නව වෙනි මහලෙන් පහලට -

නව වෙනි මහලෙන් පහලට -

නික්ම ගිය සතියේ ඉන්දියාවේ දිල්ලි අධිකරණය හරි අපූරු තීන්දුවක් දුන්නා. ඒ කුරුල්ලන්ට පියෑඹීමට අයිතියක් තියනවා කියලා. ඉන්දියාවේ කුරුල්ලන් කූඩු කරලා හදපු මොහොමඩ් කියන කුරුළු වෙ‍ළෙන්දාට විරුද්ධව අධිකරණයේ පිහිට පතපු සත්ව සංවිධාන එහිදී ගෙනහැර පෑවේ මිනිස්සුන්ට වගේම කුරුල්ලන්ටත් මූලික අයිතිවාසිකම් තියෙනවා කියලා. මේ අදහස අවසානයේ අධිකරණය පිළිගත්තා. වදහිංසා වැලැක්වීමේ පනතට අනුව කිසිම සතෙක් කුඩු කරලා තබා ගැනීම එම සතාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලයි අධිකරණය තීන්දු කළේ.

මෙන්න මෙතනදී අපි හැමෝටම සාධාරණ එකඟතාවයක් ගොඩනැගෙනවා. තමන්ගේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන මිනිස්සු කුරුල්ලන් කූඩුකරගෙන හදන්නේ මොන කෙංගෙඩියටද කියන දේ ගැන. මේකට හරි ලස්සන කතාවක් තියෙනවා. සත්තු වත්තේ ඔටුවෙක් ඉස්සරහා ඉන්න අම්මා හා පුතා අතර කතාවක් ගලාගෙන යනවා.

පුතා - ඇයි අම්මේ මේ ඔටුවට මොල්ලියක් තියෙන්නේ?

අම්මා - පුතේ .... කාන්තාරයේ දවස් ගණන් යන මේ සතුන්ට වතුර නැහැ. ඔටුවට අවශ්‍ය ජලය ලබා ගන්නේ මේ මොල්ලිය නිසා.

පුතා - ඇයි ‍අම්මේ ඔටුවගේ ඇස් පිහාටු මෙච්චර දිග?

අම්මා - පුතේ .... ඒ කාන්තාරයේ යනකොට වැලි කුණාටු වලින් බේරෙන්න.

පුතා දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යනවා.

ඇයි වලිගය මෙච්චර දිග?

ඇයි හම මෙච්චර ගනකම?

ඇයි කකුල් මෙච්චර උස?

අම්මා තමන්ගෙ ලඟින් ඉන්න පුතා ඈතින් ඉන්න ඔටුවා දිහා බලාගෙන අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. හැබැයි දරුවා අවසානයේ කවුරුවත් හිතපු නැති ප්‍රශ්නයක් අහනවා.

පුතා - කාන්තාරයේ ඇවිදින්න ඔටුවට ඔය හැම දේම තියෙද්දී ඇයි අම්මේ ඌ මේ කූඩුවට වෙලා ඉන්නේ?

ඒ ප්‍රශ්නෙත් එක්ක අර අම්මත් නිරුත්තර වෙනවා.

මිනිස්සු බල්ලො ඇතිකරන්නේ පාළුවට වගේම ආරක්ෂාවට. ඒක දඩයම් යුගයේ ඉඳන් ගොවි යුගයෙන් ඔබ්බට ගියපු කාර්මික යුගය දක්වා විහිදුණු පුරුද්දක්. එතන ලොකු අවුලක් නැහැ. හැබැයි තමන්ට තියෙන අසහනය නැතිකරගන්න කියලා පියාඹන කුරුල්ලෝ කූඩුවේ දමාගෙන ඉඳීමෙන් අවසානයේ නැතිවෙන්නේ කුරුල්ලන්ගේ සහනය. කැලෑ වල ඉන්න ඕන කිරි බොන අලි තමන්ගේ මිදුලේ අනුන්ට පේන්න බැඳගෙන ඉන්න මිනිස්සුත් කරන්නේ ඔය වරදම. අර පරණ කතාවක් තියෙනවා රත්තරනින් රන් කූඩු හැදුවත් ගිරව් ලගින්නේ වනන්තරේ කියලා.

ගිය ආණ්ඩුව හදපු මේ ආණ්ඩුව විවෘත කරපු පින්නවල සත්තු වත්තේ තාම නැත්තේ සත්තු විතරයි. හැබැයි සත්තු ඉන්න දෙහිවලට ගිහින් අපි හැමෝම කරන්නේ ටිකට් අරන් සත්තු බලන එක. සතුන්ගේ පැත්තෙන් හිතුවොත් සත්තු හැම දවසකම එක එක ජාතිය මිනිස්සු බලනවා. මෙතෙන තියෙන්නෙත් මට හිතෙන විදියට ප්‍රාථමික නොදියුණු තත්වය. න්‍යෂ්ටික අත්හදා බැලීම් වගේ ලොකු ‍ලොකු දේවල් ගැන අපි කතා කරත් බලන් ගියාම අපි තාම ඉන්නේ සත්තු බලලා ආතල් ගන්න සමාජයක. කූඩු කරපු සත්තු බලලා සහනයක් ගන්න තරම් මේ සමාජය තුල තියෙන්නේ අසහනය.

දැන් මේ ලියන කතාව වෙනස් තැනකට යනවා. මේ අසහනය දෝරෙගලපු තැනක් තමයි යාපනයේ විද්‍යා සිවයෝගනාදන් කියන දැරියගේ මරණය. ඒ මරණයෙන් පසු ඇතිවෙච්ච දේශපාලනික කාරණා වලින් ඔබ්බටයි මේ ගැන හිතන්න ඕනේ. ආපහු ටිකෙන් ටික නැගිටින දෙමළ ඩයස්පෝරාවේ හැසිරීම් වලින් ඔබ්බට හිතුවම මේ වගේ සිදුවීම් හරහා නිර්මාණය වෙන්නේ සමාජ කේදවාචකයක්. අනාචාරය වීරකමක් විදියට සලකන සමාජයක් තුළ අවසානයේ ස්ත්‍රී දූෂණයන් ටිකෙන් ටික සාමාන්‍යකරනය වෙනවා. ගුවන්විදුලියේ, රූපවාහිනියේ විකාශන නිමාව දක්වාම බණ අහන සමාජයක් තුළ ඉන්න පිරිමින්ම ගැහැණිය කියන්නේ ලිංගික භාණ්ඩයක් බවට ලඝු කොට සලකනවා. උපතින්ම පිරිමි වීම නිසාවෙන්ම පිරිමි වූ සමහරක් දෙනෙකුගේ වැඩ නිසා සමස්ථ සමාජයම පිරිමිකම විතරක් නොවේ මනුස්සකමත් නැවත නැවත ප්‍රශ්න කිරීමට ලක් කරනවා.

හොඳම උදාහරණය තමයි අවුරුදු හතලිහක් පුරාවට දුක් විඳලා මිය ගිය අරුණා ශන්බෝග් කියන හෙදියගේ කතාව. ඉන්දියානු ජාතික අරුණා දිල්ලි ප්‍රධාන රෝහලේ හෙදියක්. ඇය විවාහ වෙන්න නියමිත වෙලා හිටියේ වෛද්‍යවරයෙක් සමඟ හැබැයි අවාසනාවන්ත ලෙස විවාහයට සතියකට කලින් ඇයව රෝහලේදී දූෂණයට ලක් වෙනවා. ඒ සුළු සේවකයෙකුගේ අතින්. ඔහු දම්වැලකින් ඇයගේ ගෙල සිරකරනවා. අවසානයේ සිහි නැති වෙන අරුණා අවුරුදු හතලිහක් රෝහල් ඇඳක් මත දුක් විඳලා ජීවිතයෙන් සදහටම යන්න යනවා. කරුමේ කියන්නේ ස්ත්‍රී දූෂණය සිද්ද කරපු අර සුළු සේවකයා මේ මොහොත වන විටත් සිර දඬුවම අවසන් කරලා දිල්ලියේ සාමාන්‍ය මනුස්සයෙක් විදියට යහතින් ජීවත් වෙනවා.

සිරිලක දේ සිරිසැප දේ කියලා කියන නිසා ඉන්දියාවේ උදාහරණ නවත්වනවා. මම ලංකාවෙන් ආපහු ලියන්න පටන් ගන්නවා. අන්තර්ජාලය තුළ සෙක්ස් සර්ච් කිරීම හරහාම තමන්ගේ ලිංගික අසහනය වාර්තා පිට වාර්තා තබමින් වාර්තා කළ අපේ මිනිස්සුන්ට තවදුරටත් යුතුකම් ඉටුකරපු මනුස්සයෙක් තමයි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. ඒ ස්ත්‍රී දුෂණය විතරක් නෙවෙයි බෝනස් එකට ගෑණු මනුස්සයා බඳින්න හිටපු මිනිහත් මරලා. අවසානයේ තමන්ගේ ලිංගික අසහනය වෙනුවෙන් සහනයක් පතපු ඒ මහත්තයා නතර වුණේ මහඋළු ගෙදර.

මේ වගේ උදාහරණ ඕනතරම්. සෙක්ස් සම්බන්ධයෙන් තියෙන ඇරියස් කවර් කරන්න ගිහින් තමන්ගේ දේශපාලන ගමන විනාශ කරගත්ත අනිත් මනුස්සයා තමයි අකුරැස්සේ සාරුව සුනිල්. ඔය උදහරණ හැම එකක් තුළම දේශපාලන බලය කියන දේ යම් මට්ටමකින් හෝ ගෑවිලා තියෙනවා
හැබැයි මිනිස්සුන්ගේ තියෙන මේ විකෘති ලිංගික මානසිකත්වය දේශපාලන සාධකයෙන් ඔබ්බට යනවා. අර මාතර පැත්තේ පන්සලක ඇබිත්ත කොලුවෙක් මුදුන් බාල්කයක එල්ලිලා සිය දිවි නසාගත්තේ ඔන්න ඔය නිසා. පල්ලි වල සිද්ධවෙන ලිංගික අතවර ගැන එංගලන්තය ආපහු වතාවක් ගිණිගත්තේ මාස තුන හතරකට කලින්. දුක් විඳලා ගත්ත වෛද්‍ය උපාධිය බල්ලට දමලා ගැහැණියකගේ තාවකාලික සැපත වෙනුවෙන් මීගමුව රෝහලේ වෛද්‍යවරයෙක් ජීවිත‍ය පරදුවට තබන්නෙත් මේ නිසා. ඉස්කෝලේ එක වසරට ළමයා ඇතුළත් කරන්න එන අම්මලත් එක්ක හුරතල් වුණු ප්‍රින්සිපල් නික්ම ගිය සතියේ අධිකරණයේදී වරද පිළිගත්තේ හිස නමලා.

මේ හැමදේම තුළ අවසානයට තියෙන්නේ හික්මීමක් නැති මිනිස් සිත තුළ ඇතිවෙන අසහනය. විනයක් නැති සමාජයක් තුළ හැදෙන වැඩෙන මිනිස්සු තම තමන්ගේ අසහනයට කරන වැඩ නිසා සහනයක් නැති වෙන්නේ හැමෝටම. මේ සම්බන්ධයෙන් හොඳ කතාවක් අවසානයේ මතකයට එනවා. එතැනින් නතර වෙනවා.

මම දැන් සති දෙකතුනකට විතර උඩදී ෆේස් බුක් එක තුළ ලිපියක් පල කලා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අවභාවිතය සම්බන්ධයෙන්. දවස් දෙක තුනකට විතර පස්සේ ඒක කියවපු පළාත් සභා මන්ත්‍රීතුමෙක් මගෙන් අහනවා ඔය වගේ ගැඹුරු දේශපාලනික කාරණා ෆේස් බුක් එකේ දාලා වැඩක් තියෙනවද කියලා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. අන්න ඒකට එතුමා අවසානයේ දෙනවා හරි අපූරු පිළිතුරක්.
“... නිකමට හිතල බලන්න ඔය ලිපියට කී දෙනාද ප්‍රතිචාර දක්වල තියෙන්නේ කියලා. අඩුම තරමේ ලයික් එකක්වත් දමලා තියෙන්නේ කී දෙනාද. අද කාලේ මිනිස්සුන්ට ඕන ආතල්. බොරුනම් නිකමට දමල බලන්න ගෑණු පරානයක් බාගෙට ඇඳන් ඉන්න ෆොටෝ එකක්. ෆේස් බුක් එකේ ඉන්න පිරිමි කමෙන්ට් කරන්නේ සංසාරෙම ගෑණු දැකපු නැති ගානට.”


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මල කොතලාවල මහතා ලියපු ලිපියක්.
 
  • Like
Reactions: Nu1Dnk

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දළ අැතෙක්ව හීල කරලා අැති කරන එකද හොද? කැලේ තියලා දඩයම්කරැවෙකුට ගොදුරැ වි මැරෙන එකද හොද?
    එහෙම නැත්නම් නිදහසේ ජිවත් වෙන්න අාරක්ෂාව සපයන එකද?
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලස්සන කථාවක් ලියන්න පටන් අරන් දේශපාලනෙයි ගෑනුයි නිසා කැත කරගත්තු විදිහක් තමයි පේන්නෙ...කොහොම උනත් හිතන්න දේවල් ගොඩක් තියෙනව.. TFS
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මේ හැමදේම තුළ අවසානයට තියෙන්නේ හික්මීමක් නැති මිනිස් සිත තුළ ඇතිවෙන අසහනය. :yes: