නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වේ

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වේ

දශක ගණනක්‌ ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රය ආලෝකමත් කළ ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකර මහතා ඊයේ (19 වැනිදා) දහවල් අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 76 වැනි වියේ පසුවූ ඒ මහතා දින කිහිපයක සිට තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ බව පුතු සාරංග දිසාසේකර මහතා "දිවයින" ට පැවසීය.

ගලන ගඟකි ජීවිතේ ගීතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ නාරද දිසාසේකරයන්, ආදර නිල් දෑසේ, පිපී පිපී රේණු නටන, මුළු හදින් මම ඇයට පෙම් කර, මේ භවයේදී මුළු දියදායේ යන චිත්‍රපට හා ගුවන්විදුලි ගීත සියයකට වැඩි ගණනක්‌ ගායනා කර ඇති ඒ මහතා ගුවන් විදුලියේ සංගීත අංශයේ ප්‍රගමනයට මහඟු මෙහෙවරක්‌ ඉටු කර තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක නාරද දිසාසේකර මහතාගේ දේහය දැනට අංක 21/ඒ, වැටකෙයියාවල, උඩහමුල්ල නිවසේ තැන්පත් කර තිබේ.


source : divaina.com
 
Last edited: