සංසුන් පොඩ්ඩා;19065752 said:pirith nulak thibuna neda athe...
මාවත් වතුරේ ගිලිලා මැරෙන්න ගිහින් තියෙනවා. උබ කිව්වා වගේ තත්පර ගානකින් ජිවිතයේ වැඩියෙන්ම ආදරය කරන අයව මතක් උනා. ඒ අයගේ මුහුන මැවිලා පෙනුනා. පස්සේ මම පොඩ්ඩක් ඔය සිද්ධිය ගැන හොයලා බැලුවා. එතකොට දැන ගන්න ලැබුනා වතුරේ ගිලෙද්දි ගොඩක් අයට ඔහොම වෙනවා කියලා. සීයා කෙනෙක් කිව්වා වතුරෙ ගිලිලා මැරෙන ආයිත් ඉපදෙන්නේ අඳුරේමයි කියලා.




කොහෙද බන් තැන?

මැරෙන වෙලාවේ තමන් කැමති අය සිහිවෙලා අන්තිමට මැරුනොත් ඒ උපාදානය තියාගෙන හොඳ ලෝකෙක නම් ඉපදෙන්න විදිහක් නෑ මචන්. හොඳ වෙලාවට උඹ මැරුනේ නැත්තේ. හදිසියේ වත් ජීවිතයට අනතුරක් වුනා නම් ප්‍රේත ලෝකයට යන්නත් පුලුවන්.
බෞද්ධ දර්ශනය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න.
වතුරයි ගින්දරයි එක්ක පරිස්සමින් පුටා..
තව කල් ජීවත් වෙන්න පින් කරල තියෙනවා..
ඒත් පරිස්සම් වෙයන්.. වෝනිං එකක්ද දන්නෑ දුන්නෙ..



චගු;19068411 said:උඹ හරි සහෝ.
උපාදානය භවය සකක්ස් කරයි (උපාදාන පච්චයා භවෝ ) කියල තමයි පටිච්ච සමුප්පාදයට අනුව ඊලඟ ප්‍රතිසන්ධිය සකස් වෙන්නෙ.
අපි හිතන දේවල් ඉතාම වේගයෙන් සකස් වන සිත් පරම්පරාවල් මචන්. ඒ කිව්වෙ ගතවන මොහොතක් මොහොතක් පාසා ඉතාම වේගයෙන් සිතුවිපි පරම්පරාවක් එනවා. මැරෙන මොහොතෙ එන අවසාන සිත තමයි ඊලඟ භවයට අපි අරන් යන්නෙ.
මැරෙන මොහොතෙ මතක් වෙන්නෙ ගෙදර හෝ කෙල්ල හෝ නම් මචන්, ඒ අනුව ඇතිවන ඇලීම් සිත නිසා අපි පෙරේතයෙක් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා.. සමහර විට කෙල්ල පිටිපස්සෙන් එන අසරණ පෙරේතයෙක් වෙන්න පුළුවන්. එයාට දැනෙන්නෙ මහා ගන්ධස්කාරයක්. සමහර විට මේ පෙරේතයා එයාට ආසාවෙන් එයාගෙ ඇඟ ඇතුලට රින්ගන්න පුළුවන්.. එහෙම නැතිනම් "මම ඉන්න තැනට ඔයත් එන්න" කියල මොකක් හරි අනතුරක් කරල මරාගන්නත් පුළුවන්.
එ නිසා මේ අවසාන සිත් (චුති සිත ) ගැන සිහි කල්පනාවෙන් යුතුව මැරෙන්න පුළුවන් වෙන්නෙ සමථ, විදර්ශනා භාවනා කරන, හෝ හොඳ සතියෙන්, සිහියෙන් ඉන්න පුළුවන් අයට විතරයි.
මේ ටික කිව්වෙ බෞද්ධයන්ට.
ඒත් මේක සිද්ධ වෙන හැටි ගැන උඹලට proof ඕනි නම් මෙන්න කියවපල්ල:
ආදරය කියන්නෙ තමන්ගෙ බිරිය ලෙඩ කරන එක ද ?
තෙරුවන් සරණයි මචන්



එක දවසක් ගෙදර අය එක්ක ගිහින් ඇලක නානකොට කෙන්ද පෙරලිලා මාර කෙලියක් උනේ බං. හෙනට බය උනා. ළඟ තාත්තා හිටපු නිසා උස්සගෙන ආවා. ඊටපස්සේ ඉඳන් ඕවයේ නාන්න බයයි. යනවා. ඒත් වැඩි ගැඹුරට යන්නේ නෑ. කොල්ලෝ නම් චාටර් කරනවා. එත් ඉතින් උන්ට තේරෙන්නේ නෑනේ බය.![]()

