නාවික හමුදා පනතේ

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නාවික හමුදා පනතේ

    හම්බන්තොට වරාය තුල සිදු වූ සිදුවීමේ දී නාවික හමුදාපතිවරයා විසින් 1950 අංක 34 දරණ නාවික හමුදා පනතේ සිට ඊට එක් කරන ලද සංශෝධන ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ගණනාවක් උල්ලංඝනය කර තිබේ.
    1. නිල ඇඳුම් නොමැතිව නාවික හමුදා කාණ්ඩයක් මෙහෙයවීම.
    2. "නිරායුධ" සිවිල් වැසියන්ට එරෙහිව සන්නද්ධ හමුදාවක් යෙදවීම.
    3. "නිරායුධ" සිවිල් වැසියන්ව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග ලබා දීම.
    4. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි මාධ්‍යවේදියෙකුට ඔහු රාජකාරිය කරන අවස්ථාවේදී සිය නිල ඇඳුමද නොමැතිව පහර දීම.
    5. "නිරායුධ" සිවිල් වැසියන්ට පහර දීමට සන්නද්ධ හමුදවට නියෝග ලබා දීම.
    6. සිවිල් වැසියන් සුළු පිරිසක් සිටින සාමකාමී උපවාසයක් මැඩ පැවැත්වීමට ප්‍රදේශයේ පොලිසිය යොදාගත හැකිව තිබියදී නාවික හමුදාපතිවරයාම පැමිණීම.
    7. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව රට සහ ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් කිරීමට කූඨ ලෙස කුමන්ත්‍රණය කිරීම.
    :yes::yes:

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පැහැදිලිවම මේ යකව අයින් කරන්න ඕන .එහෙම නැත්නම් මේකට කව්ද සම්බන්දද කියල ඕන ගොනෙකුට තේරෙයි :lol::lol:

    මහබැංකු වංචාව ගැන වාර්තාවේම සදහන් වුනාට පස්සේ අර්ජුනව බොරුවට රට යවල පස්සේ හිමිට අයින් කලේ .මේකත් එහෙම කරමු :lol::lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    බම්ප්.
    මෙ ඔය අණ පනත් ඩවුන්ලොඩ් කරගන්න නැද්ද බන් කොහෙවත්

    දණ්ඩ නීති සංග්‍රහය නම් පොතක් තියෙනවා මගේ ලග. නෙට් එකේ තියෙනවද කියල බලල නැ :yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ පිට රට නැවක් ලංකාවේ නවත්ත ගන්න අයිතියක් නැ අපිට. ඒ වෙලාවට ගණන් ගන්නේ මංකොල්ල කෑමක් කියලා. නැවට ආරක්ෂාව දෙන්න ඕන ඒ රටේ නාවික හමුවාදාව. ඔකුට වෙඩි තිබ්බේ නැති එක පුදුමයි.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    යකෝ පිට රට නැවක් ලංකාවේ නවත්ත ගන්න අයිතියක් නැ අපිට. ඒ වෙලාවට ගණන් ගන්නේ මංකොල්ල කෑමක් කියලා. නැවට ආරක්ෂාව දෙන්න ඕන ඒ රටේ නාවික හමුවාදාව. ඔකුට වෙඩි තිබ්බේ නැති එක පුදුමයි.

    ඔව් එත් නාවික හමුදාපතිවරයා මොන ලබ්බකට අවදා මන්ද ඕකට. යුද්දේ කාලෙදිත්කො ලබනේ හිටියේ. :lol::lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ඔව් එත් නාවික හමුදාපතිවරයා මොන ලබ්බකට අවදා මන්ද ඕකට. යුද්දේ කාලෙදිත්කො ලබනේ හිටියේ. :lol::lol:

    ඒවා නම් ඉතින් වැරදි. ඒ නීති ගැන නම් අදහසක් නැත
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඔව් එත් නාවික හමුදාපතිවරයා මොන ලබ්බකට අවදා මන්ද ඕකට. යුද්දේ කාලෙදිත්කො ලබනේ හිටියේ. :lol::lol:
    නාවික හමුදාපති වගෙ වෑදගත් කෙනෙක් ඔය වගෙ බාල කෙස් එක්කකට බෑහපු එකනම් මමත් අනුමත කරන්නෙ නෑ නමුත් මචන් මෙයානම් යුද්ද කාලෙ කොලබ හිටපු මනුස්සයෙක් නෙවේඊ. මෙයා තමඊ නාවික හමුදා විශෙශ යාත්‍රා බලගනය හෑදුවෙ. ඔය පහල මම දාන ලිපිය පොඩ්ඩක් කියවල බලපන් ඔක ලියල තියෙන්නෙ SBS එකෙ හිටපු හොද නිලදාරියෙක්
    නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ 'විජේගුණරත්න'මය <3 .......
    ------------------------------------------------------------------------------------------------
    අද හම්බන්තොට වරායේ වූ සිද්ධිය ........
    කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ......
    ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........
    එහෙත් 'විජේගුණරත්න'යන් ගැන සතුටු වේ <3 .......
    ඒ ඔහු තමමත් එදා සිටි 'රවි විජේගුනරත්න'මය <3 ..........
    මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ......
    එතුමා සමීපයේම සිටි සගයා මමය <3 .......
    එකල 'ත්‍රීකුණාමලයේ' තැනින් තැන වරින් වර කොටි ගේම් කැරකුනේය ......
    එවිට එතුමන් මා අමතා ! 'සොයිස්' වර යන්න කියයි <3 ........
    බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය .....
    එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 .....
    මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 .....
    ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 .........
    වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ......
    මම ඔහුට නොසගවා එය කිව්වේය <3 .......
    ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 .......
    'සර් ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් සර් ! ඔයා නාවික හමුදාවෙ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ......
    'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න .....
    ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු රවී විජේගුණරත්න බවය <3 .......
    (ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් )
    එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය .......
    මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! රවී ද සොයිසා නොවන නිසාය <3 ...... මම රවි ද සොයිසාමය <3 .........
    ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) .......
    *'නාවික හමුදාපතිවරයා' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ මුහුදු රාජකාරී සදහා භාවිතා කරන නිළ ඇදුමකි .......
    *'නාවික හමුදාව' මැදිහත් වන්නේ වර්ජකන් එලවන්නට නොව අත් අඩංගුවේ වූ නැව් 2ක් බේරා ගැනීමටය ......
    *එසේ එම නැව් බේරා ගෙන නිදහසේ නාවික මෙහෙයුම් කිරීමට ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් 'හම්බන්තොට වරාය' යනු අවම නැව් ප්‍රමනය එන තැනකි :'( එහෙම එකේ ආ නැවි දෙක අත් අඩංගුවට ගත් විට එන නැව් දෙක තුනම නැති විය හැක නිසාය ........
    * මේ සදහා 'සා+ගල' උපදෙස් දුනායයි කීම අවලම් කථාවකි :mad: මෙ සිද්ධියට සම්බන්ද විය හැක්කේ අමාත්‍යංශ 2කට පමනි එනම් ආරක්ෂක හා වරාය -නාවික අමාත්‍යංශයයි ....... 'සා+ගල'ට ඒ දෙක අයිති නැත ......
    *'රවී විජේගුනරත්නයන් නාවික හමුදාපති වන්නේ ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය :mad: ...... 'අම්මගෙ රෙද්ද' :mad: ...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........
    *වරාය අධිකාරි සේවක ප්‍රෂ්ණයක් එහි නැත ඇත්තේ සමාගමක වැඩ කල පුහුනුවු පිරිසක් අධිකාරියට බදවා ගැනීම ගැන ප්‍රෂ්ණයකි ......
    *ඒ වෙනුවෙන් අරගල කරන්න උද්ගෝෂන කරන්න ඇති අයිතිය පිලි ගනිමි .......
    *එසේම වරාය විකිනීම හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........
    *එසේම හම්බන්තොටට ඉද හිට එන නැව් වලට කිසි සේත් බාදා කිරීමට ඉඩ නොදිය යුතුය .........
    *ඒසේම මධ්‍යවේදීන්ද විනයක් ඇතුව හැසිරිය යුතුය ! මාධ්‍ය හැදුනුම්පතක් එල්ලා ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්‍ය නීතියවත් අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ......
    *** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... වත්මන් නාවික හමුදාධිපති වරයා පහ කිරීමක්ද කල හැක .......
    එවිට 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම නාවික හමුදාවට එක් වී <3 ...... ඒ නමින්ම සිය ජාතික වගකීම උරමත දරා ගත් වීරෝධාර සෙන්පතියා ........ 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙසම සතුටින් නාවික හමුදාවට සමුදෙනු නිසැකය <3 .......
    මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........
    'සොයිස මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දණ්ඩ නීති සංග්‍රහය නම් පොතක් තියෙනවා මගේ ලග. නෙට් එකේ තියෙනවද කියල බලල නැ :yes:

    උඹට කොහෙන්ද එ පොත සෙට් උනෙ ?? පී ඩී එෆ් එකක් කරලා දාපන්කො. එහෙම පබ්ලිෂ් කරන්න එහෙම කෙස් තියෙනවාද ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හම්බන්තොට වරාය තුල සිදු වූ සිදුවීමේ දී නාවික හමුදාපතිවරයා විසින් 1950 අංක 34 දරණ නාවික හමුදා පනතේ සිට ඊට එක් කරන ලද සංශෝධන ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ගණනාවක් උල්ලංඝනය කර තිබේ.
    1. නිල ඇඳුම් නොමැතිව නාවික හමුදා කාණ්ඩයක් මෙහෙයවීම.
    2. "නිරායුධ" සිවිල් වැසියන්ට එරෙහිව සන්නද්ධ හමුදාවක් යෙදවීම.
    3. "නිරායුධ" සිවිල් වැසියන්ව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග ලබා දීම.
    4. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි මාධ්‍යවේදියෙකුට ඔහු රාජකාරිය කරන අවස්ථාවේදී සිය නිල ඇඳුමද නොමැතිව පහර දීම.
    5. "නිරායුධ" සිවිල් වැසියන්ට පහර දීමට සන්නද්ධ හමුදවට නියෝග ලබා දීම.
    6. සිවිල් වැසියන් සුළු පිරිසක් සිටින සාමකාමී උපවාසයක් මැඩ පැවැත්වීමට ප්‍රදේශයේ පොලිසිය යොදාගත හැකිව තිබියදී නාවික හමුදාපතිවරයාම පැමිණීම.
    7. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව රට සහ ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් කිරීමට කූඨ ලෙස කුමන්ත්‍රණය කිරීම.
    :yes::yes:

    නිකන් පොන්න මතවාද දාන්න එපා බන්. එයා ඇදන් ඉන්නේ නේවි යුනිෆෝම් එකක්. උඹලා ගෙදරට වෙලා ජිල්බෝල ගගහ ඉන්නකොට නේවි එකේ කොල්ලො නැව් ඩෝරා වල ඈත මුහුදේ ඉන්දියන් කාරයො පන්නන්න කේජි කුඩු අල්ලන්න දවස් ගනන් මුහුදේ ඉන්නවා. එතකොට ෆුල් කිට් ගහන් දවස් ගානක් ඉන්න බැරි නිසා තමයි ඔය ශෝටයි ටීෂර්ට් එකයි ‍අදින්නේ. එ්ක නේවි යුනිෆෝම් එකක්. කොටි ගහනකොට වල්ගෙ පුකේ ගහන් හැංගිලා හිටපු එවුන් කොටි මලාට පස්සේ තමයි එලියට ඇවිත් තියෙන්නේ. ඊයා හ‍ලෝ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඔව් එත් නාවික හමුදාපතිවරයා මොන ලබ්බකට අවදා මන්ද ඕකට. යුද්දේ කාලෙදිත්කො ලබනේ හිටියේ. :lol::lol:

    එතකොට ට්‍රින්කෝ සාම්පුර් පිපිඩි මුලතිව් එහෙම හිටියේ උ...................... ද?
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මම හිතන්නෙ උඩින් පෙනෙන දෙයට වඩාදෙයක් මෙතන වෙලා තියෙනව. මේකත් බලන්න ලංකා ඊ නිවුස් වල තිබ්බෙ.

    රණතුංගලාගේ දුෂ්ඨ කුමන්ත්‍රණය පරදී : අර්ජුන හම්බන්තොට වරාය සේවකයන් මුහුදු කොල්ලකරුවන් බවට පත් කර විනාශ කළ හැටි: අත් අඩංගුවේ තිබූ විදේශ නෞකා නාවික හමුදාව බේරා ගත් හැටි


    (ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.11, පෙ.ව‍‍‍‍‍‍‍.8.00) වරාය ඇමැති අර්ජුන සහ සභාපති ධම්මික යන රණතුංග සොයුරන්ගේ උසි ගැන්වීම් මත මුහුදු කොල්ලකාරයන්ගේ තත්ත්වයට පත්ව විදේශ නෞකා 2 ක් තම අත් අඩංගුවේ තබා ගත් හම්බන්තොට වරායේ පුද්ගලික සමාගමක කොන්ත්‍රාත් පදනමින් සේවය කරන කඩාකප්පල්කාරීන් පිරිසක් විසිරුවා එම විදේශ නෞකා මුදා ගැනීමට නාවුක හමුදාව ඊයේ සමත් විය.

    මෙකී නෞකා 2 දින දෙකක් පුරා අර්ජුන සහ ධම්මික මෙහෙයැවූ හම්බන්තොට මුහුදු කොල්ලකාරයන්ගේ ග්‍රහණයේ තිබිණ.

    ලංකා ඊ නිව්ස් මීට පෙරද හෙළිකළ පරිදි හම්බන්තොට වරාය චීන රාජ්‍ය සමාගමක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස ගිවිසුම් ගත වීමේදී රණතුංගලාට අවශ්‍ය ආකාරයට එය සිදු නොවීමත් කිසිදු කුට්ටියක් රණතුංගලාට නොලැබීමත් හේතුවෙන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයේ කකුලෙන් ඇදීමට රණතුංග සොයුරෝ කටයුතු කළහ. එහිදී වරාය සභාපති ධම්මික රණතුංග කොළඹ වරායේ සේවක නිලධාරී හමුවකදී ප්‍රසිද්ධියේම කීවේ “මේ ජාතික අපරාධයට රණතුංගලාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එබැවින් චීන ගිවිසුමට අත්සන් නොකරන“ බවයි. ඇමරිකාවේ කාර් සේල් ආයතනයක සුළු රැකියාවක් කරමින් සිට සහෝදරයා ඇමති වීමේ අනුහසින් ලංකාවේ වරායේ සභාපති ධූරය ලබා ගත් අපොස උසස් පෙළවත් සමත් නැති මේ ‘පුස් නාම්බා‘ “ජාතික අපරාධයක්“ යැයි කීවේ සුදු අලියෙක් බවට පත්ව සෑම පුරවැසියෙකුම රුපියල් දස දහසක ණය කාරයෙක් කර ඇති පාඩු පිට පවත්වාගෙන යන හම්බන්තොට වරාය චීනය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගනිමින් ණය බරින් නිදහස් වීමට ය.

    යටිකූට්ටු උද්ඝෝෂනය

    ඉන්පසුව රණතුංග සොයුරන් කෙළේ රජයේ තීරණයට එරෙහිව හම්බන්තොට සේවකයන් උසි ගැන්වීම ය. මෙහිදී යටින් කටයුතු කෙළේ අර්ජුනගේ මාධ්‍ය ලේකම් තමීර මංජු නමැත්තා සහ හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක ලෙස පත් කර ඇති අර්ජුනගේ ඥාතියා විසිනි. අර්ජුන විසින් තමීර මංජු හම්බන්තොට වරාය කළමනාකරන පෞද්ගලික සමාගමේ (MPMC) අධ්‍යක්ෂ වරයෙකු ලෙසද පත් කරන ලද අතර ඔහුගේ අයියා ‘චන්න‘ නමැත්තා එහි විශේෂ අමුත්තන්ගේ ආගාරයේ ප්‍රධානියා ලෙස පත් කර තිබේ. මොවුහු පිටුපසින් සිට හම්බන්තොට වරායේ සේවකයන් උද්ඝෝෂණ සඳහා මෙහෙයැවූහ.

    මෙකී සේවකයන්ද වරායේ ස්ථිර සේවකයන් නොවේ ඔවුන් මාගම්පුර වරාය කළමනාකරණ සමාගම හෙවත් MPMC පෞද්ගලික සමාගමේ (තමීර මංජු අධ්‍යක්ෂකයෙකු වන) වසර 3 ක පරිවාස කාලයකට යටත්ව බඳවා ගෙන ඇති අස්ථිර සේවකයන් ය. මේ සියළු දෙනාම නාමල් රාජපක්ෂගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන හෙංචයියන් ය. අර්ජුනගේ ගිනස් වාර්තා තැබීමට ගිය නත්තල් ගත හිස මත කඩා වැටීමෙන් පරල වූ රණතුංගලා කෙළේ උද්ඝෝෂණය කරමින් සිටි සේවකයන් මුහුදු මංකොල්ල කාරයන්ගේ තත්ත්වය දක්වා වර්ධනය කරමින් ඒ වන විට හම්බන්තොට වරායට කාර් බෑම සඳහා පැමිණ තිබූ නොෟකා දෙකක් අත් අඩංගුවට ගෙන පිටව යාමට ඉඩ නොදීමයි. අර්ජුන මේ සඳහා ජවිපෙ වෘත්තිය සමිති නායකයා වූ චන්ද්‍රසිරි මහගමගේ ගේ සහායද ලබා ගත්තේය. අනෙක් වෘත්තීය සමිතිවල සහාය ලබා ගැනීමට ගියද එම වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ කොළඹ වරායේ ආදායමින් නඩත්තු කිරීමට සිදුව තිබෙන හම්බන්තොට වරාය චීනයට නොව යකාගේ ආච්චිට දීලා හෝ ගැලවිය යුතු බවත් ඉන්පසුව කොළඹ වරායේ ආදායමින් කොළඹ වරාය දියුණු කළ හැකි බවත්ය. එබැවින් අනෙක් ප්‍රධාන වෘත්තීය සමිති 3 ම අර්ජුනට සහාය දුන්නේ නැත. සහාය දුන්නේ අර්ජුන ඇමැතිවීමෙන් පසු ඔහු විසින් හදන ලද එක්සත් සේවක සංගමය නමැති කුඩා කල්ලියත් චන්ද්‍රසිරි මහගමගේ කණ්ඩායමත් පමණි.

    අගමැති කෝප වෙයි: අර්ජුන වෙනුවට මලික්

    හම්බන්තොට සේවකයන් සාමකාමී උද්ඝෝෂණයෙන් ඉවත් වී මුහුදු කොල්ලකාරීන්ගේ තත්ත්වයට පත්වීමත් සමග අගමැතිවරයා කෝප විය. ඔහු වහාම වෘත්තීය සමිති නායකයන් කැඳවා මේ ගැන විමසූ අතර එහිදී වෘත්තීය සමිති නායකයෝ අගමැතිවරයාට සත්‍ය තත්ත්වය හෙලිකරමින් මේ පිටුපස කිසිදු ප්‍රධාන වෘත්තීය සමිතියක් නොමැති බවත් මෙය රණතුංගලාගේ කුමන්ත්‍රණයක් බවත් කියා සිටියහ. ඉන්පසු අගමැතිවරයා කීවේ මින් පසු වෘත්තීය සමිති අර්ජුන ඇමැතිවරයා සමග නොව ආයෝජන ඇමැති මලික් සමරවික්‍රම සමග සම්බන්ධතා පවත්වන ලෙසත් තම අවශ්‍යතා ඔහු සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසත් ය.

    මේ පිලිබඳ ආරංචි වීමෙන් පසු තම ඇමැතිකමට තට්ටුවන බව දැනගත් අර්ජුන රණතුංග වහාම ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ වගකීම තමන්ට බාර ගත නොහැකි බව පවසමින් මෙතෙක් උසි ගැන්වූ සේවකයන් අතහැර දමා ජාම බේරා ගැනීමට ප්‍රකාශ නිකුත් කෙළේය.

    අර්ජුන විසින් මුහුදු මංකොල්ලකාරයන්ගේ තත්ත්වයට ඇද දැමූ සේවකයන්ගේ අත් අඩංගුවේ තිබූ නෞකා මුදා ගැනීමට ඊයේ සවස නාවික හමුදාව මුහුදු මගින් කඩා වැදුනේ මේ තත්ත්වය යටතේ ය.

    එහිදී නාවික හමුදාපතිවරයාම මීට මැදිහත් වූයේ කඩාකප්පල්කාරී ක්‍රියා පසුපස ඇමැතිවරයාම සිටින නිසා තත්ත්වයේ බරපතල බව තේරුම් ගෙන විය යුතුය. එසේ නොවී නම් සේවක උද්ඝෝෂනයක් මැඩ පැවැත්වීමට නාවික හමුදාපතිවරයෙකු ඉදිරිපත් වීම සාමාන්‍යයෙන් සිදුනොවන්නකි.

    මෙය ලියන අවස්ථාව වන විට ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇත්තේ කටයුතු නිමා කර තිබියදීත් බලහත්කාරයෙන් රඳවා තිබූ විදේශ නොෟකාව මේ වන විට දියඹට යාත්‍රා කර ඇති බවයි. අනෙක් නෞකාවේ ඇති වාහන බෑම එම නෞකාවේ සේවකයන්ම විසින් සිදුකරන අතර වාහන පිටතට ගෙනයෑම පුද්ගලික රියැදුරන් විසින් සිදුකරමින් සිටින බවයි. දැනගන්නට ඇති පරිදි අද වරාය පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතට පත් කිරීමට නියමිත ය. කඩාකප්පල් කාරී ලෙසත් මුහුදු කොල්ලකාරීන් ලෙසත් හැසිරුනු MPMC පෞද්ගලික සමාගමේ 400 ක් පමණ වූ සේවකයන් නව පරිපාලනයේ සේවයට අනුයුක්ත කර ගැනීමට චීන සමාගම කැමැති වුවහොත් පුදුමයකි. සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකිව තිබූ ප්‍රශ්නයක් රණතුංගලාගේ අවස්ථාවාදීකම නිසා අවසානයේ කාටත් කිසිවක් නැති වන තත්වයක් උදා වී ඇත. රණතුංගලා මුලා කළ ඒ සේවකයන් විනාශයෙන් විනාශයට පත් වී තිබේ.

    අර්ජුනට යලි පිලිතුරු

    මේ අතර යලිත් වරක් ඊයේ (10) මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැති අර්ජුන ලංකා ඊ නිව්ස්හි කතුවරයාට සිය සුපුරුදු අවලාදය නගා තිබිණ. ඒ ලංකා ඊ නිව්ස් ඔහුට මඩ ගසන බවත් ඒ ඊ නිව්ස් කතුවරයා විසින් ඔහුගෙන් මුදල් ඉල්ලා නොලැබුනු නිසා බවයි. මේ සම්බන්ධයෙන් අප යලි යලිත් කියා සිටින්නේ අප කවර නම් දිනයක කවරාකාරයෙන් ඔහුගෙන් මුදල් ඉල්ලා ඇත්නම් වහාම හෙලිදරව් කරන ලෙසයි. ලංකා ඊ නිව්ස් යම් යම් ආයතන වලින් දැන්වීම් ඉල්ලා ඇතත් වරායෙන් කෙදිනකවත් දැන්වීමක් හෝ ඉල්ලා නැත. අර්ජුන වැනි බොරුකාර දේශපාලන රිලවුන්ට දුරකථන ඇමැතුමක් හෝ ගෙන නැත. අපට රණතුංගලා වැනි චෞර පවුලක් සමග කිසිදු ගණුදෙනුවක් ද නැත. අප නගන්නේ අවලාද නොව වරාය වැනි රටේ වැදගත් මර්මස්ථානයකට රණතුංග පවුල සිදුකරණ විනාශයන්ය. පසුගිය 2016 අප්‍රේල් 24 වෙනිදා අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අප විසින් පළ කරන ලද දෝෂාභියෝගයේ ඇති කරුණු හැකිනම් බොරු යැයි කියා ඔප්පු කරන අභියෝග කරමු.

    පහත දැක්වෙන එකී දෝෂාභියෝගය යලි කියවන්න

    ඇමැති අර්ජුනට සහ සභාපති ධම්මිකට විරුද්ධව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ගෙන ආ දෝෂාභියෝග චෝදනා මෙන්න...!

    -වරායේ නිවාඩු නිකේතන ගණිකා මඩම් කරලා: ඇමැතිගේ සුපිරි කාමරයේ සුව පහසු ඇඳන්: ගැබිණියක් සිහි නැතිවන තුරු කුණු හරුපෙන් බැනලා-



    සබැඳි පුවතක්
    අර්ජුන ආණ්ඩුවට එරෙහිව වරායේ සේවකයන් වර්ජනයට පොළඹවයි: කුමන්ත්‍රණයේ සුල මුල මෙන්න



    ---------------------------
    by (2016-12-11 03:45:28)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113

    ඔව් එත් නාවික හමුදාපතිවරයා මොන ලබ්බකට අවදා මන්ද ඕකට. යුද්දේ කාලෙදිත්කො ලබනේ හිටියේ. :lol::lol:

    බාගෙට දැනගෙන කියවන එක උඹ ජම්ම පුරුද්දක්ද මන්දා :lol:

    image_1481471910-5f5cd91084.jpg

     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්ත කියපුවාම එළකිරියේ ඉන්න පොන්නයෝ ටිකක් රෙප් කපනවා. රෙප් කන්නද? පඩි අඩුවෙනවද රෙප් කැපුවා කියලා.
    අපිට රනිල් සිරිසේන මහින්ද එකෙක්වත්ගෙන් වැඩක් නැහැ.
    දැන් ඔය කියන දරුවන් පිරිසට ඒ දවස්වලම මහින්ද මහත්තයා හාබර් එක හදලා කරපු මෙහෙවරට අනුව ඇයි උන්ට හාබර් එකේ ස්ථිර රස්සා ටිකත් නොදුන්නේ. එතුමාට තිබ්බ බලය හා ගෞරවය ඇයි ඒ සඳහා පාවිච්චි නොකළේ කියලා මධ්‍යස්ත මතධාරී අපට හිතෙන එක වැරදිද?
    මාධ්‍යවේදී කියන කැරිම කැරි පකයන්ට මටත් පුලුවන්නම් කැමරා ඉස්සරහමයි ගහන්නේ. මොකද උන්ගේ ටාගට් එක පත්තර විකුණගන්න ඕනම මළකුණක් රස කර කර කන එක. කරන තරමක් කරන්නේ කැරිම කැරි අසමඡ්ඡාති අවලං ලෙස මාධ්‍ය පාවිච්චි කරන එක. උන් මේඩියා මේඩියා කිය කියා තියන තරමක් තුප්පහි වැඩ කරන්නේ.
    ගෙදරට අමුත්තෙක් ආවම කන්න බොන්න ටිකක් දීලා සතුටෙන් ආපහු පිටත් කරන්නේ. රටට යමක් ගේන විදේශ නෞකාවක් ආවමත් එහෙම තමයි. දවසක් පරක්කු උනොත් ගෙවන්න වෙන මුදල් කන්දරාව. නාවික හමුදා නීතියට අනුව නෞකවන්ගේ ආරක්ෂාවට තියෙන සීමාව අපිට තේරෙන විදිහට නම් තරමක් ඉහළයි.
    ඉතින් මුන් දේශපාලන රක්ෂා අරගෙන ඒ දේශපාලනයේම අතකොලු වෙලා හැමනෙන්න් හදන කොට කෙලින්නමයි ඕන.....
    නාවික හමුදාව නැතිව පීනන්න දන්ෙන් නැහි ෙපාලිස් කාරෙයා් දාන්න කියලා ද නීතිෙය් තිෙයන්ෙන්.....
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇත්ත කියපුවාම එළකිරියේ ඉන්න පොන්නයෝ ටිකක් රෙප් කපනවා. රෙප් කන්නද? පඩි අඩුවෙනවද රෙප් කැපුවා කියලා.
    අපිට රනිල් සිරිසේන මහින්ද එකෙක්වත්ගෙන් වැඩක් නැහැ.
    දැන් ඔය කියන දරුවන් පිරිසට ඒ දවස්වලම මහින්ද මහත්තයා හාබර් එක හදලා කරපු මෙහෙවරට අනුව ඇයි උන්ට හාබර් එකේ ස්ථිර රස්සා ටිකත් නොදුන්නේ. එතුමාට තිබ්බ බලය හා ගෞරවය ඇයි ඒ සඳහා පාවිච්චි නොකළේ කියලා මධ්‍යස්ත මතධාරී අපට හිතෙන එක වැරදිද?
    මාධ්‍යවේදී කියන කැරිම කැරි පකයන්ට මටත් පුලුවන්නම් කැමරා ඉස්සරහමයි ගහන්නේ. මොකද උන්ගේ ටාගට් එක පත්තර විකුණගන්න ඕනම මළකුණක් රස කර කර කන එක. කරන තරමක් කරන්නේ කැරිම කැරි අසමඡ්ඡාති අවලං ලෙස මාධ්‍ය පාවිච්චි කරන එක. උන් මේඩියා මේඩියා කිය කියා තියන තරමක් තුප්පහි වැඩ කරන්නේ.
    ගෙදරට අමුත්තෙක් ආවම කන්න බොන්න ටිකක් දීලා සතුටෙන් ආපහු පිටත් කරන්නේ. රටට යමක් ගේන විදේශ නෞකාවක් ආවමත් එහෙම තමයි. දවසක් පරක්කු උනොත් ගෙවන්න වෙන මුදල් කන්දරාව. නාවික හමුදා නීතියට අනුව නෞකවන්ගේ ආරක්ෂාවට තියෙන සීමාව අපිට තේරෙන විදිහට නම් තරමක් ඉහළයි.
    ඉතින් මුන් දේශපාලන රක්ෂා අරගෙන ඒ දේශපාලනයේම අතකොලු වෙලා හැමනෙන්න් හදන කොට කෙලින්නමයි ඕන.....
    නාවික හමුදාව නැතිව පීනන්න දන්ෙන් නැහි ෙපාලිස් කාරෙයා් දාන්න කියලා ද නීතිෙය් තිෙයන්ෙන්.....

    Correct :nerd:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද..?
    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
    මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
    (උපුටා ගැනීමකි)