නයි-විෂෙන්-මරුට

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
නයි-විෂෙන්-මරුට

ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රදේශයේ පූජකයෙකුවූ ජේමී කූට්ස් දේවගැතිවරයා සර්ප විෂ හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
රියැලිටි වැඩසටහන් තරුවක් වූ ඔහු ආගමික විශ්වාසයන් මත විෂ ඝෝර සර්පයන් සමග හැසිරුණු පුද්ගලයෙකි.
ඔහුගේ දේවස්ථානයේදී රැට්ල් ස්නේක් වර්ගයේ උග‍්‍ර විෂ සර්ප දෂ්ඨනයකට මුහුණ දුන් දේවගැතිවරයා හදිසි සේවකයන් පැමිණීමට පෙර නිවසට ගොස් ඇතැයි මිඞ්ල්ස්බොරෝ පොලිස් ප‍්‍රධානි ජෙෆ්රි ෂාප් පවසා ඇත.
නිවසට ගිය හදිසි සේවකයන් විනාඩි 30ක පමණ කාලයක් වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නා ලෙස කූට්ස් දේවගැතිවරයාට බලකර ඇති නමුත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබේ.
තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ විසින් සර්ප විෂෙන් තමන් ආරක්ෂා කරන බව ඔහුගේ විශ්වාසය වූ බව පැවසේ.
උත්සහය ව්‍යර්ථවූ හදිසි සේවකයන් පැයකට පමණ පසු ආපසු පැමිණෙන විට 42 හැවිරිදි කූට්ස් මියගොස් සිට ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් දේවගැතිවරයාගේ පුත‍්‍රයා වන කෝඩි කූට්ස් පවසා ඇත්තේ තම පියා මියගියද තම විශ්වාසය ශක්තිමත්ව පවතින බවයි. එය ජීවත්වන්නට හොඳ ක‍්‍රමයක් මෙන්ම මියෙන්නටද හොඳ ක‍්‍රමයක් බව ඔහු සඳහන් කර ඇත.
මින් පෙර ජේමී කූට්ස් දේවගැතිවරයා විෂ ඝෝර සර්පයන් සමග හැසිරීම පිළිබඳව අධිකරණය ඉදිරියට පවා පමුණුවා තිබේ.
මින් පෙර 1995දී 28 වියැති අනුගාමිකයෙකදු කූට්ස්ගේ දේවස්ථානයේදී රැට්ල් ස්නේක් වර්ගයේ සර්පයෙකු සපාකෑම හේතුවෙන් මියගොස් ඇතැයි පැවසේ.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ විසින් සර්ප විෂෙන් තමන් ආරක්ෂා කරන බව ඔහුගේ විශ්වාසය වූ බව පැවසේ.

    :lol:
     

    waligamaya

    Well-known member
  • කෙසේවෙතත් දේවගැතිවරයාගේ පුත‍්‍රයා වන කෝඩි කූට්ස් පවසා ඇත්තේ තම පියා මියගියද තම විශ්වාසය ශක්තිමත්ව පවතින බවයි. එය ජීවත්වන්නට හොඳ ක‍්‍රමයක් මෙන්ම මියෙන්නටද හොඳ ක‍්‍රමයක් බව ඔහු සඳහන් කර ඇත. :P:P:P:rofl::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේ විසින් සර්ප විෂෙන් තමන් ආරක්ෂා කරන බව ඔහුගේ විශ්වාසය වූ බව පැවසේ.

    :lol:

    :lol::lol:

    allah hu akbar