අපේ ගෙදර වතුර ලයිට් බිල් අසාමාන්‍ය විදියට වැඩි නිසා වියදම අඩු කරන්න කියල පටන් ගත්තා. වතුරෙන් පටන් ගත්තෙ. නල ලිදක් ගහන්න තීරණය කරා. අපේ ගෙදර කොයි මාලු ආසන්නව දැන් 100 ක් ඉන්නවා. ඔක්කොම අඩියකට වඩා ලොකු හරි ආසන්නයි. ගැලුම් 2000 ක ටැංකියක්. මාළුන්ට පිරිසිදු වතුර නිතර ඔ්න නිසා හැමදාම ලොකු වතුර ප්‍රමාණයක් වියදම් වෙනවා. මම මෙච්චර කාලයක් කලේ රූෆ්ටොප් ගාඩ්න් ඒකට පොකුනෙ වතුර ගහල මදි පාඩුව ටැප් වතුරෙන් පුරවන ඒක. ආසන්නව දවසකට ලීටර් 250 ක් විතර යනවා. ඒ්ත් ඒ් ප්‍රමාණය ටැංකිය පිරිසිදුව තියා ගන්න මදි නිසා දිනපතා තවත් වතුර ලීටර් 250 ක් විතර නිකරුනේ අයින් කරනවා.
ඒ් වගේම නාන්න, රෙදි සෝදන්න, ගෙවල් පිරිසිදුව තියන්න තවත් ලොකු වතුර ප්‍රමාණයක් යන නිසා. නල ලිදක් ගැහුවා. නල ලිදක් ගහනවා නම් අඩු තරමේ ලගම ටොයිලට් වලට අඩි පනහක් වත් තියෙන්න ඔ්න. මම නල ලිද ගහපු තැනට අඩි පනහක් ඇතුලෙ වැසිකිලි වලක් නැති නිසා. වැඩේට සූදානම් උනා.
මම ලිං ගහන ඒකෙක් හොයා ගත්තෙ නෙට් ඒකෙන්. කථා කරාම අඩියක් 1200 ක් වෙන්න ගහල දෙන්නම් කිව්වා. වල හාරනවා වගේම අවශ්‍ය බට උන්ගෙන්. පොම්පයක් අවශ්‍ය නැහැ. මෝටරයක් ගහන්න මම සූදානම් උනේ. කියල පහුවදා උදේ 8 වෙද්දි ලිං ගහන උන් ආව.
ලිද පට පට ගාල ගැහුවා. අඩි 30 ක් යද්දි උන් කිව්ව මීට වඩා ගහන්න බෑ කියල. මොකද ලිද ගැහුවේ බොහොම පටු තැනක. ඒ් වගේම උන් කිව්වා ගද මැට්ටක් අහු උනා ඔයිට යටට ගැහුවොත් වතුර ගද වෙයි කියලා. උන් අඩි තිහක් ගැහුව කිව්වා. මම නූලක් දාල මැන්නම අඩි 25 යි. උන් කියන විදියට අඩියට 1200 බට වලින්ලු ගන්නෙ. බට අඩි 30ක් පාවිච්චි කලාලු. රුපියල් 6000 කට වලි දාගන්න කැමති නැති නිසා 36000 කින් වැඩේ කලා. අනිවාර්යෙන්ම ගණන් කථා කරද්දි අඩියක ගාන ගැබුරටද බට අඩි ගානටද කියල පැහැදිලිවම අහන්න. උන්ගෙ කපටි කමක් ඒ්ක.
View attachment 191712
ඔය තියෙන්නෙ ලිද. අඩි හයෙන් වතුර මතු උනා.
වතුර ඉහලා ලිද සුද්ද කරන්න පටන් ගත්තා. ඒක දිගට පැය ගානක් මෝටරය ගහලත් අගලක් වත් වතුර අඩු වෙන්නෙ නෑ. වතුරෙන් ඇමෝනියා ගදක් ආපු නිසා ගද ඉවරවෙන කම්ම පැය හය හතක්ම වතුර ඇද්දත් කිසිම ගද අඩුවක් නෑ.
View attachment 191713
වතුර ලිදෙන් ඒලියට ඒද්දි පට්ටම ක්ලියර්. විනාඩි තිහක් වගේ යද්දි මලකඩ හැදෙනවා. වතුරේ යකඩ අයන දියවෙලා තිබිලා ගොඩට ආවම ඔක්සිජන් ඒක්ක ප්රතික්්රයා කරල මලකඩ හැදෙනවා. මේ වතුර කිසිම වැඩකට ප්‍රයෝජනයට ගන්න බෑ. මාලුන්ට අහිතකරයි. වතුර තද දුඹුරු නිසා මාලු ටැංකියට දැම්මොත් මාලු ඉන්නවද වත් හොයා ගන්න බැරි වෙනවා. ඇමෝනියා ගද විනාඩි කීපයකින් නැති උනත් ජලයෙ කවලම් වෙලා ඇති යම් මට්ටමක්. ඒ් මාලුන්ට අහිතකරයි.
නාන්න ගන්න බෑ. වතුරෙන් යම් ගදක් ඒනවා. ටොයිලට් ෆ්ලෂ් කරන්න ගන්නත් බෑ. වතුර වැටෙන වැටෙන තැන මලකඩ පාර හිටිනවා. කොමඩ් ගන්න දෙයක් නැති වේවි. රෙදි හොදන්නත් බෑ.
අන්තිමට ඉන්ටර් නෙටියෙ බලල බලල සමහර උන් කරල තියෙන විදියට මම මුළු ලිදටම ක්ලෝරින් පාරක් ගැහුවා. ක්ලෝරීන් ග්‍රෑම් 250 ක් ගැහුනා. දැන් වතුරෙ ගද ගිහින්. මලකඩ ගතියත් නෑ. හැබැයි තවම පැය ගානක් ඒක දිගට වතුර ඇදල බැලුවෙ නැති නිසා වැඩේ සාර්ථකද දන්නෙ නෑ.
කවුරු හරි නල ලිදක් ගහන්න ඉන්නවා නම් මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න. වටේ පිටේ ලිංවල තත්වය ටිකක් හොයල බලන්න.
View attachment 191715
)