නම වෙනස් කරන විදිය දන්නවද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නම වෙනස් කරන විදිය දන්නවද?

    මචං ලොකු උදව්වක් ඕන මගේ නෑදෑ වෙන අක්කා කෙනෙකුට..
    එයාගේ බබාගේ නමේ වාසගම වෙනස් කරගන්න ඕන වෙලා..
    මේක කරන ක්‍රමවේදය දන්න කවුරුහරි ඉන්නවද?
    මම නම් මේ ගැන මුකුත්ම දන්නේ නැහැ, පත්තරේ ඇඩ් එකක් දානවා කියලා විතරයි දන්නේ..
    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ එකෙක් ඉන්නවා ලගදි මාරු කරපු මන හෙට අහල තියන්නම්
    මට අමතක උනොත් pm එකක්වත් දහන මචන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    එහෙමද? හරියටම දන්නේ නැද්ද බං?

    ඔවු ෆෝම් එකක් තියනවා දරුවා තාම පොඩි නම් අම්මා හරි තාත්තාට කරන්න පුලුවන්
    උප්පැන්නෙ ඔරිජිනල් කොපිය තියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙන් තමයි වැඩේ කරන්න ඕන (සමහර වෙලාවට ටවුන් වල තියන හොස්පිටල් එකෙන් නම් දරුවා හම්බවුනේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට උප්පැන්නෙ එන්නෙ එහෙම උනොත් ඒකට යන්න වෙනවා)

    අපේ නංගිගේ නම ඔහොම වෙනස් කරා දවස් දෙකක්ද කොහෙද යන්න උනා, පොඩි ලමයෙක්ගේ නම් ඇඩ් එකක් දාන්න ඕන නැහැ මට මතක විදියට අපි එහෙම ඇඩ් එකක් දැම්මෙ නැහැ

    නම වෙනස් කරාම තියන උප්පැන්නෙ ඔරිජිනල් කොපි එකේ වෙනත් නම් කියන ෆීල්ඩ් එකට අලුත් නම දාලා දෙනවා. මුලින් තිබුනු එක වෙනස් කරන්නෙ නැහැ

    ෆොම් වල වැඩේ කෙරුනට පස්සෙ එවලෙම වෙනස් වෙන්නෙ නැහැ ටික දවසක් යනවද කොහෙද වෙනස් උනාට පස්සෙ අලුත් උප්පැන්නෙන් ඔරිජිනල් කොපි එවන්න කියලා රික්වෙස්ට් කරලා එන්න පුලුවන් එතකොට ගෙදරටම උප්පැන්නෙ ඔරිජිනල් කොපි එනවා
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එහෙන් දෙනවා ලිස්ට් එකක්. ඒකට අනුව වැඩේ කරන්න. පත්තරේ නම දාන්න වෙනවා. බැංකු පොත් අනම් මනම් ඕන අලුත් නමින්. කට්ටක් කන්න වෙන වැඩක්. නම වෙනස් කරාට උප්පැන්න සහතිකයේ 13වෙනි තීරුවේ තමයි නම ඇතුලත් කරන්නේ. පරන නම තිබුන තැනම තියනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    AG's office eken application ekak ganna ona da koheda

    ඔවු ෆෝම් එකක් තියනවා දරුවා තාම පොඩි නම් අම්මා හරි තාත්තාට කරන්න පුලුවන්
    උප්පැන්නෙ ඔරිජිනල් කොපිය තියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙන් තමයි වැඩේ කරන්න ඕන (සමහර වෙලාවට ටවුන් වල තියන හොස්පිටල් එකෙන් නම් දරුවා හම්බවුනේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට උප්පැන්නෙ එන්නෙ එහෙම උනොත් ඒකට යන්න වෙනවා)

    අපේ නංගිගේ නම ඔහොම වෙනස් කරා දවස් දෙකක්ද කොහෙද යන්න උනා, පොඩි ලමයෙක්ගේ නම් ඇඩ් එකක් දාන්න ඕන නැහැ මට මතක විදියට අපි එහෙම ඇඩ් එකක් දැම්මෙ නැහැ

    නම වෙනස් කරාම තියන උප්පැන්නෙ ඔරිජිනල් කොපි එකේ වෙනත් නම් කියන ෆීල්ඩ් එකට අලුත් නම දාලා දෙනවා. මුලින් තිබුනු එක වෙනස් කරන්නෙ නැහැ

    ෆොම් වල වැඩේ කෙරුනට පස්සෙ එවලෙම වෙනස් වෙන්නෙ නැහැ ටික දවසක් යනවද කොහෙද වෙනස් උනාට පස්සෙ අලුත් උප්පැන්නෙන් ඔරිජිනල් කොපි එවන්න කියලා රික්වෙස්ට් කරලා එන්න පුලුවන් එතකොට ගෙදරටම උප්පැන්නෙ ඔරිජිනල් කොපි එනවා

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එහෙන් දෙනවා ලිස්ට් එකක්. ඒකට අනුව වැඩේ කරන්න. පත්තරේ නම දාන්න වෙනවා. බැංකු පොත් අනම් මනම් ඕන අලුත් නමින්. කට්ටක් කන්න වෙන වැඩක්. නම වෙනස් කරාට උප්පැන්න සහතිකයේ 13වෙනි තීරුවේ තමයි නම ඇතුලත් කරන්නේ. පරන නම තිබුන තැනම තියනවා

    තෑන්ක්ස් මචං..
    මම කියන්නම් ප්‍රා ලේ එකට යන්න කියලා..
    සප් එක දුන්න ඔක්කොටම පිං..