අවුරුද්දකට විතර පස්සෙ ආයිත් ට්‍රිප් එකක් සෙට් උනා. සීතල පලාතකට යමු කියලා කට්ටිය ලැහැස්ති වුනාට අන්තිමට කතරගම යාල හරහා නුවරඑලිය පැත්තට යන්ට සෙට් වුනා. දවස් තුනක්. පලවෙනි දවස කතරගමට ගිහින් නතරවෙන්න තැනක් හොයාගන්න හිතාගෙන දෙයකි දවස නතර වෙන්න තැනක් හෙව්වා. මුලින් ලෑස්ති වෙලා හිටියේ මහවැලි වෙස්ට් එකක් ගන්න මහවැලි ඉංජිනේරුවෝ කියන වුන් රොත්තක්ම ඉන්න හින්දා. අන්තිමට බැලුවම බදුල්ල කොත්මලේ තමා තිබ්බේ. කොත්මලේ පැත්ත ලස්සන හින්දා එහේ booking පාරක් දන්න කියලා කියලා කිව්වට පස්සෙ මෙන්න කියපි යාල සපාරි යනවා කියලා දෙවනි දවසේ උදේ. ඩයිවර්ට ඉන්නේ ක් අපේම එකෙක් අට පන යයි කියලා වැඩේ කැන්සල් කරමු කියලා ඉංජිනේරු තුමාට කිව්වා. ඊට පස්සේ නෙට් එකේ නවතින්න තැනක් හොයද්දි අඩු ගානට හොඳ තැනක් සෙට් වුනා.
මේක සංචාරක මණ්ඩලයේ තැනක්. කොටේජ්යි ඩෝමේට්ට්රි තමා තියෙන්නේ දෙන්නගේ ඉදන් හය දෙනා වෙනකම් නතර වෙන්න කොට්න් තියනවා. ඊට වැඩිනම් කතා කරලා කර ගන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් වගේ. උදේ කෑම සමග අපිට රුපියල් 7100 ගානක් වැටුනේ. කොටේජ් එකට 6200 අනෙක් එක්කෙනාට වෙනම ඩෝමිට්ට්රි ගාන එකතු වෙලා.
ආණ්ඩුවේ තැනක් ඉතින් තැන සුපිරිම මට්ටමේ නැහැ මේ වෙනකොට. හැබයි හොට් වෝටර් එක්ක පිගන් කෝප්ප ඇතුලු සියලුම දේ තියනවා. රෑ කෑම පිටින් ගන්නත් පුළුවන් ඇතුලේ න් කියලා ගන්නත් පුළුවන්.
වටපිටාව නම් මාරම ලස්සනයි. සුපිරි. ඒ වගේම කොටේජ් අතර හොද ඉඩක් තියනවා. කිසිම කරදරයක් නැහැ.
Book කරන්න හෙඩ් ඔපිස් එකෙන් හරි කෙලින්ම කතා කරලා හරි පුළුවන්. Booking කරන්න පුලුවන්නම්. එකවුන්ට් එකට ගාණක් දාන්න විතරයි ඕනේ. එක තමා තිබ්බ ලොකුම දේ මොකද ආණ්ඩුවේ අනිත් එව්වට ඔපිස් ගානේ යන්න ඕනේ.මම බුක් කලේ දවස් හතරක් තියලා හයිවේ එකේ එන ගමන්. තව මේ ගොල්ලන්ගේ අනුරාධපුර, නුවරඑලිය, කතරගම වගේ තැන්වලත් රිසෝට් තියනවා. ඒවාත් සාධාරණ ගණන්වලට බුක්කර ගන්න පුළුවන්. ඔක්කෝම විස්තර site ඒකේ තියනවා. හැබයි ඉතින් ප්‍රාථමික මට්ටමේ site එකක්. අඩුම තරමේ කොටේජ් එකක් ඇතුලේ පොටෝ එකක් නැහැ.
http://nationalholidayresorts.lk/bandarawela.html