නවරත්න ගල් හඳුනා ගනිමු

akura

Member
Feb 14, 2015
36
3
0
නවරත්න ගල් හඳුනා ගනිමු


නවරත්න ගල් හඳුනා ගනිමු

පුරාණයේ සිටම ජ්‍යෝතිෂ්‍යයට අනුව අපල සඳහා විවිධ ගල් වර්ග පැළඳීම අපේ රට තුළ දක්නට ලැබෙන එක්තරා ආකාරයක ශාන්තිකර්මයක්. පොළොවේ ශක්තීන්ගෙන් උපදින ගල් වර්ග අපල සඳහා පැළඳීමෙන් සෙත ශාන්තිය සැලසී අපල දුරුවන බවට අප තුළ ඉතා ඉහළ විශ්වාසයක් තිබෙනවා.


එක් එක් අපල සඳහා යොදා ගන්නා ගල් වර්ග විවිධ ස්වභාවයන්ගෙන් දක්නට පුළුවන්.



නිතර දක්නට ලැබෙන ග‍්‍රහ අපල සඳහා ගල් වර්ග යොදා ගැනීම සිදුවන ආකාරය අපි දැන් විමසා බලමු.


රවීගේ මහ දසාව - පද්මරාගසඳු මහ දසාව - මුතුකුජ මහ දසාව - රතු මැණික්බුධ මහ දසාව - පච්ච හෝ කොළ පැහැති තෝරමල්ලි ගුරුගේ මහ දසාව - පුෂ්පරාගසිකුරුගේ මහ දසාව - සුදු නිල් ගල් සහ දියමන්ති සෙනසුරුගේ මහ දසාව - නිල් මැණික්රාහුගේ මහ දසාව - ගෝමේදකේතුගේ මහ දසාව - වෛරෝඩිමෙසේ පළඳිනු ලබන ගල් වර්ග නවරත්න ගල් ලෙස හඳුන්වනු ලබන අතර නවරත්න තමාගේ ශරීරයෙහි ස්පර්ෂවන ආකාරයෙන් පැළඳීමෙන් අපල දුරුවන බව අපේ රටේ මුල්බැසගත් මතයයි.



ඒ සඳහා ගල් වර්ග යොදාගනිමින් මුදු සහ පෙන්ඩන් නිර්මාණය කරන අයුරු බොහෝවිට දක්නට ලැබේ.ඉතා කුඩාවට සකසාගත් ගල් වර්ග නවය යොදා ගනිමින් නිමවන ලද මෙම මුදු සහ පෙන්ඩන් නිර්මාණයේදී විස්වාසනීයත්වය රැක ගත් ස්ථානයක් තෝරා ගත යුතුම වන්නේ තමාගේ ජිවිතය සමඟ බැඳී පවත්නා විශ්වාස පදනම් කරගනිමින් මෙම භාණ්ඩ නිපදවන බැවිනි.නවරත්න ගල් යොදා ගනිමින් භාණ්ඩ නිපදවීමේදී ඒවායෙහි නියමිත පැහැය පිළිබඳව දළ අවබෝධයක් ලබාතිබීම ඉතා වැදගත්ය. අප ඉහත පරිච්ඡේදයකදී අධ්‍යාපනය කළ ආකාරයට හොඳ ගල් වර්ග සහ නිවැරැදි ගල් වර්ග තෝරා ගැනීම සඳහා වර්ණය ඉතා අගනා මෙහෙයක් ඉටු කරනු ලබයි.



නවරත්න වල වර්ණය විමසා බැලීම වැදගත් වන්නේ ඒ හෙයිනි.
* පද්මරාග - නෙළුම්මල් පැහැති රෝස පැහැයක් ගනී.
* මුතු – සුදු සහ කළු මිශ‍්‍ර වර්ණයක් ගනී.
* රතු මැණික් – දීප්තිමත් රතු පැහැයකින් යුක්තය.
* පච්ච, කොළ තෝරමල්ලි – දීප්තිමත් කොළ පැහැය.
පුෂ්පරාග - දීප්තිමත් කහ පැහැයෙන් යුක්තය.
* සුදුනිල් සහ දියමන්ති – දීප්තිමත් සුදු පැහැයක් ගනී.
* නිල් මැණික් – දීප්තිමත් නිල් පැහැය.
* වෛරෝඩි – කහ මිශ‍්‍ර කොළ පැහැයක් ගනී. නූල් වැනි ස්වභාවයක් ගල අභ්‍යන්තර දැකිය හැකිය.


මෙම වර්ණ උපයෝගී කොටගනිමින් ගල් වර්ග නිවැරැදිව හඳුනා ගන්නට ඔබට පුළුවන්. හිරු එළියට අල්ලා නිවැරැදිව වර්ණය සසඳාබැලීම ගල් වර්ගය නිවැරැදිවම හඳුනා ගැනීමට උපයෝගී වනවා. ගල් වර්ග මිලදී ගැනීමේදී විශ්වාසවන්ත ආයතනයකින් එය මිලට ගැනීමට වගබලාගත යුතුයි.