සෙවණගල ප්‍රදේශයේදී අත් පා බැඳි පුද්ගලයෙක් නයෙක් සමග බැරලයකට දමා ඝාතනය කිරීමේ තැතක් ව්‍යාර්ථ වී ඇත. කෙසේ නමුත් මේ හේතුවෙන් උක් ගොවියෙක් බව කියන පුද්ගලයාගේ සිරුරේ සිව් තැනක් නයා විසින් දෂ්ඨ කර ඇති බවද සඳහන් වෙයි.
සිද්ධියට මුහුණදුන් පුද්ගලයා රෝහල් ගතකිරීමට පෙර ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් තිදෙනෙකු තමාගේ අතපය ගැටගැසීමෙන් අනතුරුව නාගයෙකු සහිත බැරලයක් තුළට දමා දෂ්ඨ කිරීමට සැළැස්වූ බවයි.
සෙවනගල වැවේයායගම ප්‍රදේශයේ පදිංචි ඞී.ජී. ධම්මික නිශාන්ත මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ පෙරේදා දිනයේදියි.
ඔහු එදින (09) පස්වරුවේ සිය උක් වගාව බැලීමට හේනට ගොස් ඇත. එහිදී අතරමග රැක සිටි පුද්ගලයන් තිදෙනෙකු විසින් ඔහුට පහරදී අතපය ගැටගසා රැගෙන ගොස් තිබේ. අනතුරුව ඔවුන් මෙම පුද්ගලයා නිර්වස්ත්‍ර කර නාගයෙකු සහිත බැරලයක් තුළට දමා ගොස් ඇත.
සිද්ධියට මුහුණදුන් ධම්මික නිශාන්ත ප්‍රකාශ කරන්නේ කිහිපවතාවක් දෂ්ඨ කරන තුරු සැකකරුවන් විසින් නාගයා ප්‍රකෝප කිරීමට ලී කැබැල්ලකින් පහරදුන් බවයි.
නාගයාගේ දෂ්ඨ කිරීම්වලින් නිශාන්ත සිහිසුන් වී ඇත.
පොලීසිය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකසිතූ සැකකරුවන් නාගයෙකු දෂ්ඨ කිරීම නිසා සිදුවූ මරණයක් බවට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර පළාගොස් තිබූ බවයි.
අතපය ගැටගසා බැරලයට දැමූ පුද්ගලයා ඉන් පිටතට ගෙන අතපය ලිහා දැමීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් තිබූ අතර ඔවුන් විසින්ම නාගයාද මරාදමා තිබිණ.
කෙසේ වෙතත් නාගයා දෂ්ඨ කිරීමෙන් පසු සිහිසුන්ව සිටි අදාළ පුද්ගලයාට පැය කිහිපයකට පසු යළිත් සිහිය ලැබී තිබේ. අනතුරුව ඔහු අසල පිහිටි නිවසකට දිවගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.
සිද්ධියට මුහුණදුන් ධම්මික නිශාන්ත මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. . ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ප්රකාශිකාවක් සඳහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සෙවනගල පොලීසිය සැක කරන්නේ ඉඩම් ආරවුලක් මත මෙය සිදුවූ බවයි.
නයා සමග ගොවියා බැරලයට දැමූ පුද්ගලයින් සොයා පොලීසිය පරික්ෂණ පවත්වයි.
![]()










