නව_අගවිනිසුරු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    "මට ගෙයක් නෑ - මම ණයත් නෑ!“ - ඉන්දියාවේ නව අගවිනිසුරු කියයි

    _%E0%B6%9C%E0%B6%9C%E0%B6%BA.jpg

    ‘‘දීපක් මිස්රාට තට්ටු නිවසක් තිබෙනවා, බැංකු ණයක් තිබෙනවා. මට ගෙයක් නෑ. ණයත් නෑ“- නව අගවිනිසුරු කියයි.

    විනිසුරු රන්ජන් ගොගොයි ඉන්දියාවේ 46 වැනි අගවිනිසුරුවරයා වශයෙන් අද (03) දිවුරුම් දුන්නේ, ඓතිහාසික තීන්දු ගණනාවක් ලබාදුන් දීපක් මිස්රාගේ අසුන පුරවන්නේ ඔහු විසිනි.

    ඔක්තෝබර් 1 වැනිදා පැවති අගවිනිසුරු දීපක් මිස්රාගේ සමුගැනීමේ උත්සවයට සහභාගි වෙමින් දීපක් මිස්රා යනු ‘remarkable judge’ - විශිෂ්ට ගණයේ විනිසුරුවරයෙක් යැයි ඔහු පැවසුවේය. ඉදිරියේදී කළ යුතු වැඩ කටයුතු රාශියක් තිබෙන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

    rsvut7kg_ranjan-gogoi-clear_625x300_01_October_18.jpg

    The Former Chief Justice of India, Justice Shri Dipak Misra

    සමරිසි භාවය අපරාධමය නොවන වරදක් බවට පත් කිරීම, පුද්ගලිකත්වයේ අයිතිය ලබාදීම, අනාචාරය අපරාධ වරදක් නොවන බව ප්‍රකාශ කිරීම ඇතුළු අති විශිෂ්ට ගණයේ නඩු තීන්දු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ලබාදුන් හිටපු අගවිනිසුරු දීපක් මිස්රා, වසර 21 ක විනිසුරු දිවියට මේ වන විට විශ්‍රාම දී සිටියි.

    ඔහු එසේ විශ්‍රාම යාමට පෙර සිය අනුප්‍රාප්තිකයා වශයෙන් රංජන් ගොගොයි ව කිසිදු පැකිළීමකින් තොරව නම් කර තිබිණි.

    ranjan_gogoi_dipak_misra_pti_750.jpg

    මේ අතර., 2001 වසරේ පටන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස විනිසුරු සේවාවට ඇතුළත් වූ නව අග විනිසුරු රන්ජන් ගොගොයි, 2012 අප්‍රේල් මාසයේ දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස තේරී පත්විය. බොහෝ දෙනා සඳහන් කරන පරිදි, දීපක් මිස්රා විසින් ලබාදුන් පරමාදර්ශ පිළිබඳ මනා අවබෝධයක් ඔහු තුළ ඇති අතර, දීපක් මිස්රා විසින් ඉන්දීය නීතිය සහ එ් අනුව ඉන්දීය සමාජය තුළ සිදුකළ කැපී පෙනෙන වෙනස්කම් ඉදිරියට ගෙන යා හැකි විභවයක් සහිත අයෙක් ලෙස ඔහුව හඳුනා ගැනේ.

    මේ දෙදෙනා අතර විවිධ සමානකම් තිබේ. මේ දෙදෙනාම අගවිනිසුරුවරුන් වීමට පෙර මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඇති අය වෙති. ඉන්දියානු විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳීමේදී සිය වත්කම් හෙළිකළ යුතුය. බොහෝ වාර්තාවලට අනුව මේ දෙදෙනාගේ බැංකු ගිණුම්වල ශේෂය, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකුගේ බැංකු ගිණුමකට වඩා විශේෂත්වයක් උසුළන්නේ නැත. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද සඳහන් කරන ආකාරයට මොවුන්, දිළින්දන් වැනි ය. මේ අතරින් නව අගවිනිසුරු රන්ජන් ගොගොයි, දීපක් මිස්රාට ද වඩා දුප්පත් ය.

    ‘‘දීපක් මිස්රාට තට්ටු නිවාසයක් තිබෙනවා. ඔහු නිවාස ණයක් ගෙන තිබෙනවා. මට ගෙයක් නැහැ. මම ණයත් නැහැ.“ යැයි නව අගවිනිසුරුවරයා පැවසුවේය.

    එසේම රංජන් ගොගායි අගවිනිසුරු කිසිවෙකුට ණය නැති අයෙකු බව ද පැවසේ. ඔහුට බැංකු ණය කිසිවක් නොමැති හෙයින් ඔහු කිසිදු මූල්‍ය වගකීමකට යටත් පුද්ගලයෙකු නොවේ. මෙයට සාපේක්ෂව හිටපු අගවිනිසුරු දීපක් මිස්රා, දිල්ලියේ තට්ටු නිවාසයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 22 1/2 ක බැංකු ණයක් ගෙන ඇති අතර, ඔහු මේ වන විට එය ගෙවමින් සිටියි. මෙයට දශකයකට පමණ පෙර දීපක් මිස්රා, මහාධිකරණ විනිසුරුවරයෙකු වූ පසුව කුට්ටුක් නුවර තවත් නිවසක් ඉදි කර ඇත. ඔවුන් 2012 වසරේදී සිය වත්කම් ප්‍රකාශයට පත් කළේ කිසිදු පැකිළීමකින් තොරව ය. 1999 වසරේදී ගුවාහතී නුවරින් ඔහු ඉඩමක් මිලදී ගෙන තිබූ අතර, පසුගියදා එය රුපියල් ලක්ෂ 65ක මුදලකට විකුණූ බව මැයි මාසයේදී සිය වත්කම් හෙළිකරමින් පැවසුවේය. එහිදී කොතරම් විනිවිද භාවයක් ඔහු විසින් ප්‍රකට කළේ ද යත්, එම ගැණුම්කරුගේ නම පවා ඔහු හෙළිකර සිටියේය. මේ වන විට ගොගොයි අගවිනිසුරුවරයාගේ බැංකු ගිණුමේ ලක්ෂ 30 ක මුදලක් තිබේ.

    එසේම දීපක් මිස්රා හිටපු අගවිනිසුරුවරයා රන් මුදු දෙකක් සහ රන් දම්වැලක් පැළඳුවද, නව අගවිනිසුරු රංජන් සතුව එකදු රත්තරන් කෑල්ලක් හෝ නැත. ඔහුගේ භාර්යාව රන් ආභරණයක් පළඳින අතර, එය ද ඇගේ නෑ හිතමිතුරන් විසින් මංගල දිනයේදී තෑගි දුන් එකක් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පවසයි.

    මේ දෙදෙනාම පසුගිය දශක දෙක පුරාම නිල රථ පමණක් පාවිච්චි කළ අය වන අතර, දෙදෙනාටම කිසිදු පුද්ගලික වාහනයක් නොමැත. ඉන්දියාවේ ඇතැම් විනිසුරුවරුන් මෙන් මේ දෙදෙනා කොටස් වෙළඳපොළ වත්කම් හිමි අය ද නොවෙති.

    1497565853-6433.png

    පී.එන්. භගවතී විනිසුරු

    V.R.Krishna_Iyer.jpg

    ක්‍රිෂ්ණ අයියර් විනිසුරු

    ඔවුන්ගේ වත්කම් මෙයාකාර වන්නේ, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සාර්ථකත්වයට පත්වූ ඇතැම් නීතීඥයෙක් දිනකට ලක්ෂ 50 ක් උපයන වාතාවරණයක් තුළදී ය. මේ විනිසුරුවරුන්ගේ ‘දුප්පත්කම‘ යැයි කෙනෙකු පුදුමයට පත් වන්නට පුළුවන. ලෙහෙසියෙන්ම දිනකට රුපියල් ලක්ෂ 50 ක් උපයා ගැනීමට හැකියාව තිබියදී මසකට රුපියල් ලක්ෂයක වැටුපකට ඔවුන් විනිසුරු අසුනට එන්නේ ඇයි? මිනිස්කම මිල කළ නොහැකි බවත් එනිසා මිල මුදලට වඩා මිනිස්කම අමිල බවත් ඔවුන් දන්නා නිසාය. මේ වන විට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ වැටුප, අවම වශයෙන් තුන් ගුණයකින්වත් වැඩි විය යුතු යැයි සංවාදයක් ඇතිව තිබේ. එය යථාර්ථයක් බවට පත්වූවත් නැතත්, දීපක් මිස්රා, අතීතයේ සිටි ක්‍රිෂ්ණ අයියර් සහ පී.එන්. භගවතී වැනි විනිසුරුවරුන් විසින් හෙළි කළ මාවතේම නව අගවිනිසුරුවරයා ද පිය නගනු ඇතැයි විශාල විශ්වාසයක් පවතියි.

    ඉන්දියාව මෙවන් මිනිසුන් අතළොස්ස නිසා කවදත් සිටිනුයේ අපට වඩා ඉදිරියෙනි.

    තමන් තමන්ටම සාක්ෂි දරමින්, ඔවුන් විසින් යුක්තියේ දෝංකාරයෙන් සමාජ දේහයේ හදවත් උණුසුම් කරන අන්දම - මේ ලොව අන් කිසිවකට සම කළ හැකි නොවේ.

    හොඳනම් rep+++ දාගෙනම යන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න ඒකට අපේ අගමැතිතුමා, දවසින් බිලියන 30 හෙවුව කියපන්කො...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉන්දියාවේ ගොඩක් අංශ දුෂිත උනාට එහෙ අධිකරණ පද්ධතිය ශක්තිමත් නේද?
     
    smssilva

    Member
    Oct 4, 2018
    29
    11
    3

    Ela