නයා ඕන් ද ට්‍රී

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    නයා ඕන් ද ට්‍රී

    කැම්පස් ඉන්න කාලේ අපිටත් ක්ෂේත්‍ර චාරිකාවක් යන්න සෙට් උනා. නිකන් ලැබෙන චාන්ස් එක කවුද මිස් කරගන්න කැමති. ඔන්න ඉතින් කස්ටිය පිටත් උනා කියමුකෝ. අධ්‍යාපනික කොටස් ටික පැයෙන් දෙකෙන් බොහොම අමාරුවෙන් ඉවරයි. දැන් ඉතින් ඉතුරු ටික ආචාර්යවරුන්ගේ අවසරය මත අහල පහල තැන් ටික වැඳ පුදා ගැනීමයි.
    ඔය අතරේ ලංකාවේ සුප්‍රසිද්ධ තරු 5 හෝටලයකටත් ගොඩ උනා. කන්න බොන්න ඉන්න හිටින්න නෙමෙයි තැන කොයි වගේද කියල බලාගෙන එන්න. වරප්‍රසාද ප්‍රයෝජනයට අරගෙන සුපිරි හෝටලයක ඇවිදින එකත් මදැයි. හෝටල් වත්තේ ඇවිදිනකොට කුරුල්ලෝ, සර්පයෝ කූඩු කරපු තැනක් තියනවා. එක අයියා කෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන සුද්දෙකුටයි සුද්දීයෙකුටයි (අපහාසෙකට කිව්වා නෙමෙයි) අර ඉන්න සර්පයෝ ගැන සැහෙන විස්තරයක් කරනවා. අපිත් එතනට හිමීට සේන්දු උනා. ටික වෙලාවකින් ඒ දෙන්නා ගියාට පස්සේ මෙයා අපිට විස්තර කරන්න පටන් ගත්තා. එයා සත්ව වේදියෙක් කියලයි කතාව පටන් ගත්තේ. එයාලා අච්චර සර්පයෝ ඇල්ලුවා මෙච්චර සර්පයෝ ඇල්ලුවා කියලා ලොකු පම්පෝරි කතාවකුත් කියලා ඔන්න වැඩේ පටන් ගත්තා.
    විස්තර කරලා අපිට සර්පයන්ව අල්ලන්නත් දීලා කුඩුවක හිටිය පත නයෙක්ව එලියට ගත්තා නෙව. දැන් ඔන්න එයාව අල්ලගත්තු විදිය කියන අතරේ නයි හාමි ළඟම තිබුන වේලිලා කොළ හැලිච්ච ගහක් දිගේ බඩගෑවේ නැතැ. කොහොමෙන් කොහොම හරි අර පුද්ගලයා අතින් නයාව අතැරුනා. දැන් නයා අර ගහ උඩ. එත් මේ අයියා නයා ගැන දීර්ඝ විස්තරයක් කරනවා. හම්බුනේ ළඟ පාත කැළෙන් ලු. දිග අඩි මෙච්චරයි ලු. පළලත් කිව්වාද මන්දා. ගොදුරක් ගිලිද්දීලු අල්ලාගත්තේ. අන්න ඒ වගේ විස්තර ටිකක්. අනේ ඉතින් අපිව ළඟ තියාගෙන කවුරු හරි බොරුවක් කිව්වොත් අපිටත් තරහ යනවා නොවැ. මොකක් හරි වැරදි දෙයක් කියවිලා වෙන්න ඇති නයි හාමිට තරහ ගිහින් තමන් ගැන විස්තරේ තමන්ම කියන්න පටන් ගත්තේ නැතැ. ස්ටේජ් එකක් උඩ ඉදන් චන්ද දායකයෝ අමතනවා වගේ වටේටම හැරි හැරී හරි හරියට පිඹිනවා. ඒක දැකලා මුලින්ම පැනලා දිව්වේ අපි එක්ක ගිය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ අක්කල දෙන්නෙක්. ටිකකින් බලද්දී අර අයියත් අඩි 10ක් විතර එහාට ගිහින්. අනේ අපි ගැන කවර කතාද.
    ඒ අයියා ගත්තා කෝල් එකක් “ඊයේ අල්ලගත්තු නයා ගහකට නැග්ගා මට තනියම අල්ලන්න බෑ. දෙතුන් දෙනෙක්ව ඉක්මනට එවන්න” එච්චරයි. මොන එකකට ඊයේ අල්ලගත්තු සතාව එලියට ගත්තද මන්දා. ඕක ඇහුව විතරයි අපි හිටපු තැනින් තව ටිකක් ඈතට ගියා. එවෙලේම එතන සර්පයෝ බල බලා හිටපු ෆොරීන් ඩබලක් වෙච්ච දේ නොදැන එතනට සේන්දු වෙච්චි. කවුදෝ එකෙක් “නයා ඕන් ද ට්‍රී” කිව්වා මතකයි නයා කොහොම වෙතත් ඕන් ද ට්‍රී කෑල්ල යන්තමින් හරි තේරිච්ච නිසා දෙන්නා ගහ උඩ බැලුවා. ඒ වෙද්දීත් නයා පිඹින ගමන්. අර ඩබල දිව්වා දිව්වාමයි මම හිතන්නේ මවු රටේම නැවතුනාද මන්දා….
    අර එන්න කියපු එවුන් ටිකත් නෑ. අපිට ගහ යටින් එලියට එන්නත් බෑ. අර අයියත් මල අතට අරගෙන නයාගේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා. පවු අහිංසක සත්ව වේදී අයියා. නයාටත් ඒක තේරුනාද මන්දා සැණින් ගහෙන් බිමට බඩගාන්න ගත්තේ නැතැ.
    හපොයි වෙච්ච දේක මහිම එක එකා ආගිය අතේ. හොඳම වැඩේ සත්වවේදී අයියා ආගිය අතක් නැත. එතනින් එහාට නයි බලා අවසන්. ළමයි සෙට් එක එකතු කරගත්තෙත් බොහොම අමාරුවෙන්.
    නයා ගහ උඩ ඉද්දි ගත්තු ෆොටෝ එකක් මගේ ළඟ තිබුණා. මම කොච්චර ලඟින් ඉඳලද ෆොටෝ එක අරගෙන තියෙන්නේ කිව්වොත් මදුරු පනුවෙක්ව ඊට වඩා ලොකුවට පේනවා.


    - Lastrow.net
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    රෙප් සහ කොමෙන්ට් කරපු උන්ට ෆුල් භක්තිය

    000203D4.gif