නාගනන්දගෙ පැටිකිරිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නාගනන්දගෙ පැටිකිරිය





    අධිකරණය දූෂිතයැයි කියන නාගානන්ද කොඩිතුවක්කුගේ නියම ස්වරූපය...

    මම කොඩිතුවක්කු දීර්ඝ කාලයක් තිස්සේ හඳුනයි. මා ඔහුගෙන් ලබාගත් කිසිදු උදව්වක් නැතත් ඔහු නම් මගෙන් උදවු ලබාගෙන තිබේ.

    ඔහු රේගුවේ (Sri Lanka Customs) සිදුවන වංචා අල්ලන වැඩසටහනක් මගින් ප්‍රකෝටිපතියකු බවට පත්වු පුද්ගලයෙකි. හොරකම දූෂිත වනවා සේම ලංකාවේ සිදුවන බොහෝ හොරකම් ඇල්ලිමද දූෂිතය. ඒ කාලයේදීම මා ඔහු සමග කරන කථාබහකදී හොරකම් කරන අය හොරකමින් සොයන ධනයට වැඩි ධනයක් ඔබ හොරකම් ඇල්ලීමෙන් උපයාගන්නවා නොවේදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළා මට මතකය.

    සාමාන්‍යයෙන් වැටුප් ලබන රජයේ සේවකයෙකු වංචා අල්ලා දුන්නද ලැබිය යුත්තෙ ප්‍රසංසා මිස ධනය නොවේ. කොඩිතුවක්කු ඒ කාලයේදී ප්‍රකෝටිපතියෙකු බවට පත්ව සිටියේ රේගුවේ කෙරෙන වංචා ඇල්ලීමෙන් ලබාගත් තෑගි මුදල් වලිනි.

    ඔහු ලංකාවෙන් පලාගියේ රේගු නිලධාරියෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියක් සමගය. ඔහු පලායන්නට පෙර මට ඒ බව දැනුම් දුන්නේය. ඉන්පසු ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුවය. ඒ ආවේද රේගු අධ්‍යක්ෂධුරය හෝ ඒ සමග ලොකු තනතුරක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. දූෂණ විරෝධී මේ පාරිශුද්ධ මිනිහා පස්සා දොරෙන් ඒ ගනුදෙනුව කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ක්‍රියාකල ගාමිණී සේදර සෙනරත් හරහාය. පළමු ගමනේදී සේම දෙවන ගමනේදී ද ඔහු මා හමුවන්නට ආවේය. ඔහු රේගුව ගැන සකස්කල වාර්තාවක්ද ජනාධිපතිවරයාට යවා තිබුණි. මේ ගනුදෙනුවේ දී ඔහුට ආධාර කරන්නේ ගාමිණී සේදර සෙනරත් බව කීවිට ඔබ තනතුර ලබාගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවේ සිටින ලොකුම තක්කඩියා ගෙන් නොවේදැයි මම ප්‍රශ්න කළෙමි. ඔහු රාජපක්ෂ විරෝධියෙකු බවට පත්වූයේ පස්සා දොරෙන් ලබාගන්නට උත්සාහකල තනතුර ලබාගැනීමට අසමත් වීමෙන් පසුවය.

    ඔහු පසු කාලයක කොළඹ ඩොක්යාඞ් (Colombo Dockyard) සමාගමට අදාල රුපියල් මිලියන 900ක රේගු බඩු වංචාවකට අදාල නඩුවකට පෙනී සිටියේය. ඔහු එම නඩුව ගැන ලොකු ප්‍රවෘත්ති ආවරණයක් මගෙන් බලාපොරොත්තු විය. ඔහු ඒ ගැනත් වෙනත් දේවල් ගැනත් මට එවා තිබෙන ඊමේල් සංඛ්‍යාව ඉතා විශාලය. දුරකතනයෙන් කතාකල වාර ගණන ද විශාලය. ඒවා මැකිය නොහැකි සාක්ෂි ලෙස සැලකිය හැකිය. පසු අවස්ථාවක දී ඩොක්යාඞ් නඩුව ගැන මා ලියන ලදමුත් එම වාර්තාකරණයේ ඔහු ගැන කිසිවක් සඳහන් නොකලේ හිතාමතාය. එය ඔහුගේ බලවත් අසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි. ඔහුගේ සමහර අබිලාශයන් නීතීඥ වෘත්තියේ ආචාරධර්මවලට පටහැනිය. ඔහු ප්‍රසිද්ධයට විශාල කෑදරකමක් දක්වන්නෙකු බව මම දැන සිටියෙමි. එම විෂය ගැන පරීක්ෂණයකට ගියහොත් ඔහුගේ නීතීඥකම පවා අහිමි විය හැකිය.

    ඔහු ඊලඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශකර ඇති නිසා මම කොඩිතුවක්කුගෙන් ප්‍රශ්ණ දෙකක් අසන්නට කැමැත්තෙමි. ඔබ රේගුවේ සේවය කරන කාලයේදී තෑගි වශයෙන් ලබාගත් මුදල්වල වටිනාකම රුපියල් කෝටි කීයක්ද? ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තේ වාර කීයකදීද? ඒ තොරතුරු ප්‍රකාශයට පත්කල පසු මා මාගේ ඊලඟ සටහන ඉදිරිපත් කරන්නට කැමතිය.

    - වික්ටර් අයිවන්

    :oo::oo::oo::oo:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:ඕන කෙනෙක්.දන්නවා ඔය මනුස්සයට දිනන්න බෑ ඒක ඒ මනුස්සයත් දන්නවා හැබැයි තුන් හතර පැත්තෙම ජන්ද කඩන්න පුළුවන්.ඒකයි ඔය මනුස්සය ඔක්කොම පක්ෂ වලට බණින්නේ.අනිත් දේවල් නම් දන්නෙ නැහැ..නාගානන්ද කියන්නේ හීනමානෙන් ඉන්න පොරක්.මිනිහ කැමති නැහැ මිනිහට මඩ ගහනවට..FB page ඵකේ දාන නෙගෙටිව් කොමන්ට්ස් ඩිලීට් කරනවා..මඩ කන්න බැරි කෙනා අනිත් අයට මඩ ගහන ඵක තමා ලොකුම විහිළුව.:rofl:

    FB_IMG_1554876973032.jpg
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    නගහනන්ද හොදද නැද්ද නම් දන්නේ නෑ. ඒ උනාට කස්ටම් එකේ වැඩ කරන යට වංචා ඇල්ලුවම මුදල් තෑගි දෙන එක නිත්‍යානුකුල දෙයක්. එකෙන් එයා කොටි ප්‍රකෝටි ගානක් ඉපයුවා කියන්නේ එය ගොඩක් දුෂ්‍යන් අල්ලලා තියනවා කියන එකයි.
    කොහොම උනත් එක පාරට පැරෂුට් කාරයන්ට චන්දෙ දෙන එක පරණ අජපල් දේශපාලකයන්ට දෙන එක ලොකු වෙනසක් නැතිවෙයි. මොකද ඔය කෝකත් තමන්ගේ වාසියට විතරයි.