නරක_අම්මලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    දරුවන් පාසල් රැගෙන එන අම්මලා ‘නරක පාඩමක්’ ඉගෙන‍ ‍ගෙන


    166671541.jpg



    කුඩා දරුවන් පාසල් රැගෙන යාම සදහා උදෑසන පාරට බහින තරුණ මව්වරුන්ගේ හැසිරීම් රටා මුල් කරගෙන දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර ප්‍රකාශ කරයි. එය බොහෝවිට අපේ රටේ නගරබද සහ උප නගරබද මධ්‍යම පාන්තික කාන්තාවන් අතර පැතිර යන පොදු සමාජ ඛේදවාචකයක් යැයි ඔහු කියයි. වැඩිදුරටත් ඒ පිළිබදව පැවසූ මහාචාර්යවරයා පසුගිය කාලයේ මහනුවර නගරය සහ ඒ අවට කරන ලද විමර්ශණයකදී මහනුවර නගරය අවට කුඩා දරුවන් පාසල් කැදවාගෙන යන තරුණ මව්වරුන්ගේ හැසිරීම් රටා පිළිබදව නිරීක්ෂණය වූ බවත් ඉන් සමාජ විද්‍යාත්මකව වැදගත් වන කරුණු රාශියක් එළිදරව් කර ගත හැකි වූ බවත් පැවසීය.

    ඒ අනුව මෙය සමාජ ඛේදවාචකයකට හෙවත් සමාජ අස්ථායී භාවයකට තුඩු දෙන්නක් බව ද ඔහු පවසා තිබේ. සාමාන්‍යයෙන් උඩරටට අයත් මහනුවර යනු දිවයිනේ අනිකුත් ප්‍රදේශවලට වඩා ප්‍රබල සංස්කෘතික පසුබිමක් සහිත ප්‍රදේශයකි. ඒ නිසාම උඩරට කාන්තාව අනෙක් කතුන්ට වඩා සිතුම් පැතුම්, කතාබහ, හැසිරීම්, ඇදුම් පැළදුම් ආදියෙන් සංස්කෘතිය හා බැදී සිටී. නමුත් නූතන නාගරීකරණය සහ නවීකරණයත් සමග මහනුවර කාන්තාවන්ගේ සංස්කෘතිකමය ලක්ෂණ ගිලි හී යමින් තිබේ. එට හේතු වී ඇත්තේ තම සංස්කෘතික පසුබිම ඉක්මවා ඔවුන් නූතන සංකල්ප නව පන්නයන් සහ විලාසිතා කෙරෙහි වැඩිපුර යොමු වීම බව මහාචාර්යවරයාගේ මතයයි. ඔහු දක්වන අන්දමට මෙසේ නවීකරණය වීමෙන් ඔවුන් තුළ පැවති සංස්කෘතිකමය අනන්‍යතාව ඉවත් වෙමින් තිබේ. උදාහරණ ලෙස පෙර ඔසරියෙන් සැරසුණු උඩරට කාන්තාවට අද ඔසරිය ‘සෙරමෝනියල්’ ඇදුමක් පමණක් වී තිබේ. එනම් එම ඇදුම සාම්ප්‍රදායික උත්සව සදහා යොදා ගන්නා ඔවුන් සාමාන්‍ය ජීවිතයේ අති නවීන ඇදුම් විලාසිතා කෙරෙහි නැඹුරු වී ඇති ආකාරයක් දක්නට තිබේ. එහි වරදක් දකින්නට නොහැකි වුව ද යම් ආකාරයක අගතියක් තිබේ. ඒ ඔවුන් සිතුම් පැතුම් අතින් ද ශීඝ්‍ර වෙනසකට පත්වන බැවිනි.

    මහාචාර්යවරයා පවසන පරිදි මෙම නවීකරණයත් සමග රූපලාවන්‍ය සහ නවීන විලාසිතා ඔවුන්ගේ පරමාදර්ශයන් බවට පත් වී තිබේ. බොහෝ මව්වරුන් සිය දරුවන් පාසලට දැමීමෙන් පසු කල්ලි බවට පත් වී කතාබහේ නිරත වෙමින් සිටිති. සමහර කල්ලිවල සිටින කතුන් අතර අනාචාර සම්බන්ධතා සහිත කාන්තාවෝ ද සිටිති. එවැන්නන් සමඟ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමත් සමග යහපත් කතුන් ද එවැනි දේවලට නැඹුරු වීමක් සිදුවන බව මහාචාර්යවරයා පවසයි. එවැනි සබදතාවක් නැති වීම අඩුවක්, වරදක් ලෙස එවැනි අනියම් සබදතා පවත්වන කාන්තාවෝ සෙස්සන්ට ඒත්තු ගන්වති. එය වර්තමානයේ නවීන විලාසිතාවක් ලෙස ද දියුණු ලෝකයේ ලක්ෂණයක් ලෙස ද හදුන්වා දෙති. ඒ ආකාරයෙන් බොහෝ විට යෙහෙළියගේ පෙම්වතාගේ යහළුවන් සමග සබදතා ගොඩ නංවා ගැනීම සිදුවන බව මෙම විමර්ශණයේ දී නිරීක්ෂණය වී ඇත.

    මේ සදහා මෙම මව් වරුවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් සම්බන්ධ වුවද එය සමස්ථ කන්ද උඩරට කාන්තාවන්ගේ ප්‍රතිරූපය කෙරෙහි අතිශය අයහපත් ලෙස බලපෑ ඇතැයි මහාචාර්යවරයා කියයි.
    ඇතැම් කතුන් ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි අනියම් සබදතාවලට යොමුවීම බොහෝවිට දක්නට ලැ‍බෙන්නකැයි මහාචාර්ය දයා අමරසේකර කියයි. එනම් රූපලාව්‍ය කටයුතු, නවීන පන්නයේ ඇදුම් විලාසිතා වැනි බාහිර ඔපය ගෙන දෙන අලංකරණ ආදිය සදහා මුදල් ලබා ගැනීමට ය. මෙවැනි අවස්ථාවලට යොමුවන කාන්තාවන් මෙන්ම පිරිමින් ද මුහුණ ආවරණය කළ හැකි හෙල්මට් පැළදීමත් ලේන්සු ආදියෙන් මුහුණ ආවරණය කරගෙන මෝටර් සයිකල්වලින් ලැගුම්හල් වෙතට යෑමත් සිදුවන බව මහාචාර්යවරයා කියයි. මින් එම ලැගුම්හල් පද්ධතිය ආර්ථික වශයෙන් දියුණු වී ඇති මුත් මින් විශාල සමාජ අර්බුද පැන නැගී ඇති බව ඔහු නිගමනය කරයි.

    ”කදුරට තිලකේ මනහර උඩරට මැණිකේ…” යනුවෙන් ගීතයක් අපි අසා ඇත්තෙමු. ඉන් කදුරටට තිලකයක් බදු උඩරට කාන්තාවන් ගැන වර්ණනා කරයි. එහෙත් මෑත කාලයේ අපි “අයෑම් යුව වන් ඇන්ඩ් ඔන්ලි කැන්ඩි ලමිස්සි…” යනුවෙන් ද ගීතයක් ශ්‍රවනය කළෙමු. ඉන් උඩරට කාන්තාවන් තුළ පැවති සංස්කෘතිකමය ලක්ෂණ, ගෞරවය, ‍ප්‍රතිරූපය, අනන්‍යතාව එකවර විනාශ වී ගිය ආකාරයක් පෙනෙන්නට තිබිණි.

    ඒ අනුව මෙවන් හැසිරීම් නිසා මෙම පසුබැස්ම ශීඝ්‍ර වී ඇතැයි මහාචාර්ය අමරසේකර ප්‍රකාශ කරයි.

    මහාචාර්යවරයා සිය සමීක්ෂණයෙන් පසු වැඩිදුරටත් පවසන්නේ මහනුවර වැනි දැඩි සංස්කෘතික බැදීමක් සහිත නගරයක අධ්‍යාපන මට්ටම අතින් ඉහල කාන්තාවන් පවා මෙවැනි ක්‍රියාවලට මේ තරම් යොමු වන්නේ නම් සෙසු ප්‍රදේශවල මෙවැනි සිදුවීම් මොනතරම් බහුල විය හැකි ද යන්නයි. මෙය සමස්ත ශ්‍රි ලාංකිය ස්ත්‍රී ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණකැයි මහාචාර්ය දයා අමරසේකර කියයි.

    මෙම විමර්ශනය ඇසුරෙන් හෙළිවූ තවත් තොරතොරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

    දුලංජලී මුතුවාඩිගේ


     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    samahara ammala innawa poddawa iskole dala something ekak hoya ganna yana ayath
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕක ඉතින් බලාපොරොත්තු වෙන්න වෙන දෙයක් බන්.එන්න එන්න සමාජය පිරිහෙනවා මිසක් හොද අතට හැරෙයි කියන එක හිතන්න අමාරුයි.ඕක තමයි කියන්නේ පාරේ එක්ක යන්න පුලුවන් ගෑනියෙක්ට වඩා ගෙදර තියලා යන්න පුලුවන් ජාතියේ ගෑනියෙක් හොයා ගන්න කියලා.අද කාලේ ඒ වගේ ගෑණු අඩුයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දඩබ්බරයා;21179130 said:
    othana thama lankawata waradune... saskruthiya gana kiyawa kiyawa innawa.. karana deyak na.. aluth deyak karoth sankruthiyata hoda nalu. ekai sinhala api hamadama ekama thana.....

    උබ කැමතිද උබේ ගෑණි ළමයව ඉස්කෝලේ දාලා වෙන මිනිහෙක් එක්ක හොටෙල් එකකට ගිහින් බුදියගන්නවට?:P
     

    blue_in_rio

    Well-known member
  • ඕක ඉතින් බලාපොරොත්තු වෙන්න වෙන දෙයක් බන්.එන්න එන්න සමාජය පිරිහෙනවා මිසක් හොද අතට හැරෙයි කියන එක හිතන්න අමාරුයි.ඕක තමයි කියන්නේ පාරේ එක්ක යන්න පුලුවන් ගෑනියෙක්ට වඩා ගෙදර තියලා යන්න පුලුවන් ජාතියේ ගෑනියෙක් හොයා ගන්න කියලා.අද කාලේ ඒ වගේ ගෑණු අඩුයි.

    :yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඕක ඉතින් බලාපොරොත්තු වෙන්න වෙන දෙයක් බන්.එන්න එන්න සමාජය පිරිහෙනවා මිසක් හොද අතට හැරෙයි කියන එක හිතන්න අමාරුයි.ඕක තමයි කියන්නේ පාරේ එක්ක යන්න පුලුවන් ගෑනියෙක්ට වඩා ගෙදර තියලා යන්න පුලුවන් ජාතියේ ගෑනියෙක් හොයා ගන්න කියලා.අද කාලේ ඒ වගේ ගෑණු අඩුයි.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මේකේ එකෙක් දාලා තිබ්බා ඌ දවල්ට ගිහින් ඉස්කෝල ගාව ඉන්නවලු ලමයි ගන්න එන අම්මා කෙනෙක් සෙට් කරගන්න:rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උබ කැමතිද උබේ ගෑණි ළමයව ඉස්කෝලේ දාලා වෙන මිනිහෙක් එක්ක හොටෙල් එකකට ගිහින් බුදියගන්නවට?:P

    මේකේ එකෙක් දාලා තිබ්බා ඌ දවල්ට ගිහින් ඉස්කෝල ගාව ඉන්නවලු ලමයි ගන්න එන අම්මා කෙනෙක් සෙට් කරගන්න:rofl:

    :lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහනුවර විතරක් නෙවෙයි මුලු ලංකාවෙම ලෝකෙම ඕක වෙනවා බන්...

    ඕක නවත්තන්න අමාරුයි ඉතින්...

    නවත්තන්න නම් දෙන්නට දෙන්න තද ආකර්ෂනයක් තියාගන්න ඕනේ... කොහේ ගියත් මොනවා කලත් පවුල් කඩාගන්නේ නැතුව ඉන්න...
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    උගෙ ගෑනිගෙ සමීක්ෂණයකුත් කරන්න තිබුණෙ මූට අනුන්ගෙ ගෑනු ගැන හොයන වෙලාවෙ. :rolleyes:
    ලිංගික කුහකයෝ දැන් කෑ ගහයි මේක දැකල :D
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    වැල සයිට් වල ඉන්න හොට් කෙල්ලො වගේ උන් හොයන්න එපා.හොද අහිංසක ආගම දහමට ලැදි ලස්සන කෙල්ලෙක් හොයලා බැදගනින්.නැත්නම් ජීවිතකාලේම විදව විදව තමයි ඉන්න වෙන්නේ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹ ඕකට පය බාගයක් විතර කියවන්න හල්ලක් දන්නා ඕන යැ !
    ළමයින්ව ඉස්කෝලේ දාන තරුණ අම්මල අවලමේ යාමට පටන් අරන් &
    ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා ........
    කියල කිව්වනම් ඉවරනේ :baffled: :baffled:
     

    Similar threads