න්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ…

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    න්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ…

    කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC
    කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

    නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

    මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

    මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

    ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

    සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මාත් ලංකාවට එන්න ඕන ආන්ඩුවේ සල්ලි වලින් හිල්ටන් එකේ ඉන්න සති දෙකක්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොද වැඩේ , ඕනේ නම් සල්ලි ගෙවලා ඉදපන් කියලා දෙන්න ඕනේ ...