නාමල්ගේ ලක්ෂ 18 මුද්ද
පාර්ලිමේන්තුවේ රැය පහන් කළ මන්ත්රීවරයෙකුගේ ලක්ෂ 18ක මුද්දක් නැතිවෙලා..!!
මේ රත්තරන් ගැන කතාවකි. රත්රන් කෙතරම් වටිනවා දැයි නොදන්නා අයකු නැති තරම්ය. ඒ රත්රන්වලට අගනා මුතු මැණික්ද එක්කොට තැනූ මුද්දක් ලක්ෂ දහඅටක් වටිනවා යැයි කීම වරදක් විය නොහැකිය.
එවැනි වටිනා මුද්දක් පැලඳිය හැක්කේද රත්තරන් වටිනා කෙනකුට පමණි.විරෝධතාවට එක්වී සඳුදා (20දා) පාර්ලිමේන්තුවේම රැය පහන් කළ මන්ත්රිවරයකුට අයිති අගනා වටිනා මුද්දක් පාර්ලිමේන්තුවේ ගෘහපාලන අංශයේ සේවක මහතකුට පසුදා උදෑසන හමු විය.
ඒ මුද්ද හමුවූයේ මන්ත්රි සැරසුම් කාමර ශුද්ධ පවිත්ර කිරීමට ගිය අවස්ථාවේදීය. පාවිච්චි කළ තුවායක දැවටී තිබියදී මුද්ද අහම්බෙන් හමුවී ඇත. ඔහු වහාම තම ප්රධානීන් දැනුවත් කිරීමට ක්රියා කෙළේය. ඒ අනුව මුද්ද අයිතිකරු සොයා ගත හැකි විය.
මුද්ද ආපසු අයිතිකාර මන්ත්රිවරයාට භාරදීමෙන් සේවකයාගේ අවංකභාවය ඔප්පු විණි. ඒ අවංකභාවයට තුති පුදා තුටු පඬුරක් දීමටද මන්ත්රිවරයා කටයුතු කළේය. එය භාර ගැනීමට සේවකයා මැළි විය. එහෙත් සිද්ධිය දන්නා ප්රධානීන් ඇතුළු හැමගේම ඉල්ලීම අනුව ඔහු ස්තුති පූර්වකව තෑග්ග භාර ගත්තේය.