නාමල් සමුගනී... :(

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
boru danna epa ponz
10671375_10152758975229633_8506158578436787859_n.jpg
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බොරු දාන්න එපා බං නාමල් මැරිලා නෑ.. :no:

    ' නාමල් උඩුගම '
    මියගිය බවට මා බුකියේ පලකලේ
    බොහෝ දෙනෙක් විවිධ සමුහ හා පුවරු වල
    පලවී තිබෙනු දැකීමෙන් අනතුරුව.
    මෙරට පිළිගත්තා වූ ජනමාධ්‍යන්ට වඩා fb හි පලවෙනා පුවත් නිවැරදි හා සත්‍ය වේ යැයි විශ්වාස කල නිසා
    ඒ පිළිඹදව අමුතුවෙන් සොයා බැලිය යුතුයැයි සිතුනේ නැහැ.
    එනමුත්
    අදටත් ඒ සොඳුරු කලාකරුවා
    ආදරණීය මිනිසා ජීවත්ව සිටිනා බව සැලයි.
    සුනඛයෙකුට දාව මිනිස් මවකගේ කුසෙන් උපන් මෙවැනි දෑ වලින් ප්‍රීති වන්නා වූ ඒ කරුමක්කාර මිනිසාට
    " ශාප " වේවා !
    ( මේ පිළිඹවද පුද්ගලිකවම සොයා බලා තොරතුරු යොමු කල Samudra ට බෙහෙවින් තුති )
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාව බොරුවක් කියල FB එකේ මාද්‍යවේදියා පොස්ට් එකක් දාල තියනවා...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    බීල මැරෙනවද මරාගෙන මැරෙනවද තව ජීවත් වෙනවද තිරණය කිරීමේ පරම අයිතිය ජීවත් වෙන්නා සතුය ...මම නම් කියන්නේ ද්වේශයෙන් තොරව කෙනෙක්ට මැරෙන්න ඕනි නම් එයට අවස්ථාවක් තිබිය යුතුමයි ...අවාසනාවකට සමාජය එතරම් ශිෂ්ට සම්පන්න තැනකට තම පැමිණ නෑ ...එකනේ පිළිකාවකින් වේදනා විදින කෙනෙක්ට තම කැමැත්තෙන් මිය යාමට කිසිදු අවස්ථාවක් නොදෙන්නේ ...රටවල් කීපයක විතරක් පොඩි අවස්ථාවක් දීල තියනවා ...එකට හේතුව නීති හදන සමාජය නීති හදන මොහෙතේ පිළිකාවකින් පීඩා නොවිදිම...තමන්ගේ ජීවත් වීමේ පරම ආශාව මත වෙනත් කෙනෙකුගේ පරම අයිතීන් තීරණය වෙන තැනක් ....ඉතින් මෙහෙව් සමාජයක ඕකට හොද වැඩේ බීල බීල දරු පව්ලත් අනා ත කරලා මැරිලා ගියේ ඕකගේ වරදින්මයි කියල කෙනෙක් කිව්වොත් වැරදියි කියන්නත් බෑ ...ඒ එක කෝණයක් කෙනෙක් දකින ...එත් මචන් මට වෙන දෙයක් හිතෙනවා මේ කලාකාරයන් බීල බීල මැරෙන එක ගැන ...නාමල් උඩුගම කියන්නේ විරහ වේදනාව පිළිබද බොහෝ ගීත ගයන කරපු කෙනෙක්...ගීතයෙන් දැනෙන කියවෙන දුක සන්තාපය විරහ දුක වචනෙන් වචනේ අපේ හදවත් වලට දැනෙන්න අදටත් අනුකරණය කරන්න අපහසු විරල කටහඩක් තිබුන විරහ ගීතයේ ශෝකී රාවය කියල මට නම් හිතෙන්නේ...ඉතින් එහෙම ගයන්න නම් තමන්ටත් ඒ දුක දැනෙන්න ඕනි ...ඒ දුක සන්තාපය තමන් තුලින් නිරායාසයෙන් එන්න ඕනි ...ඔන්න ඔතන තමයි මට හිතෙන්නේ නාමල් ට වැරදුනේ...90' දශකය සංගීතයේ golden age කියල තමයි බොහෝ දෙන සලකන්නේ....එදා සහ අද ලොකු වෙනසක් තියනවා ...අද එක කෙල්ලෙක්ගෙන් අහල බෑ කිව්වොත් හෙට තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා අනිද්දා room එකකට ගෙනියල ඉන් අනිද්දා තව කෙනෙක් හොයන යන විපරිත යුගයක අද ඉන්නේ ..දුක වේදනාව නොහදුනන අලුත් පරම්පරාවක් බිහි වෙලා තියෙන්නේ ...ලෝකය පුරාම එහෙමයි ....මුල මැද අග ගලපලා විරහ ගීයක් ලියාගන්න බැරි පරම්පරාවක් අද ඉන්නේ ...80'-90' දශකය ඊට වෙනස් ...ආදර විරහ හැගීම් වලට මුල් තැන දුන්න යුගයක් ...අද මෙන්ම එදත් දම්මි ලා හිටියත් ඒ අහිමිවීමේ දුක තුල සදාකල් මැරී නොමැරි ඔහුගේ /ඇයගේ නාමයෙන් ජීවත් වෙන සුපෙම්වතුන් හිටිය යුගයක් ...එකයි එදා ලියවුනු කියවුණු ගීයක විරහ වේදනාව උපරිමයෙන් තියෙන්නේ අපිට දැනෙන්නේ ....කෙනෙක් අහිමි වීමේ දුක තුල ඒ දුක විදිමින් එයට ඇබ්බැහි වෙමින් ඒ දුක් සන්තාපයේ ගිලෙමින් වින්දනයක් ලබන පිරිසක් ඉන්නවා අප අතරේ ...ඔවුන් සතුටක් ලබන්නේ අහිමි වීම මත ...එක බොහොම අහිංසක වින්දනයක් ලෙස පෙනෙන විඳවීමක් ...ඒ හදවතට දැනෙන දුක 90' සිට අද දක්වා කෙමෙන් කෙමෙන් අඩු වෙලා තියනවා පොදුවේ ...ගීතයේත් එසේමයි ....90' ගීත රස විදි කෙනෙකුට එදා දැනුන හැගීම අද දැනෙනවද ....එදා දැනුන විරහ වේදනාව නුතන ගීතයෙන් අද දැනෙනවද ...ඉතින් ඒ දුක්ක රසයට හුරු වූ කෙනා කාලයත් සමග තමන් විදි ඒ සුවය ඒ රසය කෙමෙන් කෙමෙන් අඩු වෙන විට වෙනත් ක්‍රමයකින් හෝ ඒ පෙර විදි සුවය සොයන එක පුදුමයක්ද....ඉතින් ලෙහෙසියෙන්ම එවන් මානසික තලයකට කෘතිමව යන්න පුලුවන් මත්පැන් වලින්....ලස්සන බිරිදක් දරුවන් මිල මුදල් වලින් අඩුවක් නැති නාමල් මත්පැන් බීමෙන් සෙවූ මානසික සුවය කුමක්ද ...මට නම් මතක නෑ හරියටම, තමන්ට ලැබුන මිල මුදල් සියලු සැප සම්පත් අතහැරලා පාරවල් ගානේ මැරිලා ගිය ලෝක ප්‍රසිද්ද ගත කතුවරුන්ම කීයක් නම් ඉන්නවද ...සංවේදී අනුන්ගේ දුක හමුවෙදී උණු වෙන හිත් තියන හැමෝම සදාකල් විදවනවා ...ඒක නාමල් ටත් පොදුයි .....දැනෙන හැගීමක් හරියටම කියන්න අමරුයි ...මම කියන්න ගිය දේ හරියටම කියාගන්න මටත් බෑ ...මට හිතුන මේ දේ සම්පුර්ණයෙන් වැරදිත් ඇති ....හරිත් ඇති ....
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    අමූලික බොරුවක්

    කොහෙද යකෝ මේ මනුස්සයා මැරිලා තියෙන්නේ......අමූලික බොරුවක් අඩුම තරමේ media එකකවත් කිව්වේ නෑ