" නම මොකටද ? පාරෙදි දැක්කොත් හිනා වෙලා කථා ක

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    " නම මොකටද ? පාරෙදි දැක්කොත් හිනා වෙලා කථා ක

    " නම මොකටද ? පාරෙදි දැක්කොත් හිනා වෙලා කථා කරන්න..පුලුවන්නම් තව කෙනෙකුට මේක කියන්න..‘‘ - ප්‍රාඩෝ එකෙන් බැහලා ඇවිත් ලොකු සීන් දාපු කතකට ගල්කිස්ස පොලීසියේ උතුම් නිළධාරියෙකු ඉගැන්වූ පාඩම



    සාමන්‍යයෙන් හොඳ දේවල් වලට වඩා නරක දේවල් ඉක්මනින් පැතිරෙනවා. හැමෝම කතාවෙනවා.ඒක තමයි ලෝක ධර්මතාවය.ලංකාවේ පොලීසියටයි මේ ධර්මතාවය අදාළයි.අපේ පොලිස් මහත්වරු ගැන අපේ රටේ මිනිසුන්ට තියෙන්නේ නම් එතරම් හොඳ ආකල්පයක් නෙමෙයි.බහුතරයක් නිළධාරීන් අවංකව තම රාජකාරිය ඉටු කළත් සමහරුන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා බොහෝ විට සමස්ථ පොලීසියේම කීර්තිනාමය පලුදු වෙනවා...
    මේ කියන්න යන්නෙත් අවංකව තම රාජකාරිය කරපු උතුම් පොලිස් නිළධාරියෙක් ගැන.කතාවේ හැටියට නම් මේ ගල්කිස්ස පොලීසියේ තරුණ නිළධාරි මහත්මයෙක් මොහු ගැන ෆේස්බුක් සමාජ ජාලයේ පළ කරලා තිබුණු සටහනක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා.ගල්කිස්ස පොලීසියේ ඒ තරැණ නිලධාරී මහත්මයාට කරන ගෞරවයක් ලෙස මේ විදියට අකුරු කරපු බව මේ සටහනේ අයිතිකරු කියලා තිබුණා..නෙත් ගොසිප් අප එම සටහන එලෙසින්ම ඔබ වෙත ගෙන එන්නට සිතුවා..
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    වෙලාව පාන්දර දෙක පහු උන ගමන්. අපි හතර දෙනාගන් දෙන්නෙක්ම හොදට සප්පායම් වෙලා. පාර්ටිය පටන් ගත්තේ දහයට විතර. පාර්ටියේ තරම හිතා ගමුකෝ. කැස්බෑව කලර් ලයිට් එක ගාව .
    " අප්පට සිරි පොලීසියෙන් "
    කියවුනා විතරයි කෑලි තුනේ ටෝච් එක අපේ කාර් එකට.
    " මහත්තුරැ බැහැලා ආවනන් පොඩ්ඩක් "
    තරැණ පොලිස් රාළහාමිගෙන් ඇරයුමක්.
    " මොකෝ දුර ගියේ නවත්තන්න ? බීලද ? "
    " අනේ නෑ. අපි නන් බීලා නෑ ඇතුළේ උන් දෙන්නට ටිකක් වැඩියි . "අපි ඇත්තම කිවුවා.
    තරැණ නිලධාරි මහත්මයා අපෙන් විස්තර අහන අතරේ පාරේ යන අනෙක් වාහන පිළිබදව හොඳ විමසිල්ලෙන්.
    බණ්ඩාරගම පැත්තෙන් විදුලි වේගයෙන් ආපු කඵ පාට ප්‍රාඩෝ රථයට ඔහු අත දැම්මේ දෙසරයක් හිතන් නැතුව.
    අප්පට සිරි හයි ක්ලාස් ඇන්ටි කෙනෙක්. කොල්ලෝ සෙට් එකක්ම ප්‍රාඩෝ එක ඇතුලේ.
    රාළහාමි වාහනේ ගාවට ගිහින් පොඩි කථාවක්. රියදුරැ අසුනේ ඉදපු කාන්තාව කලබලෙන් මොනවද හොයනවා.
    " මචං බලහන් ෂුවර් එකට ගෑණි ගාව ලයිසන් නෑ. මූ ෂේප් කරලා යවයි ගානට ".
    මන් යාඵවට කිවුවේ රාළහාමිට ඇහෙන්නේ නැති වෙන්න.
    මොකක් හරි අවුලක්. ඇතුලේ අය කෝල් එහෙම ගන්නවා දිගට හරහට.
    රාළහාමි ගියා තමන්ගේ මිතුරා ගාවට. කාන්තාවත් වාහනෙන් බැහැලා ඒ පස්සෙන්ම.
    " ආදයම් බලපත්‍රය නෑ. පිළියන්දල පොලීසියට ඇවිත් ලයිසන් එක අරන් යන්න."
    ජීවිතේ පළවෙනි වතාවට ප්‍රාඩෝ එකකට දඩ කොළයක් දෙනවා ඇස් දෙකෙන් දකින්නයි යන්නේ මන්.
    " දඩේ කීයද ?"
    වාහනෙන් බැහලා ආපු තරැණයා අමුතු ටෝන් එකකින් අහනවා.
    දඩ පොත පෙරලමින් ඉදපු අපේ කථානායකයා ඔඵව උස්සලා,
    " ඔබතුමා පොඩ්ඩක් වාහනේට ගිහින් වාඩි වෙන්න."
    කියලා කිවුවේ ටිකක් විතර උස් හඩින්.
    රියදුරැ කාන්තාව නිළධාරීතුමාගේ ළඟටම ඇවිත් ඇඹරෙන ගමන්,
    " එහෙම නෙමෙයි ඉතින්.ඇත්තටම දඩේ කීයද ?"
    අම්මෝ එයාගේ කොමලේ.
    " පන්සීය පනහයි "
    " මන් ඒක දීලා යන්නන්. ඔයා ගෙවන්න. මගේ හස්බන්ඩ්ගේ කාඩ් එකකුත් දෙන්නන්. ඕන කමක් උනොත් කථා කරන්න."
    ඇය මේ හදන්නේ පගාවක් දීලා බේරෙන්න.
    ඇයව සත පහකට ගනන් ගත්තේ නැති තරැණ නිලධාරියා දඩ කොළේ ලියනවා ගානක් නැතුව.
    " මෙන්න මිස් දඩ කොලේ. ආදයම් බලපත්‍රේ අරගෙන ඇවිත් පොලීසියෙන් ලයිසන් එක ගන්න. නැත්නන් උසාවි. අපි ගල්කිස්ස පොලීසියෙන්. මේකේ අපේ සීල් එක තියෙන්නේ. ඒ උනාට පිළියන්දල පොලීසියට ලයිසන් එක භාර දෙනවා."
    ඔහු දඩ කොළය ඇයට දෙන ගමන් පැවසුවා.
    රතු වෙච්ච මූණෙන් කොළෙත් අරන් අහිමි උනු ලයිසන් එක දිහා දුකෙන් බලපු ඇය යන්න හැරැනා.
    " ආහ් තව දෙයක්. හැම රාළහාමිකෙනෙක්ම දඩේ ගෙවන්න කියලා සල්ලි ගන්නේ නෑ. ඒකත් හොදට මතක තියා ගන්න. වැරදි නොකර ඉන්නවනන් අපි කාටත් ලේසියි."
    හුග කාලෙකින් මම පොලිස් නිලධාරියෙක් දිහා ආඩම්බරයෙන් බැලුවේ.මගේ ජීවිතේ පළවෙනි වතාවට පොලිස් නිලධාරියෙක් ප්‍රාඩෝ එකකට දඩ කොළයක් දෙනවා දැක්කේ.
    " මහත්තයලා යන්න. පරක්කු උනා නේද ? සමාවෙන්න ! "
    කාර් එක ගාවට යන්න පියවර කීපයක් ගියපු මම ආපහු හැරැනා.
    " සර්, ඇත්තටම සතුටුයි. මන් මේ වගේ සිද්ධියක් දැක්කමයි. සර් ගේ නම මොකක්ද ?"
    මම ඔහුට අත පෑවා. මම පොලිස් නිලධාරියෙක්ට සර් කියලා ආමන්ත්‍රණය කරපු ජීවිතේ පළවෙනි අවස්ථාව ඒ.හිනා වෙලා මට අතට අත දීපු ඔහු,
    " නම මොකටද ? පාරෙදි දැක්කොත් හිනා වෙලා කථා කරන්න. මට ඒ හොදටම ඇති.
    පුඵවන් නම් තව එක්කෙනෙක්ට කියන්න මේ වෙච්ච දේ. හැම නිලධාරියෙක්ම ජරාව ගන්නේ නෑ" කිවුවා.
    සමහර වෙලාවට ඔහු මේ මොහොතෙත් රාජකාරියේ යෙදෙනවා ඇති.නම නොදත් ගල්කිස්ස පොලීසියේ ඒ තරැණ නිලධාරී මහත්තයාට කරන ගෙෳරවයක් විදියට අකුරැ කරන්න හිතුනා.
    සහන් කොඩිකාර
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ට්‍රැෆික් පොලිස් කියන්නෙ පුදුම ජොබ් එකක් බන්
    සල්ලි නොගෙන දඩ ගැහුවොත් කට්ටියක් බණිනවා
    සල්ලිත් එපා කියලා අවවාද කලොත් තව කට්ටියක් බණිනවා
    සල්ලි අරන් දඩ නොගැහුවොත් තව කට්ටියක් බණිනවා

    ඩ්‍රයිවර් ඇරෙන්න වෙන එකක් බැහැලා ඇවිත් වාත උනොත් ඌව ඇරෙස්ට් කරන්න පුලුවන් බාධා කලා කියලා :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තටම හොඳ මිනිස්සු ඔය සේවෙට එනවා
    පිට මිනිස්සු හෑ ඔතන ඉන්න ඉහල නිලදාරීන් තමා එහෙම අයවත් අර කුණු ගොඩට අද්දගන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ජීවිතයෙදී හම්බ වෙලා තියනවා ඉතාමත් හොද පොලිස් නිළධාරීන්....
    තමන් ගේ ජීවිතය ගැන නොහිතා රාජකාරි කරන/කරපු.....
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි ඔය කියන පොලිස් නිළධාරියා තව කොපමණ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරයිද දන්නේ නෑ බං :D :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැබැයි ඔය කියන පොලිස් නිළධාරියා තව කොපමණ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරයිද දන්නේ නෑ බං :D :D

    :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ වැඩි කාලයක් ඔය පොලිසියේ රාජකාරි කරන එකක් නෑ..:rofl: