නායකත්ව පුහුණුව

Oct 27, 2010
1,996
200
0
Colombo 7
නායකත්ව පුහුණුව

විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම, ආකල්ප මෙන්ම සිරිත් විරිත් වර්ධනය කර බුද්ධිමත් කාර්යක්ෂම උපාධිධරයෙකු බිහි කිරීමේ අරමුණෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති නායකත්ව හා ධනාත්මක කුසලතා සංවර්ධනය කිරීමේ පාඨමාලා මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යනවා. සෑම කෙනෙක්ම මේකට දැඩි උනන්දුවෙන් හා උද්යෝගයෙන් සහභාගී වෙනවා.
රටේ ප්‍රශ්න ඇති කරන බංකලොත් කණ්ඩායම් මේ ගැනත් ඉතාමත් දේවේශ සහගත වැරදි ආරංචි පතුරවන නිසා ඔයාලට බලන්න මේක දාන්න හිතුනා. මේක බැලුවට පස්සේ ඇත්තටම මට හිතුනා අපරාදේ අපි කැම්පස් යන කාලේ මේවා තිබ්බේ නැහැනේ කියලා. ඔයාලටත් මොකක්ද හිතෙන්නේ කියලා අවංකව කියන්න.

 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ප්‍රගතිය හෝ පරිහානිය රඳා පවතින්නේ නායකත්වය මතයි අධ්‍යාපන ඇමැති – බන්දුල ගුණවර්ධන
bandula.jpg

ඕනෑම රටක මානව සම්පතක් මානව ප්‍රාග්ධනයක් බවට පරිවර්තනය වීම සඳහා නායකත්ව පුහුණුවක් අත්‍යාවශ්‍යයි. මක්නිසාදයත් නායකත්වය විසින් තමයි සම්පත් වඩාත් ඵලදායි හා කාර්යක්‍ෂම ලෙස කළමනාකරණය කරන්නේ. පෞද්ගලික ජීවිතය ගත්තත්, කුටුම්භයක් ගෘහ ජීවිතයක් ගත්තත්, ආයතන, සංවිධාන ගත්තත් ඒ ඕනෑම එකක ප්‍රගතිය හෝ පරිහානිය නායකත්වය මත රඳා පවතිනවා. උදාහරණයක් ලෙස රජයේ ජාතික නායකත්වයේ ගුණාංග ජනාධිපතිතුමාට තිබුණේ නැත්නම්; දියාරු වූ බටහිර ගැති නායකයකුගේ ලක්‍ෂණ පිහිටියා නම් මේ රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදාගත හැකි වෙයිද?

නායකත්වයේ වුණත් ගුණාංගවලින් සමාජයට අහිතකර ලක්‍ෂණ පිහිටියොත් හරියට හිට්ලර්, මුසොලිනි වැනි අයගේ ලක්‍ෂණ ඇති වුණොත් එය මනුෂ්‍යයන්ගේ යහ පැවැත්මට ගැලපෙන්නේ නැහැ. ලංකාවේ වුණත් පසුගිය ඉතිහාසය දෙස බැලූවිට උතුරේ ප්‍රභාකරන් වගේම දකුණේ විජේවීරගේ නායකත්වය නිසා පෙළ ගැස්වූ අහිංසක නිරායුධ මිනිසුන් දහස් ගණනින් ඝාතනය කෙරෙන නායකත්වයක් බවට පත් වුණා.

ලෝකයේ නායකත්ව පුහුණු මගින් ප්‍රධාන වශයෙන් ගහ කොළට, සතා සීපාවාට, පරිසරයට, මිනිසත්කමට, මනුෂ්‍ය ජීවිතයට ආදරය කරන, තමන් හැදූ වැඩූ මවුපියන්ට, රටට ආදරය කරන විනය ගරුක ශීලාචාර නායකත්වය සඳහා පුහුණුවක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තේරෙන්නේ මේ රටේ ඉතාම දක්‍ෂතා ඇති කුසලතා සහිත දූ දරුවන්. ඔවුන් බොහෝ දෙනෙක් ඈත එපිට ගම්මානවලින් එන නිර්ව්‍යාජ දරුවන්. ඔවුන්ට මේ අද්‍යතන සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ ප්‍රබුද්ධ සංවාදශීලී අවබෝධයක් ලබා ගැනීමට විශ්වවිද්‍යාලවල ඇති අවස්ථාව නරක අයුරින් ඇහිරී තිබෙනවා. විශ්වවිද්‍යාල තුළ ඇතැම් දේශපාලන වුවමනා මත බිය වැද්දීම්, තර්ජන, ගර්ජන මගින් ළිං මැඩි මානසිකත්වයක් සහිත පරපුරක් බිහි කිරීමේ උපාය මාර්ග, ක්‍රමවේද හදා ගන්නවා. නවකවදය දීලා, තෙල බෙදලා ඉතාම පටු අප්‍රබුද්ධ සීමාවකට අසරණ දරුවන් ගොදුරු කරනවා. ඒ නිසා දශක තුනකදී උතුරෙත් දකුණෙත් රටේ නායකත්වයට උරුමකම් කියූ වටිනා ජීවිත 120,000 ට වැඩිය ජාතියට අහිමි වුණා. ඒ තරුණයන් අහිමි වුණේ මවුපියන්ට පමණක් නොවේ. රටටමයි.

දක්‍ෂ දරුවන් විවිධ පටු දේශපාලන අරමුණුවල බළල් අතක් වීම නිසා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය අහිමි වුණා. ජීවිතය අහිමි වුණා. නායකත්ව පුහුණුවකදී ලොව පිළිගත් මූලධර්ම අනුව තම පවුලට, තමන්ට, ආයතනයට, සංවිධානයට සේවයක් සලසනවා. ලෝකයේ තොරතුරු දැනගන්න, අන්තර්ජාලයෙන් විවිධ දේවල් දැන කියාගන්න සලස්වන බව නොදන්නා වනචාරී අදහසක ඉන්න ළිං මැඩි මානසිකත්වය ඇති අයට මෙය තේරුම් ගන්න බැහැ.

ලෝකයේ බොහෝ රටවල ජාතික ආරක්‍ෂාව සඳහා වන පුහුණුව අනිවාර්යයෙන් පාසල් කාලයේ යුද පුහුණුවක් ලෙස ලබා දෙනවා. එය නීත්‍යානුකූලව ලබා දෙන්නක්. එය මරාගෙන මැරෙන යුද පුහුණුවක් නොවේ. අප ලබා දෙන්නේත් නායකත්ව පුහුණුවක් මිස යුද පුහුණුවක් නොවේ. නමුත් අද එයට විරුද්ධ වන ජේ.වී.පී. ය වගේම එල්.ටී.ටී.ඊ. යත් ළමයින් වගේම පාසල් ශිෂ්‍යයන් යුද පුහුණුවට යොදවා ගත්තේ බලහත්කාරයෙන්, නිත්‍යානුකූල නොවන අයුරින්. ඔවුන් පුහුණු කඳවුරුවල මරාගෙන මැරෙන යුද පුහුණු ලබා දුන්නා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලැබෙන්නේ එහෙම මරාගෙන මැරෙන පුහුණුවක් නොවෙයි. විනය ගරුකව නායකත්වයක් ලබා දීමට හැක්කේ කෙසේද යන්න පිළිබඳ පුහුණුවක් පමණයි.

මේ දිනවල විරුද්ධ පක්‍ෂයේ අයට අවශ්‍යව තිබෙනවා කුමක් හෝ විරෝධතාවක් ඇති කරලා ජනතාව පාරට බස්සලා, ගැටුමක් ඇති කරලා මරණ කිහිපයක් ඇති කරන්න. එවිට ඔවුන්ගේ ජාවාරම්කාර විජාතික හා රාජ්‍ය නොවන ඩොලර් බලවේගවලට අවශ්‍ය දේ ඉටු කරන්න පුළුවන්. මේ රටේ ප්‍රචණ්ඩත්වය පවතින බව පවසා අන්තර්ජාතික මැදිහත්වීමක් ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට අවශ්‍යතාව ඔවුන්ට තදින්ම තිබෙනවා. නමුත් ඒ අයගේ ඡන්ද ප්‍රතිඵලවලිනුත් දැක්වූ පරිදිම මේ වරත් ජනතාව ඔවුන්ව පිළිගන්නා තරම අපට හොඳින්ම වැටහෙනවා. පුවත්පත්වලින්, ජනමාධ්‍යවලින් දරුවන් මේ පුහුණුවට යවන්න එපා කියා කළ ඉල්ලීම ඒ ප්‍රබුද්ධ ජනතාව පිළිගත්තේ නැහැ. ඔවුන්ගේ කීම කිසිවෙක් ඇහුවේ නැහැ. ජනතාව තුට්ටුවකටවත් එය පිළි නොගැනීමම මේ පිරිසගේ දියාරු බව වටහා ගැනීමට හොඳම සාක්කියක්.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බලමුකෝ.............. මගේ යාලුවෙකුත් ඉන්නවා ත්‍රිකුණාමලේ කැම්ප් එකේ ආවම අහල බලමුකෝ විස්තර
     
    May 29, 2011
    78
    20
    0
    කෙල්ලෙක්ගේ කකුලකුත් කඩලයි කියල ආරංචිය හැබැයි:dull:

    හරියට කරගෙන යනවනම් ළමයින්ගේ අනාගතේට ලොකු ශක්තියක් වෙයි
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Peter Pan (පීටර් පෑන්);10314313 said:
    කෙල්ලෙක්ගේ කකුලකුත් කඩලයි කියල ආරංචිය හැබැයි:dull:

    හරියට කරගෙන යනවනම් ළමයින්ගේ අනාගතේට ලොකු ශක්තියක් වෙයි

    ඒක බොරුවක් පොඩි පොඩි ඒවා ලොකු කරලා කියන අයගේ වැඩක්.
    මේක හැමෝටම අලුත් හොද අත්දැකීමක්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    . මේක බැලුවට පස්සේ ඇත්තටම මට හිතුනා අපරාදේ අපි කැම්පස් යන කාලේ මේවා තිබ්බේ නැහැනේ කියලා. ඔයාලටත් මොකක්ද හිතෙන්නේ කියලා අවංකව කියන්න.

    මචන් උඹේ campas එක මොකක්ද
    out උනේ මොන අවුරුද්දේද
    faculty එක මොකක්ද විස්තර සහ සරසවි ජීවිතයේ රසවත් අත්දැකීම් ටිකක් දාපන්කෝ අපටත් දැනගන්න.
    මටනම් කියන්න කතන්දර ලොට් එකෙක් තියනවා
    මොනවා උනත් මම පැහැදිලිව අමානුෂික විදිහට කරන නවක වදයට විරුද්ධයි.
    එත් එකෙත් අතල් එකෙකුත් නැත්තේම නැහැ.
    එක ඉතින් විඳපු උන් විතරයි දන්නේ.
    එත් මේ හමුදා කඳවුරු වල වෙන දේවල් ගැන කට ඉස්සර කරගන්න ( හොඳද නරකද කියන්න )තාම කල් වැඩියි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තවම කල් වැඩී ‍හොඳ නරක කියන්න............
    කට්ටිය ආවහමම අහලා බලමුකෝ...............
    මොනව වුනත් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක් නං වෙනවා...........
    පෞද්ගලිකව මම කැමති නැහැ හමුදා පරිසරයට........
    ඒකට හේතු තියෙනවා............
    එහෙම ගත්තහම මම ඔතන හිටියනම් මට ලොකු අසාධාරණයක් වෙනවා.................
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ අපේ සුනිමල් මල්ලි එයාගේ සරසවි ජීවිතේ ගැන මොකුත්ම කිවුවේ නැහැනේ
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචන් උඹේ campas එක මොකක්ද
    out උනේ මොන අවුරුද්දේද
    faculty එක මොකක්ද විස්තර සහ සරසවි ජීවිතයේ රසවත් අත්දැකීම් ටිකක් දාපන්කෝ අපටත් දැනගන්න.
    මටනම් කියන්න කතන්දර ලොට් එකෙක් තියනවා
    මොනවා උනත් මම පැහැදිලිව අමානුෂික විදිහට කරන නවක වදයට විරුද්ධයි.
    එත් එකෙත් අතල් එකෙකුත් නැත්තේම නැහැ.
    එක ඉතින් විඳපු උන් විතරයි දන්නේ.
    එත් මේ හමුදා කඳවුරු වල වෙන දේවල් ගැන කට ඉස්සර කරගන්න ( හොඳද නරකද කියන්න )තාම කල් වැඩියි

    මම මචන් මොරටුවේ ඉංජිනේරු අවුට් උනේ 2009. අපෙත් ආතල් එකට රැග් තිබ්බා. එත් ලොකුවට නැහැ. ඒත් පේරා වගේ ඒවා වල අමානුෂික විදියට රැග් යන නිසා තමා නරක. අපෙත් NDT පිස්සෝ ටික ලොකුවට රැග් කරනවා. බෝඩ් වෙලා ඉන්න තැන වලටත් ඇවිත් රැග් කරනවා අපි දැකලා තියෙනවා. අත්දැකීම් වෙන වෙලාවක උබට කියන්නම් මචන් මම මේකේ කිව්වොත් ත්‍රෙඩ් එකට අදාලත් නැහැ අනිත් ඒක මේක බලන අය හිතයි මගේ ලොකු කම කියවනවා කියලා.
    හමුදා කදවුරු වල දෙන පුහුණුවට හැම දේම වගේ කරනවා අලුත් අයගේ බය නැති කරලා ඉදිරිපත් වීමේ හැකියාව වර්ධනය කරනවා. හොද පෞරුෂත්වයක් තියෙන කෙනෙක් කැම්පස් එකට යනකොට අර අන්තරේ වගේ ඉන්න අයට ඔය සිසුන්ට මොකුත් කරන්න එන්න බැහැ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනේ මන්දා නායකත්ව පුහුණුව දිහා UNP, JVP කට්ටිය නිදි මරාගෙන බලන් ඉන්නේ කොහෙ හරි වරදිනකන් ඒක අල්ලන් උඩ පනින්න.

    20,000ක් විතර එකට එකතු කරලා සුමාන දෙකක් පන්සලක සීල ව්‍යාපාරයක් පැවැත් වුවත් සුමානෙකට 10-15 දෙනෙක්වත් අසනීප වෙලා රෝහල් ගත කරන්න වෙනවා.

    අනෙක ස්කව්ටින් කරලා තියන අය දන්නවා ඇති ජැම්බරියක් තිබුණාම ළමයි 500ක් 1000ක් සහභාගි වුනාම එක එක ඉවෙන්ට්ස් කරන්න ගිහින් දවසට 2-3 දෙනෙක් වත් තුවාල වෙනවා.
    තවත් 2-3 දෙනෙක්වත් උණ, පාචනය, බඩේ අමාරු හදා ගන්නවා.

    නායකත්ව පුහුනුවක වටිනාකම හෝ ඉන් ඇති පුයෝජනය ගැන කතා කරන්නෙ නැත්තෙ කාටවත් මේ ගාන තේරුමක් නැති නිසා විය යුතුයි . අනෙක අසුබවාදයේම එල්ලී ඉන්න අයට වැරදි මිසක් හොද ‍පෙනෙන්නෙ නෑනේ!!!

    කට්ටිය බලන්න ඇතිනේ දෙරණ රියල් ලීඩර් වැටසටහන. ඒකේ මීට වඩා දරුණු අභියෝග තිබුනෙ!! අවසන් 6 දෙනා අතරට ගිය මගේ ඥාති දියණියක් හිටියා ඇයද විවිධ අසනීප අපහසුතා වලට ලක්වුනා ඒකාලය තුලදී!!

    අවු 44ක් වෙන අපේ අක්කා රජයේ නිළධාරිණියක්. ඇද උඩ පුටුවක් තියලා නෙට් එකේ පටිය ගැටගහන්න බයේ මදුරෝ කකා ඉන්නවා කව්රු හරි ඒක එල්ලලා දෙනකම්.
    ගිය අවුරුද්දෙ එයාට බෙලිහුලුඔය පැත්තෙ තිබුණා නායකත්ව පුහුණුවක් එයා වැඩ කරන රජයේ ආයතනයෙන්!! පුදුමේ කියන්නෙ මේ සිංහල අවුරුද්දට එයා ඉනිමගක නැගගෙන ගෙදර තීන්තත් ගෑවා!!
    Copied from -
    http://www.elakiri.com/forum/showthread.php?t=1142364&page=4
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Will you send your Girl or Sister to a Army Camp ? Think twice

    Nudism training at Minneriya Army camp?

    It is reported items that abolish shame and fear in girls have been included in the ‘leadership’ training being given in army camps by the government to students who have been selected to have their higher education in universities in Sri Lanka. At a concert held on the 4th (Saturday) for female students undergoing training at Minneriya Army camp a group of cabaret artists had been invited and the trainees were exposed to items that exhibited nudity. A large number of female students who had to witness nude and semi nude items presented by these ‘artistes’ had been thoroughly embarrassed. An instructor presenting these items had told the students that to be a female leader with a good personality and to enter higher society the female students in universities should be trained in such nude items. As such, the female students who had been forced to witness the items are in fear that they too would be asked to perform such items.
    The political leader of the government who proposed the ‘leadership training’ for university students was once accused of sexual abuse against female athletes and it is no secret that he proposed to make Sri Lanka the country producing international beauty queens.

    “At the training camp in Trincomalee, there were only two toilets for the use of 300 female students when the training programme was launched. The students were compelled to be up at 2 a.m. daily to be in line for training, beginning at 5 a.m. At the camp in Ampara, students exercising near a water tank hurt themselves while running away from wild elephants. There were also reports of fainting and snake bite.
    “Three girls in the Trinco camp fainted during training, and despite pleas from their parents, the students have not been released,”
    http://sundaytimes.lk/110529/News/nws_09.html

    The safety of students who are currently participating in the leadership training camps is in a hazardous state as the physical and mental health of students are deteriorating, the Inter University Students Federation (IUSF) said today.

    “A large number of incidents related to food poisoning and heavy injuries undergone by students have been reported from several camps. The most recent has been reported from the training centre in Maduruoya where two female students were hospitalized following the strenuous physical activities which are part of the training program,” IUSF Convener Sanjeewa Bandara said speaking at a media briefing held today.

    According to Bandara one student had fractured her ankle as a result of a fall and the other had been suffering from Pneumonia and both had been admitted to the Aranaganwila hospital and then transferred to the Polonnaruwa hospital due to their critical conditions.

    Speaking further Bandara said that the student with a fractured ankle has been advised by doctors to not walk for at least another three months. “Moreover, a lot of students are under extreme stress due to the rigorous activities they are made to go through. We have also received information from students in the Boossa camp that, some of the military personnel verbally abused them,” said Bandara adding that the government should take immediate measures to ensure the safety of these students.
    http://www.janadhipathi.com/artist/...s-reported-from-leadership-training-camp.html