නව ප්‍රභේදය හේතුවෙන් දෛනික ආසාදිතයින් ඉහළ යා හැකියි - GMOA

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ඉදිරියේදී දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඊයේ (12) මෙරට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිරයන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කරමින් ඒ බව පැවසීය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ,"ජයවර්ධනපුර රසායනාගාරය විසින්ම තහවුරු කරනවා සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාප්තිය වැඩිවෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ රෝගීන් 800 ඉදිරියේදී 1200 දක්වා ගමන් කළ හැකියි කියන පණිවුඩය තමයි මේ දෙන්නේ. මේ කියපු ප්‍රදේශ 4 තුළ විතරද මේ නව වෛරස් ප්‍රභේදය තියෙන්නේ. ඒකට උත්තරය අපි තාම දන්නේ නෑ. ඒ නිසා එක රසායනාගාරයක් මත යැපෙන්නේ නැතුව මේ සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා," යනුවෙනි.

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dawasata 1000k ey wage

    ade issara mathakayi ara navy pokura aapu dawas wala dawasata 60k aapuwama minissu sahenna bayawuna. dan ganak wath naha.