අමාත්‍ය නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉඳි කළ නඳුන් මහ සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම පසුගිය දුරුතු පුර පසළොස්වන පොහොය යෙදුණු (17) දින අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ම සිදුකර තිබෙනවා.
අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසන්නේ “මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ සාදවා නිම කිරීමේ මාහැඟි වූ පුණ්‍ය කර්තව්‍යය, පන්නිපිටිය පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධූරන්දර අති පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන ලදි.
ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉඳිකරන ලද මෙම නදුන් මහ සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයේ පිළිගැනීමේ කතාව සහ පුණ්‍යානුමෝදනාව ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.
පෙ.ව.9.31ට යෙදුණු සුබ මුහුර්තයේදී චෛත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීම අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධූරන්දර අති පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ, විද්‍යා සමාධි මහ පිරිවෙන්පති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමියන් වහන්සේ, ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්, සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සතර පේරුවේ දායකකාරකාදීන්ගේ සහභාගීත්වයෙන් සිදුවූ” බවයි.