තමංගමෙ කියලා පුංචි ව්‍යාපාරයක් කරන...... ඒක දියුණු කරගන්න හදන උංට ගොඩක් වැදගත් ආරංචියක් තියනවා කියන්න.
උඹලා පුලුවන් තරම් ඉක්මණට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වියල්ලා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලේ, කච්චේරියේ තමා මේකපිහිටුවලා තියෙන්නේ.. ඒක හරහා ණය යෝජනා ක්‍රමයක් පටන්ගන්න යනවා.... අඩු පොළියට.... ගෙවීම් නිදහස් කාලෙකුත් එක්ක....
මගේ යාලුවෙක් ගන්න යනවා ලක්ෂ 75ක්... වූට අවුරුදු 2ක නිදහස් කාලයක් තියනවා.... ඒ කාලේ ඇතුලත බිස්නස් 1ක දියුණු කරගෙන තමා ණය ගෙවන්න තියෙන්නේ. මම එතනට ගියා ඊයේ විස්තර දැනගන්න... ලොක්කා මීටින් 1කට ගිහිං.... අද වෙලාවක් තිබ්බොත් අාපහු යනවා. බලලා විස්තරේ අප්ඩේට් කරන්නම්
ඔන්න RDB 1කෙන් ලෝන් ස්කීම් 1ක් ඇවිල්ලා. මහජන බැංකුවෙනුත් ලබන සතියේ එනවා කීවා... මිලියන 5ක් වෙනකන් දෙනවා කීවා පොලිය නම් මතක නෑ. ඉක්මනට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වෙන්න. ලෝන් 1ක දෙන්න කුඩා ව්‍යාපාර ඒකකයේ වැඩසටහන් වලට සහභාගී උනහම ලැබෙන සහතිකේ ලොකු සුදුසුකමක් වෙනවා.... අපි ගන්න ගානට වියදම් විස්තරයක් හා ව්‍යාපෘති වාර්තාවක් හදලා දෙන්න ඕනි.

