නාද්දි මැරුනු නිරූපිකාව 😲

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    __'ස්නානය කිරිමේදි ඇති වූ #අසාත්මිකතාවක් හේතුවෙන්'__
    #බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි, නැගීඑන #නිරූපිකාවක වන 'කේෂාරි වැලිකලගේ' (අවු.20) හදිසියේ මියගිය බව වාර්තා වේ..
    **මෙම තරුණිය පසුගිය '15වනදා' බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර, සිසිල පටුමගේ සිය සහෝදරියගේ නිවසේදී, ස්නානය කර තිබූ අතර, පසුව ඇතිවූ 'ශ්වසන ආබාධයක්' හේතුවත් ඇයව ප්‍රතිකාර සඳහා #වේරහැර 'කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට' ඇතුලත් කර තිබේ..මියගිය තරුණිය ස්නානය කිරීමට පෙර, එතැන ස්නානය කළ 11හැවිරිදි පාසැල් සිසුවකුට ද එම තරුණියට මතුවූ අසාත්මිකතා මතුව තිබූ බැවින්, දෙදෙනාම රෝහල්ගත කිරිමට ඥාතීන් පියවරගෙන තිබිණි..එසේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම #තරුණිය, එදිනම මියගියා ය..
    **#ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන්, මියගිය තරුණියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල, ශික්ෂණ රෝහලේදී පසුගිය 17වනදා සිදු කළ අතර, එහිදී මරණයට හේතුව #නොදක්වා 'විවෘත තීන්දුවක්' ලබා දෙමින්,
    +ඇගේ සිරුරේ කොටස්,
    +ස්නානයේදී භාවිත කළ ද්‍රව්‍ය,
    +ස්නානය කළ නල ජලය,
    +පානය කළ බව පැවසෙන උණු ජල සාම්පල දෙකක් සහ
    +හිසේ හා සිරුරේ ගැල්වූ ආලේපන කිහිපයක්, රජයේ 'රස පරික්ෂක' වෙත යොමු කිරීමට පියවර ගත් බව, #බොරලැස්ගමුව පොලීසිය දැන්වීය..

    **ඇය ස්නානය කිරීමෙන් පසුව, රෝහල්ගත කරන අවස්ථාවේදී, කිසියම් 'රසායන දුගඳක්' ද තරුණියගේ සිරුරින් වහනය වී ඇති අතර, මරණයෙන් පසු නිවසේ නාන කාමරය පරික්ෂා කිරීමේදී, ඒ තුළ යම් දුගඳක් වාර්තා වූ බව පොලීසිය පැවැසීය..

    **මෙසේ මියගොස් තිබුණේ බොරලැස්ගමුව, වේරහැර, දොළහේනවත්ත පාරේ, අංක 370/1 හි පදිංචිව සිටි 'චමිදුකා වැලිකලගේ කේෂාරි' නමැති 20 හැවිරිදි තරුණියකි..

    **ඇය නිරූපිකාවක ලෙස ක්ෂෙත්‍රයේ කැපී පෙනුණ අතර, වර්ෂ 2018 'තරුණ රූප සූන්දරිය' ඇතුළු 'රූප රාජිණී තරඟ' කිහිපයක් ජයග්‍රහණය කර තිබූ බවත් පැවැසිණි..ඇය පුවත්පත් කිහිපයකම කවරයේ ඡායාරූප සඳහා පෙනිසිට ඇත..
    රෝගී තත්වය හේතුවෙන් රෝහල්ගත කළ එකොලොස් හැවිරිදි පාසැල් සිසුවා, මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර, දරුවාගේ තත්වය සාමාන්‍ය බව පැවැසේ..

    **සිද්ධිය සම්බන්ධයෙන් 'බොරලැස්ගමුව' පොලීසිය පරීක්ෂණ පවත්වයි...

    ___________
    Gossipලංකා...
    4CD9FA72-FA18-4E5A-BF60-9259811FE53A.jpeg
    0C3B0DF5-6813-4DC1-8043-9563C13128DD.jpeg
    655EE4B6-63AC-4806-90AF-59A93499E35B.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    hardware වල තියෙන ඔක්කොම paint ජාති හොඳයි මුන් ගාණ ඔය cosmetics වලට වඩා.ජාතික ඖශධ නියාමන අධිකාරිය ට පගාව දී ඕවා suitable for health සහතික කරගන්න එක simple