නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කළාය.
ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙයි.
දිගු කාලයකට පසුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. මේ වනවිට එරට සෞඛ්‍ය බළධාරීන් ඔහුට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මීට පෙර වාර්තා වූ ආසාදිතයන් සහ අලුතින් හඳුනා ගත් ආසාදිතයා අතර කිසිදු සබඳතාවයක් නොමැති බව මේ වනවිටත් අනාවරණය කරගෙන තිබේ.
මෙම ආසාදිතයා හමුවීමත් සමග කැබිනට් මණ්ඩලය රැස් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් කටයුතු කර ඇති අතර ගතයුතු පියවර සම්බන්ධයෙන් කැබිනෙට්ටුව සාකච්ඡා කරමින් සිටී.