නම් තියන්නේ කොහොමද? 3

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නම් තියන්නේ කොහොමද? 3

    ජ්‍යොතිෂ විෂයට ඇලුම් කරන අයවලුන් සඳහා පමණි....

    ඔන්න අපි පලවෙනි ලිපි දෙකෙන් දරුවට නමක් තියන්න අකුරක් තෝරාගන්න අවශ්‍ය මුලික දේවල් ගැන කතා කළා. ඒ ටික බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න 1 ලිපිය . 2 ලිපිය. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ තෝරාගත් අකුර දරුවාගේ පියාට බලපාන්නේ කොහොමද කියලා.

    tumblr_inline_njm65kmbui1rn0ua9.jpg


    මම ඊයේ කිව්වනේ මේක බොහෝ ජ්‍යොතිර්වේදීන් පවා අවතීර්ණ නොවෙන පියවරක්. නමුත් අපි වැඩේ හරියටම කරමු. අපි මේකෙදි පාවිච්චි කරන්නේ සිද්ධි චක්‍රය කියලා එකක්. මේ පහතින් තියෙන්නේ අන්න ඒක.

    siddi.jpg


    දැන් අපි බලමු මේක භාවිතා කරන විදිහ අපි හිතමුකෝ අපි දරුවට තෝරගත්ත අකුර "න"යන්න කියලා තාත්තගේ නම පද්මසිරි කියලත් දැන් අපි ඉස්සෙල්ලම හොයාගන්නවා තාත්තගේ නම පටන් ගන්න කොටුව ඔයාලට පේනවනේ "ප"යන්න තියෙන්නේ පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ අපි දැන් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට ප්‍රධාන කොටස් ගැනගෙන යනවා සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා . එතකොට අපිට පේනවා නයන්න තියන්නේ 04වෙනි එහෙමත් නැත්තන් අරි කියන ප්‍රධාන කොටුවේ.

    ඊළඟට මේ හතරවන කොටුවේ "ප" යන්න තියන කොටුවට සමාන කොටුව තෝරාගන්නවා "ප"යන්න තියෙන්නේ පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ නිසා අපි ගන්නවා හතරවෙනි කොටසේ දෙවෙනි කොටුව. එතන ඉඳලත් අර ඉස්සෙල්ලා වගේ සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා ගැනගෙන යන්න. එතකොටත් එන්නේ අරි කියන එකමයි දැන් පහත ප්‍රතිපල අනුව අකුර ගැලපෙනවද බලන්න.

    s6loUbd.jpg


    අපි තවත් උදාහරණයක් බලමු.

    පියාගේ නම ආරියපාල දරුවට නම තියන්න "ල" අකුර සුබද කියලා බලමු.
    පියාගේ නමේ මුල් අකුර තියන ප්‍රධාන කොටුව 02වැන්න "ල"යන්න තියෙන්නේ 04 වැන්නේ. ගැනගෙන යනකොට "ල"යන්න තියෙන්නේ සුසිද්ධ කියන කොටුවේ. කුඩා කොටු වල පළමු වැන්නේ "ආ" අකුර තියෙන්නේ "ල"යන්න තියන්නේ තුන්වන්නේ නැවතත් ගැනගෙන යනකොට සුසිද්ධ කියන තැන නතර වෙනවා. ඒ අනුව ප්‍රතිපලය සුසිද්ධ සුසිද්ධ. ඒ අනුව ල අකුරෙන් දරුවාට නමක් දැමීම ඉතා සුභයි. මෙහිදී "ල"යන්නේ සියලු ප්‍රබේධ (ල, ලා, ලෑ, ලැ, ලෙ, ලේ.. ආකාරයෙන්) සුභය

    අකුර තෝරගත්ත අපි මීළඟට දරුවාට ගැලපෙන ඝන පිහිටන විදිහට නම සකස් කරගන්න ඕන.. එක ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.. එතෙක් ජය ශ්‍රී.......


    ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න
    0755004166
    බ්ලොග් ලින්ක් එක
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Wiyaparayakata danawa nam piyage name 1 widihata karana kenage mul name 1 da ganne etthatama watinawa jaya wewa
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඕවා ඉගෙන ගන්න වෙලාවක් නැහැ බන්! උඹට සල්ලි දීලා නමක් හදව ගන්න එක ලේසී
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕවා ඉගෙන ගන්න වෙලාවක් නැහැ බන්! උඹට සල්ලි දීලා නමක් හදව ගන්න එක ලේසී

    වෙන එකෙක්ට කියලා කරගත්තත් ඌ තමන්ව ඇන්දුවද කියලා දැනගන්න පුළුවන්නේ බන්...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නැකැත් රාල;18517686 said:
    ස්තුතියි සහෝ...

    mn me bump ekak damme e wele hadisi wadaka hitiya hinda :P
    nattn aiyage bada gana warnanawakuth denawa :rofl:
    EK ekema mage yaluwekuth awa eye pereda aiya lawwa kendarayak balwa gnna.
    aiya nm match ekata awane itn.e hinda mn dannwa dakkoth :D