නාම රූප කියන්නෙ මොනවද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නාම රූප කියන්නෙ මොනවද?

    නාම රූප කියන්නෙ මොනවද කියල දන්නා කෙනෙක් පැහැදිළි කරල දෙන්න.
     
    • Like
    Reactions: Dishta Didin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,478
    113
    රූප කියන්නෙ භෞතිකව ගෝචර වෙන (අල්ලන්ඩ පුලුවන්, දකින්ඩ පුලුවන්) දේවල් වලට‍
    උදා පදාර්ථය ආලෝකය වගේ දේවල්

    නාම කියන්නෙ නිකං සංකල්පීය අදහස්වලට
    උදා මනස, සිතුවිලි, දුක සතුට, විඤ්ඤානය
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,478
    113
    නාම යනු යම් කෙනෙකුගේ සිතක් තුළම ඇතිවන දැනීමකි.සංඥාවක් හා හැඳිනීමකි. යම්කිසි රූපයක් මුල් නොවී සිතක සංඥාවක් උත්පාදනය නොවේ. එනම් මේ නාම රූප යන කොටස් දෙක වෙන් වෙන් වශයෙන් උපාදානය කරගත හැකි දේ නොවේ. රූපයකින් තොර නාමයක් හෝ නාමයකින් තොර රූපයක් ද නොපවතී. හොඳින් තේරුම් ගතයුතු දැනගත යුතු දෙය වන්නේ මේ ”නාම” කොටසට ”සංඛාර හෝ විඤ්ඤාණ” යන පංචස්කන්ධ අංගයන් දෙකම අයත් නොවන බව හොඳින් වටහා ගත යුතු වේ. සංඛාර යනු නාමරූප කොටස් දෙකම ඇතුළත් වන යමක් (සංඛතයක්) උපාදානය කරගැනීමට කරනු ලබන ක‍්‍රියාකාරකමකි. විඤ්ඤාණය යනු සංඛාරයක් කිරීමෙන් සිතින් ම උපද්දවා ගන්නා සමුදය (සං+උදය) ශක්තිය වේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය

    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය


    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.


    (මම දන්න විදියට: ස්කන්ධ කියන්නෙ ගොඩක් කියන එක)





    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.


    (මම දන්න විදියට: ඕනම සතර මහා භුත වලින් හැදුන දෙයකට නමක් තියෙනවා. නොදන්න දෙයක් වුනත් ඒකට "නොදන්න දෙය" කියන නම තියෙනවනෙ. ඒකයි නාම රූප එකට එකක් හේත්තු කරලා තිබ්බ දරමිටි දෙකක් වැනිය කියන්නෙ. එකවර දෙකම ඕන)
     
    • Like
    Reactions: KPZ

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    පින්වත් මහණෙනි, නාම – රූප යනු මොනවා ද? වේදනා, සඤ්ඤ, චේතනා, ඵස්ස, මනසිකාර යන මේවාට ය 'නාම' යැයි කියන්නේ.පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට ද සතර මහා භූතයන්ගෙන් හටගත් රූප ද යන මෙයට ය 'රූප' යැයි කියන්නේ.
     
    • Like
    Reactions: S_M_S and KPZ

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නාම රූප කියන්නෙ මොනවද කියල දන්නා කෙනෙක් පැහැදිළි කරල දෙන්න.


    දැන් නාමරූප දැනගත්තනෙ... පිටකයේ මෙහෙම සදහන් වෙනවා....



    6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය

    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.


    ඔය සතරමහා භූත හෙවත් අ‍ාපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවා විඥානයෙන් හටගන්නෙ කියලා දැනගන්න විදියක් තියෙනවා. අපේ සිතුවිලි අනුව සිරුරෙන් පිටවන ඕරා කියන්නෙ මොනවද කියල හොයලා බලන්න.