පතුල පේන අඩියක් දෙකක් තියෙන තැනක ඇරෙන්න මම නම් වතුර බහින්නේ නෑමටත් ඔය වතුරෙන් සෑහෙන්න අපලයි බන්... පතුල පේන අඩියක් දෙකක් තියෙන තැනක ඇරෙන්න මම නම් වතුර බහින්නේ නෑ... ඇළවල් දොළවල් ගඟවල් අහලකටවත් යන්නේ නෑ...
එක පාරක් පොල්හේනේ මූදේ නාන්න ගිහින් බෝල පාස් කරන සින් එක කලා.. බෝලේ ඈතට ගිහින් මම ගන්න ගියේ.. ට හිකෙයි.. මාව ඇතුලෙන් මූද පැත්තට අදිනවා බන්.. මන් කොච්චර වෙර දරලා ගොඩට එන්න හැදුවත් එන්න බෑ,ඊට වඩා ලොකු ප්‍රතිරෝධයකින් මාව මූද පැත්තට යනවා... ඒ වෙලාවේ නම් හිතුවේ මැරුනා තමා කියලා.. ඒත් ජීවත් වෙන්න ආස හිතිලා යන්තම් ඇඟිලි ගගහ අමාරුවෙන් ආවා... එදායින් පස්සේ මූදේ නාන්න ගියේ නෑ...
දැන් නම් ඉඳලා හිටලා නාච්චි මලේ මගේ යාළුවෙක්ගේ ගෙවල් ගාව පොට් එහෙකට යනවා. පට්ට...බෝතලයක් අරන් ගියාම ඌරු මසුයි මඤ්ඤෙක්කයි එක්ක ගහලා නාල එනවා... සුපිරි ඉතින්...
මට නම් මරණ බය දැනුනේ සිංගපූරු ගිහින් රෝලර් කෝස්ටර් එකේ ගිහින්... ඒ ස්පීඩ් එකට මට හුස්ම ගන්න බැරුව ගියා.. හුස්ම ගන්න හැදුවට ගන්න බෑ... විනාඩි එකහමාරේ රයිඩ් එක කාගෙන හිටියා මැරුනත් කමක් නෑ කියලා... ආතල් ගන්න ගිහින් තව පොඩ්ඩෙන් මම ලංකාවට එන්නේ පෙට්ටියෙන්..

පතුල පේන අඩියක් දෙකක් තියෙන තැනක ඇරෙන්න මම නම් වතුර බහින්නේ නෑ
hapooo uba nannewath nadda


පිස්සුද බොල.. මම නාලා කරලා සූස්තිය ගහලා ඉන්නේ... 
වතුරයි ගින්දරයි එක්ක පරිස්සමින් පුටා..
තව කල් ජීවත් වෙන්න පින් කරල තියෙනවා..
ඒත් පරිස්සම් වෙයන්.. වෝනිං එකක්ද දන්නෑ දුන්නෙ..











වැස්ස කාලෙට ඕවාට බහින්නේ බලාගෙනයි බං...
අපි එකපාරක් බෙලිහුල්ඔයේ නාන්න ගියා.. උඩහා කදු වලල්ලම පේන්නෑ.. කලු කරලා.. අපිට ගානක් නෑ අපි නනා හිටියා.... වැඩිය මැදට ගියෙත් නෑ අයිනේ හිටියේ.... මෙන්න ඈතිං ඇහෙනවා හෝ.... ගාලා සද්දයක්... බැලින්නං කන්දට වහිනවා.. කන්දට වහිනවා කියන්නේ බෙලිහුල්ඔයේ වතුර පාර එක පාරටම උඩ යනවා.. විනාඩියක් විතර ඇති.. මෙන්න එනවා උඩිං වතුර පාරක්.. දඩබඩ ගාලා කට්ටියම උඩට පැන ගත්තා... තව පොඩ්ඩෙං සමනල වැවෙං තමා බොඩි හොයා ගන්න වෙන්නේ![]()
එදා තමයි මට මරණ බය දැනුනෙ


නාන්න ගිහිල්ල ප්‍රථම වතාවට මරණ බය දැනුනා ද?
ප්‍රථම වතාවට නාන්න ගිහිල්ල මරණ බය දැනුනා ද?









