිතුව තවත් සමාජ්යේ එක පැත්තක් ඔබේ වචනවලින් අපිටම.....ස්තුතියි බොහෝම සහෝ....

ඔබේ මෙහෙවරට මගේ සුබ පැතුම්....
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.

පලමුව මා ඔබට තුති කරනවා පොඩි වරදක් හදාගන්න උපකාර කිරීම ගැන, ඔබ හරි මෙය මැදපෙරදිග අග නගරයක මුල් කරගත් මාතෘකාවකි.

කතාවස්තුව ඉවතලන කුණු කසල ආදායම් මාර්ගයක් කරගන්න අසරණයින් ගැන වුනත් විවිධ අරමුණු උදෙසා මිනිසුන් මොනතරම් කැපවීමක් දුෂ්කර ක්‍රියා කරනවාද යන්න ගෙනහැර දක්වන්න උපයෝගී කරගත්තා.

මේ වන විට මැදපෙරදිග රටවල් ගන්න යම් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් අනුව නුදුරු කාලයකදීම මෙ පලාත්වල ඇති රැකියා අවස්ථා හිඳී යන්න පුලුවනි. මෙය විශේෂයෙන් අපේ රටට බලපාවි, දනට ලාංකිකයින් දස ලක්ෂයකට වඩා මැදපෙරදිග රකියාවල යෙදි ඉන්න බව වාර්තාවේ.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරි පුදුම අදහස් ඔයාටත් එන්නෙ.

ඇත්තටම සමාජයේ යම් පැතිකඩක් අපූරැ නිර්මාණයකට කැටි කර තියෙනවා.

තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙනද වගේම හරිම අපූරු නිර්මාණයක් සහෝ..

සංවර්ධනයේ නොදකින අඳුරු පැතිකඩ...
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
sanwardhana kriyaawaliya ossei mei wagei dheiwal wenawa, eth prashne thiyenne podi podi rassa karagena edaaweila hoyagaththu minussunta yana ena man nathi wenawa mei dheiwal walin ... lassana mathrukwak , magen suba pathum ....
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා සටහනට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඇත්ත අපි උදේ ඉඳන් රෑ වෙනකම් මිනිස්සු දුක් විඳින හැටි දකිනව තමයි..
ඒත් දුක කියන එක සාපේක්ෂයි..
එළියෙ ඉඳන් අපි දිහා බැලුවත් අපි සමාජෙ මොන ජොබ් එක කළත් අපිත් විඳින්නෙ පට්ට දුකක් තමයි,අපි ඒ දුක තව දෙයක් එක්ක සසඳලා සැපක් කියල සතුටු වෙනව...
සසර දුක නොවැ මේ විඳින්නෙ...
කවිය එළකිරි කිව්වා :)
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීමට.

ඉතා වටිනා අදහසක් එක් කර තියෙනවා, ඇත්ත අපි කවුරුත් වෙනස් පරාසයන් තුල දුක් විඳිනවා ...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මේක කියෙව්වම අමරසිරි පීරිස් මහත්තයගේ සිංහල සිංදුවක් මතක් වුනා
පාලමක් හැදුනාම ඔරු කරුවට දැනුණ දේ

කවුරුවත් නෑ
කවුරුවත් නෑ
එගොඩට යන්නට
මෙගොඩට එන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ
ඔහෙ තිබුණාවේ.......
බොහෝම ස්තුතියි සොයුර ඔබේ වටිනා ඇගයීම.
ලස්සන පදවැල.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ආසියාතික රටවල හා ඔබ කිව් පරිදි මැද පෙරදිග ඔය තත්වය බහුලව පෙනෙන්න හා දැනෙන්න තිබුනත් බටහිර රටවල ඔය තත්වය හාත්පසින්ම වෙනස්නේ...

අර කියපු සංවර්ධිත සැලසුම් ක්‍රියාවලියට අනුව බටහිර රටවල අති නවීන තාක්ෂණයට අනුවනේ ඔය කුණු ටික වුනත් එකතු කරගෙන යන්නේ..

ඉඳලා හිටලා මෙහෙත් (කැනඩාවෙත්) කුණු බක්කි අවුස්සන පිරිස් ඉන්නවා..කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ.. ඇයි ඔතරම් දියුණු රටකත් එහෙම කරන්නේ කියලා..

එතැන කුණු අවුස්සන හා එයින් ලබාගන්න වෙහෙසෙන අරමූණ අපේ පීඩිත ජනතාවට සාපේක්ෂව අහසට පොලොව වගේ වෙනස්...

නමුත් පීඩිත පංතිය මෙහෙත් නැතුවා නොවෙයි...හැබැයි විරැකියාවෙන් යුතු ඔවුනට ජීවත් වෙන්න ඇවැසි මුදල් ප්‍රමාණයක් රජයෙන් මාස් පතා ලැබෙනවා. ඒකට සැලසුම් රජයෙන් ලබා දීලා තියෙනවා..

මෙහේ මහල් නිවාසයක පිටත තබා ඇති කුණු container එකකට බැහැගෙන හොයන්නේ beer cans..ඕක කරන්නේ හිඟමනට හෝ නැති බැරි කමටම නෙවෙයි..ඔය කියන beer can එකකට මෙහේ penny10 ක් ලැබෙනවා(හරියට ශත 10ක් වගේ)..ඉතින් ඔය කියන කුණු container එකකින් ගොඩාරියක් beer cans අහුල ගන්න පුලුවන්..ඕක ගෙනිහින් beer store එකට දීලා ඒ ලැබෙන සල්ලිවලින් එතැනින්ම මොනවා හරි ගන්නවා බොන්න....

අන්න එතැනයි වෙනස.. ආසියාකරයේ (අපේ රටත් ඇතුලුව) ඔය කුණු බක්කි ඇහිඳිම කරන්නේ තමන්ගේ දරු පවුලගේ බඩ වියත රැක දෙන්න . මෙහේ වෙන්නේ උදේ ඉඳන් නින්දට යනකන් තමන්ට හොඳටම බීලා වෙරි වෙන්න...අන්න එතැනයි වෙනස. මේ මිනිස් සමාජ දෙක හා එහි පවතින පාලන ක්‍රමවේදයන්ට අනුව තමයි අවසාන ප්‍රතිඵලය වෙනස් වෙලා තියෙන්නේ...

අපේ පංතියේ එවුන් ගැන බිඳක් නිර්මානයෙන් එලි දක්වා ජනතාව දැනුවත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය...

ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?? අපි කොහොමද දියුණු රටවල තත්වයට මෙය වෙනස් කර ගන්නේ හා එතැනට ලඟා වීමට සංවර්ධන සැලසුම් ගොඩ නගන්නේ??...එසේ නම් කුමන සාමාජීය හා දේශපාලන ක්‍රමයක් අප අනුගමනය කල යුතුද?? කුමන නායකත්වයකින් ඔය ඇති නැති පරතරයට ලඟම විසඳුම් ලබා ගත හැකිද?? එයට කෙතරම් කාලයක් අප තව බලා සිටිය යුතුද??

ඔය ඉහත කී කරුණු නුවණැසින් විමසා බලන්න කියා මේ නිර්මානය තුලින් කෙලින්ම අපේ හදවත්වලට බල කර තිබෙනවා......

ඔබට ජය....

බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා එක්කල දිග සටහනට.

රටක නවීන දියුණුතාවය කුමක් වුනත් කුණු බක්කි අවුස්සන අය නැතිවා නොවේ. මෙතැන විශේෂය එකී කාරණයම රක්ෂාවක් කර ඒසඳහාම මිනිසුන් ගෙන ඒම.

2000 වසර මුලදී මැදපෙරදිග රැකියාවේ නියුතු ලාංකිකයින් ගනන ලක්ෂ 5ක් පමණය, පසුගිය කලෙක පලවූ වාර්තාවක් අනුව ලක්ෂ 8ක් විය. ඒත් මෑතක පලවූ වාර්තාවක් එය දස ලක්ෂය ඉක්මවන බව කියයි.


මේ වන විට මැදපෙරදිග රටවල් ගන්න යම් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් අනුව නුදුරු කාලයකදීම මෙ පලාත්වල ඇති රැකියා අවස්ථා හිඳී යන්න පුලුවනි. මෙය විශේෂයෙන් අපේ රටට බලපාවි බලවත් සේ. මෙකී අයෙකු මත සාමාන්‍යයෙන් යැපෙන හතර දෙනෙකු වේ නම් කෙලින්ම ලක්ෂ 40 කට බලපානවා නේද?

ඒත් අපේ වගකිවයුතු අය කිසිම උනන්දුවක් දක්වන බව නම් පේන්නෙ නැහැ...