නලීන්_ද_සිල්වා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නලීන්_ද_සිල්වා

    නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය.

    නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටයඑඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය.

    මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය, වසූරිය, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය. මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ.

    නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    අමිල ගුණරත්න
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පට්ට බන්.
    ඒ මිනිහට නම් අමුතු ඊනියා ඉවැන්ජලික මෙව්ව එකක් තියෙන්නේ.
    :D:D
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    A misguided missile . A highly intelligent but with very extreme ideas about other social affairs.
    He was the maths prof in colombo uni when I was there and his lectures were all politics not subject. He was removed by prof G.L. who was the VC. I also signed a petition against his removal, but I was wrong.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය මනුස්සයා දොරමඩලාවට ඇවිත් හසන්ත උන්නැහේටත් සත්තම දාලා ගියා.. කුකුල් කේන්තිකාරයෙක්.. කොහිල ටිකක් වැඩිපුර දුන්නනම් හොදා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්වා, මහින්ද වගේම සිංහල බෞද්ධ විරෝදීන්ට දිරවන්නේ නෑ කියන එකට තවත් එක් උදාහරණයක්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp &න්නයෙක් විසින් ලියපු හුයන්නක් unp ගොබ්බයෙක් එලකිරි එකේදාල, සුද්දගෙ &ක ලොවන unp පොන්ස්ලට නලීන් ද සිල්වව පේන්ඩ බැ,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර චුටි මොලේකින් බලන්න එපා....:dull:

    ඒ මනුසය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරපන්....
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නලින් ද සිල්වගෙ හුගක් තර්ක වලට මාත් එකඟ නෑ. ඒත් දන්න කෙනෙක් කියන්න අමිල ගුණරත්න කියන්නෙ කවුද කියල. මූගෙ article කීපයක්ම කියවල තියනව. හැමදේම ලියන්නෙ ලංකාවටයි බෞද්ධ සංස්කෘතියටයි මඩ ගහන්න. අලුත් පරපුරේ එකෙක්ද?