නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    උන් දෙන්න ආවේ නැති වුණාට උන්ගේ පිරිවරවත් වරෙල්ලා.... මම කලින් ත්‍රෙඞ් එකක් දැම්ම ඊළග ජනාධිපති අබ්බගාතයෙක් කියල.... මේ ඒකේ අනෙක් කොටස.... මෛති‍්‍ර දෙසැම්බර් 07 වෙනිදට කලින් ජනාධිපතිවරණය තියනව කියල තියෙන නිසා තව මාස ගාණකින් නාගානන්දල, ගෝඨල, කරුල, සජිත්ල ආදි මෙකී නොකී චරිත කරලියට එනවා.... දැනටමත් සමහරක් අපේක්‍ෂකයෝ ලංකාව සුරපුරයක් කරන්න පුලූවන් කියල ලොකු ලොකු ටෝක් දෙනවා.... ඇත්තටම දැන් ප‍්‍රශ්නයක් තියෙන්නේ ජනාධිපතිවරණයක් තියන්න ඕනමද කියන එකයි.... එහෙම අහන්න හේතු කීපයක්ම තියෙනවා.... ඒ හේතු ටික මගේ කලින් ත්‍රෙඞ් එකේ තියෙනවා.... මෙතැනින් ගිහිල්ල බලන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1902538

    අපි දන්න ඉතිහාසයේ ජනාධිපති කියන්නේ පූර්ණ බලතල තියෙන සුපිරි වීරයෙක්.... 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඒ සුපිරි වීරයා මරල දැම්මා.... හැබැයි ලංකාවේ බහුතර ජනතාවගේ හිතේ තාමත් ඇදිල තියෙන්නේ එක පෑන් පාරෙන් ලංකාවම හොල්ලන්න පුලූවන් ජනාධිපති කෙනෙක්ව.... මෛති‍්‍රගේ සමුගැනීමත් සමග අපි දන්න විධායක ජනාධිපතිගේ අන්තිම හෙවනැල්ලත් අතුරුදන් වෙනවා....

    මේ 19 අටවන කොට විධායකයේ තටු ගලවල දානකොට මෛති‍්‍ර ගැන අනුකම්පා කරල යාන්තමට ඔහුගේ කාලය ඉවර වෙනකං විතරක් තටු ටිකක් ඉතුරු කලත් දෙසැම්බර් 08 ට පස්සේ ඒ තටු ටිකටත් කෙළවෙනවා.... හරියටම ඊලග ජනාධිපති 1972 ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ තත්වයට නාමික රූකඩයක් වෙනවා.... අඩුම තරමේ ජනාධිපති පාර්ලිමේන්තුව සැසිය ආරම්භයේ කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පවා ඔහුට කි‍්‍රයාත්මක කරන්න බෑ... එහෙම ජනාධිපති කෙනෙක් පත් කරගන්න මෙච්චර කටු කන්නේ ඇයි...? සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක දී කෝටි 500 ක් විතර වියදම් වෙනවා....? ඒ සල්ලි මහා අපරාධයක් කියල හිතෙන්නේ නැද්ද.....?

    රනිල් මේ ගැන හොදටම දන්නවා... රනිල් මේ දවස්වල නැව ගිලූනත් බෑන්චූන් ගහන්නේ ඒ නිසයි.... පාර්ලිමේන්තුව විසුරුවන්නේ ජනාධිපතිවරණයෙන් මාස ගණනක් ගියාට පස්සේ.... ඒ වන තෙක් පූර්ණ බලතල හිමි අගමැතිකමක් නිරායාසයෙන්ම රනිලට ලැබෙනවා.... ඒ මාස කිහිපයේ රනිල් තමන්ගේ යහපාලන ගොට්ටයින්ගේ අරමුණු ටික ලෝබ නැතිව ඉටු කරනවා ෂුවර්.... සම්බන්ධන්ලා හකීම්ලා ජෙප්පෝ පාර්ලිමේන්තුව වැටෙන්න දෙන්නේ නැතිව මුක්කු ගහගෙන තියන් ඉන්නේ ඒ සංක‍්‍රාන්ති කාලය එනකං... එතකොට උන්ට හිතෙන හිතෙන දේවල් කරගන්න පුලූවන් වෙනවා.....

    ඉතිං අපි ගොඩක් මෝඩයි කියල හිතෙන්නේ නැද්ද....? පඹ ජනාධිපති කෙනෙක් පත් කරගන්න රැු දවල් තටමනවා.... උඹල විලියම් ගොපල්ලව මතක් කරගනිල්ලා.... නාගා ආවත් ගෝඨා ආවත් වෙන මොකා ආවත් ඌට අන්තිමට රග පාන්න වෙන්නේ විලියම් ගොපල්ලව චරිතය.....

    ඉතිං සිංහලයෙක් විදියට මම යෝජනා කරන්නේ ආයෙත් විධායක බලතල සහිත පූර්ණ ජනාධිපති ධුරයක් ඇති කරගන්න ඕන.... ඒකට ආයෙත් ජේආර්ගේ ගේමම කි‍්‍රයාත්මක කරන්න වෙනවා.... ජේආර් වගේ අතිශය බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක හිමි අගමැතිවරයෙක් ඊළග මහ මැතිවරණයේ දී පත් කරගන්න ඕන.... ඌ ජාතියට ආදරය කරන එකෙක් නම් ඌට පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් මේ ව්‍යවස්ථා අටමගලය ආයෙත් වෙනස් කරගන්න පුලූවන්.... ජේආර්ගේ ව්‍යවස්ථාවේ අත්තනෝමතික කරුණු අයින් කරල රටට ජාතියට හා වර්තමාන ගැටලූවලට ලේසියෙන් උත්තර හොයන්න පුලූවන් විධායක ජනාධිපති ධුරයක් ආයෙත් ඇති කරගන්න ඕන.... ඉතිං උඹල ඊළග ජනාධිපති ගැන හිතනවාට වඩා හිතන්න ඕන ඊළග අගමැති ගැන.....

    මේ ජනාධිපතිවරණය අපි සිංහලයා එක තැනකට ඒකරාශි කරගන්න පාවිච්චි කරන්න ඕන.... සිංහලයා එක අරමුණක හිටියොත් ඒ ගැම්මෙන්ම ඊළග මහ මැතිවරණයේ දී සිංහල බහුතරයක් සහිත කේවල් නොකරන පාර්ලිමේන්තුවක් හදා ගන්න පුලුවන්....

    ඉතිං උඹල ජනාධිපති වේශයෙන් දුටුගැමුණු එයි කියල හිතනවා නම් ඒ සිහිනය අත හැරපල්ලා.... ඒක තමයි තිත්ත වුණත් ඇත්ත....
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඇයි අනේ ඔච්චර තටු කපපු ජනාදිපති කමක් ගන්න නිල් කොල පක්ශ දෙක ඔච්චර දඟලන්නේ...ඔච්චර සල්ලි විසි කරන්නේ නිකන් අපරාදෙනේ නේද??
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි අනේ ඔච්චර තටු කපපු ජනාදිපති කමක් ගන්න නිල් කොල පක්ශ දෙක ඔච්චර දඟලන්නේ...ඔච්චර සල්ලි විසි කරන්නේ නිකන් අපරාදෙනේ නේද??

    ඒකට හේතුවක් තියෙනවා... ඊට පස්සේ එන්නේ මහ මැතිවරණයක්... ජනාධිපතිවරණය පැරදෙනවා කියන්නේ ඒකට බලපානවා.... මුං ජනාධිපතිවරණයට වඩා වැදගත් මහ මැතිවරණය කියල දන්නවා.... මිනිස්සු ගොනාට අන්දන්න ජනාධිපතිවරණය මාකට් කරනවා....​
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අඩෝ 19න් එහෙම ලොකුවටම විධායක බලතල අඩු කරල නම් ඒක ව්‍යවස්ථා විරෝධී නේ. ජනමත විචාරනයකින් තොරව එහෙම කරන්න පුලුවන්ද??
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩෝ 19න් එහෙම ලොකුවටම විධායක බලතල අඩු කරල නම් ඒක ව්‍යවස්ථා විරෝධී නේ. ජනමත විචාරනයකින් තොරව එහෙම කරන්න පුලුවන්ද??

    මූලික පරිච්ඡේද වෙනස් නොකර වචන රිංගවලනේ කළේ.... හැම වෙලාවකම ව්‍යවස්ථාව අර්ථ කථනය කරන්න උසාවි දුවන්නේ ඒකනේ.... මේ ව්‍යවස්ථාව තියෙනකං රට අස්ථාවරයි....​
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලබන මාසේ 9 -10 ආණ්ඩුවට විරුද්ධ විස්වාස භාන්ගේ විවාදෙට ගන්නවා (බදුර්දීන්ට ගෙනාපු එක විවාදෙට ගන්න වෙන්නේ නෑ කියල මම කලිනුත් කිව්වා) ආණ්ඩුවට විරුද්ධව ගෙන එක දිනවන්න මහින්ද උදව් කලොත් ආණ්ඩුවට යන්න වෙනවා, හැබැයි පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ. එතකොට ඉන්න අයගෙන්ම තව ආණ්ඩුවක් හදන්න ඕන. එකත් කරන්න බෑ. කාටවත් බහුතරේ නැති හින්දා, විස්වාස භාන්ගේ දිනුවොත් ජෙප්පෝ පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා. එතකොට අනිවා විසුරුවන්න වෙනවා මොකද වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති හින්දා
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලබන මාසේ 7-8 ආණ්ඩුවට විරුද්ධ විස්වාස භාන්ගේ විවාදෙට ගන්නවා (බදුර්දීන්ට ගෙනාපු එක විවාදෙට ගන්න වෙන්නේ නෑ කියල මම කලිනුත් කිව්වා) ආණ්ඩුවට විරුද්ධව ගෙන එක දිනවන්න මහින්ද උදව් කලොත් ආණ්ඩුවට යන්න වෙනවා, හැබැයි පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ. එතකොට ඉන්න අයගෙන්ම තව ආණ්ඩුවක් හදන්න ඕන. එකත් කරන්න බෑ. කාටවත් බහුතරේ නැති හින්දා, විස්වාස භාන්ගේ දිනුවොත් ජෙප්පෝ පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේනවා. එතකොට අනිවා විසුරුවන්න වෙනවා මොකද වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති හින්දා

    :confused:
    උඹ හිතනවද මුලු ආණ්ඩුවටම ගේන විශ්වාසභංගයක් දිනන්න පුලුවන් වටපිටාවක් තියෙනව කියලා...????
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මටත් ඕක හිතුනා.සිරා ගියාම 19 සංශෝධනය බලාත්මක වෙනවා. එතකොට ජනාධිපති වෙලා වැඩක් නෑ...19 සංශෝධනය අහෝසි කරන්න ඕනේ ආයෙත්.ගෝටා ජනාධිපති නොකර අගමැති කරන්න ඕනේ නැත්නම්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මටත් ඕක හිතුනා.සිරා ගියාම 19 සංශෝධනය බලාත්මක වෙනවා. එතකොට ජනාධිපති වෙලා වැඩක් නෑ...19 සංශෝධනය අහෝසි කරන්න ඕනේ ආයෙත්.ගෝටා ජනාධිපති නොකර අගමැති කරන්න ඕනේ නැත්නම්


    මේ ජනාධිපතිවරණය සුලුවෙන් හිතන්න හොද නැත්තේ අර මම කලින් කියපු කතාව නිසයි... ජනාධිපතිවරයා බහුතර සිංහල චන්ද පදනමකින් පත් කරගන්න පුලුවන් වුණොත් ඒක මහ මැතිවරණයේ දී ලොකු වාසියක් වෙනවා.... ඒ ගැනත් නොහිත ඉන්න හොද නෑ...​
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :confused: <b>
    උඹ හිතනවද මුලු ආණ්ඩුවටම ගේන විශ්වාසභංගයක් දිනන්න පුලුවන් වටපිටාවක් තියෙනව කියලා...????
    </b>
    බොහෝදුරට තියනවා. එකක්, ඇත්තටම ආණ්ඩුව දැන් කැඳ හැලියක්. අනික මහින්ද කැමති ඉක්මනට මතිවරනෙකට යන්න ජනාධිපතිවරනෙකට කලින්. ඒක ඇත්තටම මහින්දට වාසියි. ආණ්ඩු පක්ෂේ ඉන්නේ 106 යි. දෙමල සන්ධානය බොහෝ දුරට ආණ්ඩුවට විරුද්ධ වෙයි කියල හිතෙනවා. මොකද කතාවට උන්, ජෙප්පෝ ආණ්ඩුවට මුක්කු ගහනවා කිව්වට පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේ එක නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ මතයත් තියෙන්නේ ආණ්ඩුව ෆේල් කියල. දින්නත් නැතත් අඩු තරමේ ආණ්ඩුව ඇත්තටම ආරක්ෂා කරන්නේ කව්ද කියල හරි බලාගන්න පුළුවන්. ඒ වගේම දින්නත් නැතත් විසුරුවන යෝජනාව ජෙප්පෝ ගේනවා ලබන මාසේ අන්තිම. උන්ගේ ජනාධිපති අපේක්ෂකයත් (බොහෝදුරට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයෙක්) ලබන මාසේ නම් කරනවා. කාටවත් හරියට බලය නැති වෙලාවට තමයි වැඩක් කරගන්න පුළුවන්. 20 යෝජනාවට කෙල උනේ පාස්කු බෝම්බ හින්දා. මහින්ද බොහෝ දුරට සපෝට් කරයි, රන්ජිත් සොයිසා එහෙම කතාවක් කිව්වා. රටේ බහුතර මතය ආණ්ඩුව ගෙදර යවල අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕන කියන එක. ඒක බොහෝදුරට වෙයි

    Anura rishad ge NCM ekta sahaya denne na kiyala eka thanakawath kelin kiwwe na. Hethuwa umbala nodanna gaanak Ranil, MY3, mahinda hadanawa. E nathath api wiswasa karanne na oya NCM eka wiwadeta gani kiyala. Danatath sathi 3kata Kal daala thiyenne. Ranil and MY3 responsible for attacks. So why only badurdeen? Eyata daala ranil my3 meken galawanna hadanne ei? Thawath widiyakin kiwwoth ai rishad yawala ranil my3 beranne? Anuduwa yawwoth rishad Ranil okkoma yanawane. But my3 yawanna ba. Ekata NCM ba. Ekata ona Dhishabhiyogaya. Jeppo inne 6i. Unta genna ba. Minissunta chance na chande enakan aanduwa yawanna. But parliament do. Ei rishad witharak yawala Ranil ge anduwa beranne? Kawda, kaawada aaraksha karanne
    http://www.elakiri.com/forum/showthread.php?p=24506547#post24506547

    :yes:
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ ජනාධිපතිවරණය සුලුවෙන් හිතන්න හොද නැත්තේ අර මම කලින් කියපු කතාව නිසයි... ජනාධිපතිවරයා බහුතර සිංහල චන්ද පදනමකින් පත් කරගන්න පුලුවන් වුණොත් ඒක මහ මැතිවරණයේ දී ලොකු වාසියක් වෙනවා.... ඒ ගැනත් නොහිත ඉන්න හොද නෑ...​

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    <b>
    මේ ජනාධිපතිවරණය සුලුවෙන් හිතන්න හොද නැත්තේ අර මම කලින් කියපු කතාව නිසයි... ජනාධිපතිවරයා බහුතර සිංහල චන්ද පදනමකින් පත් කරගන්න පුලුවන් වුණොත් ඒක මහ මැතිවරණයේ දී ලොකු වාසියක් වෙනවා.... ඒ ගැනත් නොහිත ඉන්න හොද නෑ...​
    </b>


    lankawe sinhala 70%k wath innawa. sinhalu witharak main parties 2 balanne nathuwa chande dunnoth 55% k aran janek path karaganna puluwan.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක මෙහෙමයි මචං
    Parliment එක වෙන පක්ෂය ක්
    බලය ගත්තම තමයි president ගෙ බලය
    අඩුවෙන එක වෙන්නෙ
    එතකොට චන්ද්‍රිකා දැම්ම සෙල්ලං දාන්න බැහැ
    හැබැයි
    Parliment ඒකත් ගතහොත් ලොකු වෙනසක් නැහැ
    කොහොමත් මේ ආණ්ඩුව කරපු වැඩ නිසා ඊලඟ
    President වෙන පක්ෂෙ අය 2/3k ගන්නවා
    එතකොට උන්ට පුළුවන් ඔය 19 අයින් කරන්න
    ඕනෙනම්