නාවිකයන්ගේ අවසන් ආරක්ෂකයා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාවිකයන්ගේ අවසන් ආරක්ෂකයා

    d9wD4uC.jpg

    Close-in weapon system(CIWS) යනු නෞකාවලට මිසයිල හෝ ප්‍රහාරක යානාවලින් එල්ලවන තර්ජන මැඩලීම උදෙසා නිර්මාණය කල අවි විශේෂයකි.මේවා "sea-whiz" යන නමින්ද හඳුන්වයි.සීමා සහිත ප්‍රදේශයකට ආරක්ෂාව සැලසිය හැකි බැරල් කිහිපයකින් සමන්විත භ්‍රමණය විය හැකි තුවක්කුවක් හෝ මිසයිල සහිත මෙම අවි පද්ධතියකට කෙටි දුර මිසයිල සහ නෞකාව අසලින් ගමන් කරන අනතුරුදායක සතුරු ප්‍රහාරක යානා ආදිය හඳුනාගෙන වෙඩි තබා බිම හෙළීමට(මිසයිල ප්‍රහාර එල්ල කිරීමට) හැකියාව තිබේ.බොහෝමයක් නූතන යුද නෞකාවල මෙම සුවිශේෂි අවි පද්ධති ස්ථානගත කර තිබේ.මෙම අවි පද්ධති අංශක 360 පරාසයක් පුරා භ්‍රමණය විය හැකි අයුරින් නිර්මාණය කර තිබේ.රේඩාර් ,පරිගණක සහ බැරල් කිහිපයක් සහිත සීඝ්‍රයෙන් භ්‍රමණය විය හැකි අවියක් එය සතුය.සමහරක් CIWS අවි පද්ධති මිසයිල සහිතය.ඒවා අධෝරක්ත සංවේදක,රේඩාර් යන ක්‍රම ඔස්සේ සිය ඉලක්කය සොයාගැනේ.සමහර අවස්ථාවල CIWS අවි පද්ධති ගොඩබිම් ආරක්ෂාව වෙනුවෙන්ද යොදා ගැනේ.

    TtoVJ1Y.jpg
    ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක තිබෙන MK15 Phalanx අවි පද්ධතියක්​

    vxJyWrq.jpg
    රුසියානු Admiral Kuznetsov නෞකාවේ ස්ථානගත කර තිබෙන Kashtan අවි පද්ධතියක්​

    CIWS අවි පද්ධති දෙවර්ගයකි.එකක් වන්නේ තුවක්කුව මුලික කරගෙන නිර්මාණය කල CIWS අවි පද්ධතීන්ය.අනෙක මිසයිල මූලික කරගෙන නිර්මාණය කල CIWS අවි පද්ධතීන්ය.මින් මිසයිල මූලික කරගත් CIWS පද්ධති නෞකාවේ ආරක්ෂාව (නෞකාව ඉලක්ක කරගෙන පැමිණෙන මිසයිල විනාශ කිරීම ) සහ සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට යන කාර්යයන් දෙකටම යොදා ගත හැක්කේ මිසයිලවලට ගමන් කල හැකි දුර ප්‍රමාණය සාපේක්ෂව තුවක්කු මූලික කරගත් CIWS අවිවලට වඩා වැඩි නිසාය.යුද නෞකාවක ආරක්ෂාවේ අවසන් ලේයරය ලෙස CIWS අවි පද්ධති හඳුන්වා දිය හැකිය.මන්ද නෞකාවක් ඉලක්ක කරගෙන එල්ලවන මිසයිල ප්‍රහාරයක්(සතුරු නෞකාවකින් ,ගුවන් යානයකින් හෝ සබ්මැරීනයකින් එල්ල කරන නෞකා නාශක මිසයිල ) වැළැක්වීමට ගත හැකි මූලික ආරක්ෂ විධිවිධාන සියල්ල අසාර්ථක වූ තැන පිහිටට සිටින්නේ මෙම CIWS අවි පද්ධතීන්ය.

    k6bmsi4kcwzeulnvzhyn.gif


    CIWS අවි පද්ධති කිහිපයක් නෞකාවක ස්ථාන කිහිපයකම ස්ථානගත කල හැකිය.මේවා ස්වයංක්‍රීයව සිය ඉලක්ක සොයාගෙන ප්‍රහාර එල්ල කරනු ලැබේ.අනාගතයේදී මේ සඳහා ලේසර් අවි යොදාගනු ඇති.පහත දැක්වෙන්නේ ලොව පුරා නාවික හමුදාවන් භාවිතා කරන මාරාන්තිකම CIWS අවි පද්ධති කිහිපයකි.



    රුසියානු AK-630 අවිය

    CIWS අවි පද්ධතිවල පැරණිම සාමාජිකයා ලෙස මෙම සෝවියට් අවිය හඳුන්වා දිය හැකිය.AK-630 අවි පද්ධතිය පළමුවරට අත්හදා බැලුවේ 1960 දශකය මැද භාගයේදී වන අතර එය සේවයට යෙදවීම සිදුවූයේ ඉන් දශකයකට පමණ පසුවයි.AK-630 අවි පද්ධතියේ කොතේ සවිකර තිබෙන තුවක්කුව සිය ඉලක්ක සොයාගෙන්නේ නෞකාවේ වෙනත් ස්ථානයක තිබෙන රේඩාර් පද්ධතියක් ආධාරයෙනි.තුවක්කුව ක්‍රියාත්මක වන විට මිනිත්තුවට 30X165mm උණ්ඩ වට 5000ක් නිකුත් කෙරේ.මෙම වෙඩි වරුසාව හමුවේ නෞකාව ඉලක්ක කරගෙන පැමිණෙන කෲස් ,ගුවන් යානා මිසයිල හෝ කුඩා බෝට්ටු කුඩුපට්ටම් වේ.

    සීතල යුද්ධයේ අවසන් දශක දෙක තුල සෝවියට් යුද නෞකාවල ප්‍රධානතම අවි පද්ධතිය වූ AK-630 හි පිටපත් 1000කට වඩා නිපදවා තිබේ.දැනටත් මෙම AK-630 අවි පද්ධතිය රටවල් දුසිමකට වඩා සේවයේ යොදවා තිබේ.ඒ අතර චීන,ඉන්දියා,පාකිස්තාන වැනි නාවික හමුදාවන්ද සිටියි.AK-630 අවි පද්ධතියේ යාවත්කාලීන කල මොඩලය වන්නේ AK-630M1-2ය.එහි 30 mm ගැට්ලින් වර්ගයේ තුවක්කු දෙකක් සවිකර තිබේ.මෙම නවතම සංස්කරණයට මිනිත්තුවට උණ්ඩ වට 10,000 වේගයක් තිබේ(ඇමෙරිකානු Phalanx සහ නෙදර්ලන්ත Goalkeeper අවි පද්ධතිවලට පවා එතරම් වෙඩි ප්‍රහාරක වේගයක් නැත ).

    FBE5fGk.jpg







    ඉතාලි Dardo අවිය

    මෙම CIWS අවි පද්ධතිය තම ඉලක්කය වනසා දමන්නේ උණ්ඩ වරුසාවක් යැවීමේන් එය කුඩුපට්ටම් කර දැමීම ඔස්සේ නොව මි.මී.40 අතිශය පුපුරණ උණ්ඩ ඉලක්කය වෙත පිටත් කර යැවීමෙන්ය.Dardo ("Dart")අවි පද්ධතිය නිර්මාණය කලේ Breda සහ Oto Melara යන ඉතාලි සමාගම් දෙක විසිනි.මෙහි අවි දෙකක් සවිකර තිබෙන අතර ඒවාට මිනිත්තුකට උණ්ඩ වට 750ක් නිකුත් කල හැකිය.රේඩාර් උපකරණ සහ වෙඩි පාලන පද්ධතියක් සතු මෙය වෙනිසිවුලාව,දකුණු කොරියාව,මැලේසියාව සහ ඉරාකය ආදී රටවලට අපනයනය කෙරේ.නෞකා නාශක මිසයිල,නියමුවන් රහිත යානා,අනෙකුත් නියාමක මිසයිල මෙන්ම හෙලිකොප්ටර්,නෞකා,බෝට්ටු,වෙරළාශ්‍රිත ඉලක්ක සහ පාවෙන මුහුදු බෝම්බ ආදියෙන් ආරක්ෂාවීමට මෙම අවි පද්ධතිය යොදාගත හැකිය.

    6Y24naG.jpg







    ඇමෙරිකානු MK15 Phalanx අවිය

    සැබවින්ම CIWS අවි පද්ධති අතරින් වඩාත් ප්‍රසිද්ධතම එක වන්නේ ඇමෙරිකානූ MK15 Phalanxය.මෙම අවි පද්ධතිය Under Siege සහ Sum Of All Fears යන චිත්‍රපටවල භාවිතා විය.මෙහි භාවිතා වන්නේ M61 "Vulcan" 20mm වර්ගයේ මැෂින් තුවක්කුවකි.මෙම තුවක්කුව F-104 Starfighter යානයේ පටන් නූතන ඇමෙරිකානු ප්‍රහාරක යානා දක්වා යොදාගන්නා අවියකි.බැරල් 6කින් යුක්ත මෙම තුවක්කුවට තත්ත්පරයට උණ්ඩ වට 75ක් මුදාහල හැකිය.මෙම අවි පද්ධතියේ පෙනෙන්නට තිබෙන විශේෂිත අංගය වන සිලින්ඩරාකාර සුදු පැහැති කොටස තුල රේඩාර් පද්ධතිය ඇතුලත්ය.Phalanx අවි පද්ධතියේ නවතම මොඩලයන්හි ඉහල විභේදනයක් සහිත FLIR සහ ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ සංවේදක සවිකර තිබේ.මේ නිසා අවි පද්ධතිය ක්‍රියාත්මක වීමට අමතර රේඩාර් සහ සංවේදක අවශ්‍ය නොවේ.

    Phalanx අවි පද්ධතියේ සේවය ලබා ගැනීම ඇරඹෙන්නේ සෝවියට් AK-630 අවි පද්ධතිය හඳුන්වා දීමෙන් දශකයකට පමණ පසුවයි.මෙය ස්වයංක්‍රීයව,අර්ධ ස්වයංක්‍රීයව හෝ නාවිකයෙක්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක කල හැකිය.අනෙකුත් අවි පද්ධති හා සංසන්දනය කරද්දී අවිය වෙඩි බලය අතින් පහල මට්ටමක පසුවුවද දශක ගණනාවක සිට එක්සත් ජනපද නාවික හමුදාව එය සේවයේ යොදවා තිබේ.

    B831xMa.jpg







    ස්විස්/ජර්මන් මිලේනියම් අවිය

    Rheinmetall Air Defence සමාගම විසින් නිර්මාණය කල අවි පද්ධතියකි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ යොදාගන්නා උණ්ඩ ස්මාට් වර්ගයේ වීමයි.එනම් මිනිත්තුවට උණ්ඩ වට 1000 වේගයක් සහිත අවියෙන් 35mm උණ්ඩයක් නිකුත්වන විට තුවක්කුව කෙළවරේදී එහි වේගය මැන ගනියි.ඉන්පසු උණ්ඩය පිපිරී යායුත්තේ කවර දුරකදී යන්න වැඩසටහන් ගත කෙරේ.මෙම අවි පහසුවෙන් නිරීක්ෂණය නොවන ලෙස එහි කොත නිර්මාණය කර තිබේ.එසේම එය බැටරි බලයෙන් ක්‍රියාත්මක වන නිසා බාහිර බල සැපයුමක් අවශ්‍ය වන්නේ බැටරි ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට පමණි.තවද අවිය සවිකිරීමට අවශ්‍ය වන්නේ නෞකාවෙන් කුඩා ඉඩකි.දැනට මෙම අවි පද්ධතිය ඩෙන්මාර්කය සහ වෙනිසිවුලාව යන රටවල් භාවිතා කරයි.

    GZ5QCqy.jpg







    නෙදර්ලන්ත Goalkeeper අවිය

    ඇමෙරිකානු Phalanx අවියේ වෙඩි පාලන පද්ධති සංකල්පය සහ එහි 20 mm තුවක්කුව අනුසාරයෙන් නිර්මාණය කල බැරල් 7කින් යුක්ත 30 mm GAU-8 Avenger ගැට්ලින් තුවක්කුවක් සහිත මෙම අවිය 1975 Thales Naval Netherlands සමාගමේ නිමැවුමකි.මෙම අවිය සතුව බිය උපදවන සුළු පෙනුමක් තිබේ.මෙම තුවක්කුවට මිනිත්තුවක් තුල උණ්ඩ වට 4200ක් මුදා හල හැකිය.1980 දශකයේ පටන් සේවයේ යොදවා තිබෙන මෙම අවි පද්ධතිය බ්‍රිතාන්‍ය,දකුණු කොරියා,චිලී,නෙදර්ලන්ත නාවික හමුදාවන් භාවිතා කරයි.

    dyFsl5p.jpg







    SeaRAM මිසයිල පද්ධතිය

    RIM-116 Rolling Airframe මිසයිල දියත්කරනය සමග ඇමෙරිකානු Phalanx CIWS අවි පද්ධතියේ රේඩාර් සහ ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ පද්ධතිය සම්බන්ධ කිරීමෙන් මෙම අවි පද්ධතිය නිර්මාණය කර තිබේ.මෙය ස්වයංක්‍රීයව ඉලක්ක සොයාගෙන විනාශ කල හැකි අයුරින් වැඩිදියුණු කර තිබෙන නිසා බාහිර ආධාරයක් අවශ්‍ය නොවේ.මෙහි අඩංගු RIM-116 මිසයිලවලට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් ගමන් කල හැකිය.මෙම මිසයිලවලට කි.මී.9ක් දුරක් ගමන් කල හැකි බව කියවේ.

    k0LyMwS.jpg







    රුසියානු Kashtan අවි පද්ධතිය

    සියලුම CIWS අවි පද්ධතිවල මව ලෙස හැඳින්විය හැකි රුසියානු Kashtan අවි පද්ධතිය සතුව GSh-30K (AO-18K) තුවක්කු සහ 9M311 මිසයිල අඩංගුය.එය සතුව බැරල් 6ක් සහිත GSh-30K 30 mm තුවක්කු 2ක් තිබේ.මෙම අවි පද්ධතියේ 9M311 වර්ගයේ මිසයිල දියත් කල හැකි මිසයිල විදින 2ක්ද අඩංගුය.මිසයිල 4ක් නිකුත් කිරීමට සූදානම් තත්ත්වයේ තිබෙන අතර අමතරව මිසයිල 32ක් නැවත පිරවීමට සූදානමින් තබා ඇත.රේඩියෝ නියාමක ගොඩබිම සිට ගුවනට එල්ල කරන 9M311 මිසයිල මෙහිදී භාවිතා කෙරේ.Kashtan අවි පද්ධතිය සතුව පරිලෝකන සහ ඉලක්ක සොයා ගැනීමේ රේඩාර් පද්ධති මෙන්ම ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ සහ අධෝරක්ත සංවේදක අඩංගුය.රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Admiral Kuznetsovහි මෙම අවි පද්ධතිය සවි කර තිබේ.මෙම අවි පද්ධතිය දැනට චීනය,ඉන්දියාව,වියට්නාමය යන රටවල නාවික හමුදාවන් භාවිතා කරයිඅනෙක් CIWS අවි පද්ධති මෙන් නොව මෙහිදී තුවක්කු මෙන්ම මිසයිලද එකවර භාවිතා කිරීමට තිබෙන හැකියාව නිසා සතුරු පාර්ශ්වයට බරපතල හානි සිදුකිරීමට හැකියාව තිබෙනවා මෙන්ම නෞකාව කරා සතුරු මිසයිලයකට ලඟාවීමට තිබෙන සම්භාවිතාවය ඉතා අවම වී තිබේ.රුසියානු Kashtan අවි පද්ධතියට අභියෝග කල හැකි CIWS අවියක් තවමත් ලොව කිසිදු නාවික හමුදාවක් සතුව නැත.ඒ නිසා CIWS අවි පද්ධති අතරින් මාරාන්තිකම අවිය මෙන්ම ජයග්‍රාහකයා වන්නේ රුසියානු Kashtan අවියයි.

    55tbuGv.jpg








    ඉහත ලැයිස්තු ගත කර තිබෙන CIWS අවි පද්ධතිවලට අමතරව මුල් දසදෙනා අතර වැටෙන තවත් CIWS අවි පද්ධති කිහිපයක් තිබේ.පහත දැක්වෙන්නේ ඒවාය.


    Sea Zenith

    මෙය බැරල් 4හි 25 mm තුවක්කුවකින් සමන්විතය.තුර්කි නාවික හමුදාව භාවිතා කල මෙම අවිය පසුව සේවයෙන් ඉවත් කල බව සඳහන් වේ.

    9TSr8f7.jpg




    Meroka

    මෙය ස්පාඤ්ඤය නාවික හමුදාව භාවිතා කරන CIWS අවි පද්ධතියකි.බැරල් 12 Oerlikon 20 mm/120 අවියක් තිබේ(20mm අවි හය බැගින් අවි පේලි 2ක් තිබේ).මිනිත්තුවට උණ්ඩ වට 1440ක් නිකුත් කල හැකිය.

    BdPzEv6.jpg




    Denel 35mm Dual Purpose Gun

    දකුණු අප්‍රිකාවේ Denel Land Systems සමාගම විසින් නිපදවූ CIWS අවි පද්ධතියකි.බැරල් දෙකක්(35mm) සහිත මෙය 35×228mm උණ්ඩ භාවිතා කරයි.

    8OtRWGz.jpg





    Source:Foxtrotalpha.jalopnik.com

    -HarshaLulzSec-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ යාළුවෝ!!!!!!!

    ලංකාවට කාෂ්තානා පද්ධතියක් දුන්න පුටිං ලොක්කා යුද්දෙ තියන කාලේ....
    ඒ ඇරුණු කොට ඇරා මිසයිල, කතුෂ්කා රොකට් ආදිය
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපේ යාළුවෝ!!!!!!!

    ලංකාවට කාෂ්තානා පද්ධතියක් දුන්න පුටිං ලොක්කා යුද්දෙ තියන කාලේ....
    ඒ ඇරුණු කොට ඇරා මිසයිල, කතුෂ්කා රොකට් ආදිය

    Kashtan ?? :eek: මොන නැවේද බන් දැන් ඕකේ තියෙන්නේ?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Patta machan
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාලෙකට පස්සෙ උඹේ ත්‍රෙඩ් එකකට ආවේ...:)
    දැන්නම් පස්සෙ කියවනකන් බම්ප් එකක්...:sorry:
    රෙප් දෙන්න විදිහක් නෑ බන්...:baffled:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Nice theard macho :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ යාළුවෝ!!!!!!!

    ලංකාවට කාෂ්තානා පද්ධතියක් දුන්න පුටිං ලොක්කා යුද්දෙ තියන කාලේ....
    ඒ ඇරුණු කොට ඇරා මිසයිල, කතුෂ්කා රොකට් ආදිය

    :shocked::shocked::shocked::shocked:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අපේ යාළුවෝ!!!!!!!

    ලංකාවට කාෂ්තානා පද්ධතියක් දුන්න පුටිං ලොක්කා යුද්දෙ තියන කාලේ....
    ඒ ඇරුණු කොට ඇරා මිසයිල, කතුෂ්කා රොකට් ආදිය

    :no::no::no::no: