නාවික හමුදාවෙන් ප්‍රතම ඇම්බියුලන්ස් බොට&

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නාවික හමුදාවෙන් ප්‍රතම ඇම්බියුලන්ස් බොට&

උතුරේ දූපත්වල වෙසෙන ශ්‍රි ලාන්කික ජනතාවගේ හදිසි අසනීප සදහා ප්‍රදාන දූපතට (mainland) ශ්‍රිලන්කාව තුලට කඩිනමින් පැමිනීම සදහා ඇම්බියුලන්ස් එකක්.



උතුරේ සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් ගිලන් යාත්‍රාවක්


උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා වෙත භාරදීම අද (05) කිලිනොච්චියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරතුමා වෙනුවෙන් උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක එස්.ආර්. ජූඩ් මහත්මිය විසින් එම යාත්‍රාව අතිගරු ජනාධිපතිතුමන් වෙතින් නිල වශයෙන් භාර ගන්නා ලදී. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් වි‍ජේවර්ධන මහතා සහ උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ සේවා හා පුනරුත්ථාපන, පරිවාස හා ළමාරක්ෂක සේවා සහ කාන්තා කටයුතු අමාත්‍ය ගරු පද්මනාදන් සත්‍යලිංගම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නිෂ්පාදිත අඩි 47.5ක දිගකින් යුත් මෙම යාත්‍රාව කඩිනම් ප්‍රතිකාර අවශ්‍යතා ඇති උතුරු ප්‍රදේශයේ දූපත් වල වෙසෙන ජනතාවට ඉතා ඉක්මනින් ප්‍රධාන රෝහල් කරා ගමන් කිරීමට උපකාරී වනු ඇත.

වැලිසර, නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මගින් දේශීය තාක්ෂණය සහ නාවික හමුදා නව්‍යකරණ හැකියාවන් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාවෙන් එකවර රෝගීන් 15 දෙනෙකු හට ප්‍රවාහන පහසුකම් සැලසිය හැකිවේ. ගිලන් ඇඳන් තුනකින් ද, ඔක්සිජන් සිලින්ඩර් දෙකකින් ද, එන්නත් නික්ෂේපන ආධාරකවලින් ද, රුධිර පීඩනය මැනීමේ උපකරණ සහ රෝගී තත්ව නිරීක්ෂණය කිරීමේ උපකරණ පද්ධතියකින්ද සමන්විත මෙම යාත්‍රාව නිෂ්පාදනය සඳහා නාවික හමුදාව රුපියල් මිලියන 37ක පිරිවැයක් දරා ඇත. රළු මුහුදු තත්වයන් යටතේ ගමන් කිරීමේදී වුවද රෝගීන් හට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම යාත්‍රාව විශේෂිතව නිෂ්පාදනය කර ඇත.

ඩෙල්‍ෆ්ට් ජැටියේ ස්ථානගත කිරීමට නියමිත මෙම යාත්‍රාව සඳහා නාවික හමුදා කාර්ය මණ්ඩලයක් ද යෙදවෙනු ඇත

1.jpg


2.jpg


3.jpg


4.jpg


6.jpg
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් වි‍ජේවර්ධන මහතා සහ උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ සේවා හා පුනරුත්ථාපන, පරිවාස හා ළමාරක්ෂක සේවා සහ කාන්තා කටයුතු අමාත්‍ය ගරු පද්මනාදන් සත්‍යලිංගම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

    මේ බෝට්ටුව හදන්නවත් මෙච්චර සෙනගක් ඉන්න නැතුව ඇති :lol::lol::lol: