නයිට්ස්_ටෙම්ප්ලර්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නයිට්ස්_ටෙම්ප්ලර්


    හැමෝටම මතක ඇතිනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් කතාවේ එක කොටසක රොබින් හුඩ් කට්ටියටම ගේමක් දෙන්න එන නයිට් වරු සෙට් එකක් ගැන. අද මේ කියන්න යන්නේ අන්න ඒ නයිට් වරු ගැනයි.

    knights-templar.jpg


    මේ නයිට් වරුන්ට කියන්නේ නයිට්ස් ටෙම්ප්ලර් කියලයි. ආගමට කැපවුන තාපස වරු නයිට් වරු වෙලා. මෙයාලා හැදෙන්න මුල් වෙන්නේ 1099 ඒ කාලේ ජෙරුසලමට වන්දනාවට යන වන්දනා කරුවන්ගේ ආරක්ෂාවට කියලයි ඉතිහාසේ සඳහන් වෙන්නේ. මොකද ඒ කාලේ මේ මුළු පලාතම පාලනය කරේ මුස්ලිම් ආධිපත්තියකින්. ජේසුගේ මරණෙන් පස්සේ අවුරුදු ගානකට පස්සේ යුරුපේ ඉඳලා වන්දනා කරුවන් ශුදවූ දේශයට එන්න යන්න ගත්තා ඒත් ඒන අතර තුර එයාලට අතරමග ගොඩක් කරදර වලට මුහුණ දෙන්න උනා. මොකද මේ එන බැතිමතුන්ගෙන් හොරකන් කරන්න මාර්ග වල නිතරම මංකොල්ලකාරයෝ මිනීමරුවෝ හිටියා. ජෙරුසලම මුස්ලිම් ආධිපත්යෙන් බේරාගත්තු එවකට හිටපු ප්‍රංශ ජාතික රජු වන බෝල්ඩ්වින් II නම් රජ තුමා මුණ ගැසීමට පැමිණෙනවා හියුස් ඩි පේනා නම් ප්‍රංශ ජාතිකයෙක්. පේනා හා ක්ලයිවවුක්ස් හි බර්නාඩ් නම් තාපස තුමා තමයි මේ නයිට්ස් ටෙම්ප්ලර් නම් සංවිධානේ මුල් හවුල් කරුවන් වෙන්නේ.

    0c62b1f8c1c227594cd1a438909256c0.jpg

    හියුස් ඩි පේනා පළවෙනි නයිට්ස් ටෙම්ප්ලර්

    පේනාගේ අදහසට ඉහලින්ම කැමති වෙන බෝල්ඩ්වින් රජතුමා පේනාට අවශ්‍ය හැම දේම ලබා දෙනවා. නැවත ප්‍රංශේට පැමිණෙන පේනා නැවත ප්‍රංශේන් ශුද්දවූ දේශයට යන්නේ ලොකු සේනාවක් එක්ක. මෙයාලා හැම දේම කැප කරලා තමයි මේ සේනාවට බැඳෙන්නේ. කෙලින්ම කියනවා නං ගොඩක් දුප්පත් විදියට තමයි හැමෝම ඉන්නේ. එයාලගේ ලාංජනේ හැටියට ඉන්නේ එක අශ්වයෙක් උඩ නයිට්වරු දෙන්නෙක්.

    templars_seal__pendant_by_silver_otter-d5r2xdw.jpg

    නයිට්ස් ටෙම්ප්ලර් ලාංජනය

    කොහොම හරි මෙයාලා මුළු අරාබියේත් මුළු යුරෝපෙත් ලොකුම සංවිධානයක් වෙනවා. මෙයාලා එක්ක හැප්පෙන්න කාටවත් බැරි වෙනවා මොකද මෙයාලගේ සටන් ක්‍රම ඉතාම දියුණුයි. ගොඩ දෙනෙක් යුරෝපෙට එන්නේ ගොඩක් ධනවත්තු වෙලා. හැබැයි මේ ගෙන ධනය එයාලා රහසේ තැන්පත් කරනවා.

    නයිට්ස් ටෙම්ප්ලර් ලා තමයි ඉස්සර වෙලා බැංකු සිස්ටම් එකක් ලෝකෙටම හදුනවලා දෙන්න මුල් වෙන්නේ. ඒ කියන්නේ එයාලගේ සේවයට එයාලා සීයට ගානක් අය කරන්න පටන් ගත්තා. බැතිමතුන්ගේ ධනය නැවත එයාලා පැමිණෙන තෙක් ආරක්ෂා සහිතව තියාගන්න නිසා එයාලා ඒවට මුදල් අය කරා. ඒ දෙන මුදල් වලට ඉස්සර වෙලාම රිසිට් පතකුත් නිකුත් කරේ නයිට්ස් ටෙම්ප්ලර් ලා තමයි.

    මේ යන විදියට එයාලා ජෙරුසලමේ ගොඩක් ධනය ආයේ යුරෝපෙට අරන් ආවා. ගොඩක් දෙනෙක් කියන විදියට මෙයාලා එහෙන් යුරෝපෙට ගෙනාපු දේවල් තාමත් මිල කරන්න බැලු. මේ නිසාම නයිට්ස් ටෙම්ප්ලර් ලා මුළු යුරෝපෙම ලොකුම ධනවත් සංවිධානයක් වෙනවා. මෙයාලා රටේ රජතුමාට පවා අනික් රටවල් එක්ක යුද්ද කරන්න පොළියට ණය පවා දෙනවා.

    කොහොමෙන් කොහොම හරි 1285දී ප්‍රංශේ අලුත් රජු වන ෆිලිප් IV මේ යුද්ද නිසා ගොඩක් ණය වෙනවා. ෆිලිප්ට ණය දුන්න අය අතරෙන් උඩින්ම ඉන්නේ නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානේ.

    4014531206a8401398164l.jpg

    ෆිලිප් IV රජ තුමා

    ඉතින් ෆිලිප් ඒ වෙලාවේ හිටපු පාප් තුමා එක්ක එකතු වෙලා මේ නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානේ මර්ධනය කරන්න පියවර ගන්නවා. ඉතින් මෙයාලා නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානේ යක්ෂයා අදහනවා කියලා මේ සංවිධානේ ඉන්න හැමෝම අත්අඩංගුවට ගන්නවා. ඒ හරියටම සිකුරාදා 13 කියන දවසේ. ගොඩ දෙනෙක් කියන්නේ friday the 13 හොඳ නැති දවසක් කියලා ඉතිහාස ගත උනේ මේ දේ නිසා කියලලු.

    කොහොම හරි දෙන දස වද නිසා හෙම්බත් වෙලා හිටපු නයිට් වරු ටික එයාලට විරුද්ධව ඉදිරිපත් කරපු බොරු චෝදනා වලට එකග උනා. ඊට පස්සේ අවස්ථාව ආපු නිසා ෆිලිප් රජු ඔවුන් හැමෝම ගිණි තියලා මරන්න අණ දුන්නා. මොකද ඉස්සර යකුන් ඇදහීම ගිණි තියලා මරන්න පුළුවන් තරම් වරදක් උන නිසයි. මේ අවස්ථාවේ එවකට හිටපු නයිට්ස් ටෙම්ප්ලර් නායක තුමා වන ජැක්ස් ඩි මෝලේ ඔහුට ගිණි තබන අවස්ථාවේ ඒ වෙලාවේ ඇවිත් හිටපු ෆිලිප් රජුට හා පාප් තුමාට සාප කරාලු මේ කරන අපරාදෙට උඹලා දෙන්නම අවුරුද්දක් ඇතුලත මැරෙන බවට. කිව්වා වගේම අවුරුද්දක් ඇතුලත මේ දෙන්නම මරුනලු :baffled::baffled::baffled:

    Templars-Death.jpg


    Templars_on_Stake.jpg


    Templars_on_Stake_02.jpg


    කොහොම කොහොම හරි ලොකු සංවිධානයක් වෙලා හිටපු නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානේ නැති උනත් බොහොම ස්වල්ප දෙනෙක් ඉතුරු උනා කියලා තමයි කියන්නේ. අදටත් මෙයාලා බොහොම රහසි ගත විදියට ඉන්නවා කියලා තමයි කියන්නේ. අදටත් නයිට්ස් ටෙම්ප්ලර් වරුන්ගේ ගොඩනැගිලි ආගමික සිධ්ධස්ථාන අදටත් යුරෝපේ දකින්නට තියනවා. ඒ අතරෙන් ගොඩක්ම ප්‍රසිද්ද ස්ථානයක් තමයි ස්කොට්ලන්තේ රොස්ල්යින් දේවස්ථානය. මේ දේවස්ථානය හදලා තියෙන්නෙත් ජෙරුසලම් වල දේව මාලිගාවේ අනුරුවකට කියලයි විද්වත්තු කියන්නේ. ගොඩක් අය කියන්නේ මේ නයිට්ස් ටෙම්ප්ලර්ලගේ නැති උන ධනය මේ දේවස්ථානය යට හංගලා තියනවා කියලයි. ඒත් තාම හරියටම කාටවත් කියන්න බෑ. හැමෝම කියන්නේ මෙයාලා ශුද්දවූ දේශයේ ඉඳලා ගෙනාපු දේවල් අද වෙනකනුත් රහසක් කියලයි. :baffled::baffled::baffled:

    _63241030_rosslynexteriorview.jpg


    more-rosslyn-chapel.jpg


    මේ නයිට් වරු ගොඩක් කෝඩ් මාර්ගේන්ලු පණිවුඩ යැව්වේ ඒවා ගෙන්න ගත්තේ. මෙයලගේම ආභාෂයක් තියනවලු ෆ්‍රී මේසන්ස් සංවිධානයට. ෆ්‍රී මේසන් සංවිධානේ හිටපු ගොඩ දෙනෙක් හැම දෙයක්ම ප්‍රකාශ කරේ කෝඩ් මාර්ගෙන්. මතකනේ නැෂනල් ට්‍රේෂර් චිත්‍රපටිය.

    7599fe8672bf68e8023f7a00b22da0f3.jpg



    templar_knight_by_jangelles-d7aacci.jpg


    ඔන්න ඕක තමයි නයිට්ස් ටෙම්ප්ලර්ලගේ කතාව. :yes:

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලකිරි මචන්.. හොද ත්‍රේඩ් එකක්. ඒ වගේම උබ මට කිව්ව කොච්චිය ගැන තැන්ක්ස්.. මම ඒකේ ගියා..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩේ Assassin creed එකෙත් මුන් ඉන්නවනෙ බොලව්

    මේ කට්ටියගේ ගැනද බං කියන්නේ Assassin's Creed කතා වල

    ඒක දන්නේ නෑ මචන් ඒත් මෙයාලව ආභාෂයට අරගෙන ඇති ගේම් එක හදන්න
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    good post

    my favorite crusading knights orders of all time knight templar knights hospitaller and
    knights teutonic(most brutal knight order of them all)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පනිට්ටුවක් ඔලුවට දාල අපිත් kනයිට් වරු උනා සිංහලු පොඩි කාලේ