මේ දවස්වල මිනිස්සුන්ව රවට්ටන එක ගොඩක් වැඩියි.
ජොබ් අඩු අවුල එක්ක ජොබ් හොයන අය වැඩි නිසා ඒ මිනිස්සුන්ව බොරු කරලා හූරන්කන්න බලන්නේ.
එළකිරි සර්ලට මේවා එච්චර බලපාන්නෙ නැතුව ඇති, මේ වගේ ජොබ් කරන අය එළකිරි එකේ අඩු නිසා.
ඒත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. දන්න කියන කෙනෙක් හරි අහුවෙන්න යනවා නම් බේරගන්න පුළුවන්.
Job vacancies තියන Facebook group වල, පත්තර වල 100 කින් 1 ක් විතර තමා ඇත්තට job එකක් තියෙන්නෙ.
පිරමීඩ, direct marketing, man power වගේ ads තමා එක එක විදියට, හැමතැනම හැම group එකේම, ඉරිදා පත්තර වල පවා තියෙන්නේ.
මේවාගේ ads ගොඩක් වෙලාවට company එක දාන්නේ නෑ. කරන්න තියන job එක පැහැදිලිව දාන්නේ නෑ. මිනිස්සු රවට්ටන ස්වරූපයෙන් තමයි post කරන්නෙ.
මේ ඒවාට අහුවුන අයගේ අත්දැකීම්
1
2
Comments:
3
Comments:
4
https://elakiri.com/threads/කොන්ද-පණ-ඇති-පිරිමි.2072256/
ජොබ් අඩු අවුල එක්ක ජොබ් හොයන අය වැඩි නිසා ඒ මිනිස්සුන්ව බොරු කරලා හූරන්කන්න බලන්නේ.
එළකිරි සර්ලට මේවා එච්චර බලපාන්නෙ නැතුව ඇති, මේ වගේ ජොබ් කරන අය එළකිරි එකේ අඩු නිසා.
ඒත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. දන්න කියන කෙනෙක් හරි අහුවෙන්න යනවා නම් බේරගන්න පුළුවන්.
Job vacancies තියන Facebook group වල, පත්තර වල 100 කින් 1 ක් විතර තමා ඇත්තට job එකක් තියෙන්නෙ.
පිරමීඩ, direct marketing, man power වගේ ads තමා එක එක විදියට, හැමතැනම හැම group එකේම, ඉරිදා පත්තර වල පවා තියෙන්නේ.
මේවාගේ ads ගොඩක් වෙලාවට company එක දාන්නේ නෑ. කරන්න තියන job එක පැහැදිලිව දාන්නේ නෑ. මිනිස්සු රවට්ටන ස්වරූපයෙන් තමයි post කරන්නෙ.
මේ ඒවාට අහුවුන අයගේ අත්දැකීම්
1
අපි ජොබ් එකක් හොයන්න ආවම තියෙන්නෙම ඔන්ලයින් ජොබ්.අනික වැඩි හරියක් බොරු කියල ඇඩ් දාන්නේ.සමහර පොස්ට් දාලා තියෙන්නේ එකක් කතා කරද්දි තව එකක් ගියහම තව එකක්.කිසිම පැහැදීමක් නෑ.මෑන් පවර් නම් එහෙම කියන්න ඕන.අය කරගන්න මුදල් උනත් එක වැරම පෝස්ට් එකෙ දැම්මනම් මිනිස්සුන්ගෙ කෝල් එකක් ගන්න රුපියල් 5 උනත් ඉතුරුයි නේද.මේ දවස් වල ලොකූ මානසික පීඩන වල ජීවත් වෙන්නේ මිනිස්සු.ඔන්ලයින් ජොබ් ඒ වගේ .ඒවගෙ කිසිම දැනුවත් වීමක් නෑ.පැය ගණන් සූම් මීටින් වල ඉඳලා ඩේටා කපන් පැය ගාණක් උන්ගෙ බණ අහන් ඉඳලා අන්තිමට කියනව මේ ජොබ් එකට සෙට් වෙන්න අරක ගන්න ඕන මේ ගාන දාන්න ඔන.ඉතින් ඔය මගුල් ඔක්කොම එක සැරේ ඔයා දාන පෝස්ට් වල දැම්මනම් මේ අමරූ කාලේ අහිංසක මනුස්සයෙක්ගෙ එක රුපියල් 50 හරි ඉතුරු වෙයි.අනික කළමනාකරණ ජොබ් කියලා පාරේ බඩු විකුන්නන්න යන්න තියනවා.නිකන් බොරුවට විකර දාලා මිනිස්සුන්ගෙ මොල කාලා ගෙන්නගෙන මාස ගණන් ට්‍රේනින් කියලා මරවගන පාරවල් ගානේ ඇවිදිනවා පොඩි සොච්චන් පඩියකට.අය සන්නිවෙදන ආයතන ඒ කියන්නේ සිම් විකුණන්න.ඇයි ඒහේම කියලා ඇඩ් එක දාන්න බැරිද.සමහර විට හරි දේ කියල ඔය වේකන්සි දැම්මනම් මීට වඩා මිනිස්සු ඔය රස්සාවල්වලට ඇවිදින්.අනේ මන්දා මේ මිනිස්සු ඇයි මේ තරන් බොරු කරන්නේ.තවත් අසරණ මනුස්සයෙක්ගේ අසරණ කමින් ප්‍රෙයෝජන ගන්නවා.
Code:
https://www.facebook.com/groups/1065073463893567/posts/1635355690198672/
2
මේ පෝස්ට් වලට ජොබ් වලට යනවනම් සැලකිලිමත් වෙන්න
මේ මිනිස්සු අසරණ වෙලා රස්සාවක් හොයන්නේ එක එකාගේ ආතල් ගන්න නෙවේ.බොරුවට පෝස්ට් දාලා බයිලා ගහාලා.
මේ වගේ මිනිස්සුන්ගෙ රස්සා වලට යන්න කලින් ගොඩක් හොයලා බලන්න .මොකද මේ මිනිස්සු තනිකර බොරු කියන්නේ.බබලා වගේ කතාකරද්දි කතා කරනවා.ඉන්ටර්විවු තියනවා කියලා එන්න කියනවා ගියාට පස්සෙ රෙජිස්ටර් වෙන්න 500 තව මොකද්දෝ මගුලකට 4500 කියනවා.මොකුත් දන්නෙ නැතිව අසරණ මිනිස්සු ගිහින් සමහරු ඔය 5000 දෙනවා.නැත්තං ලැජ්ජාවට ඔය 500 හරි දීලා එනවා.
සමහර මිනිස්සු බස් එකේ එන්නෙත් ගොඩක් අමාරුවෙන් මේ දවස් වල .ඇයි හරියට විස්තරයක් කියලා දාන පෝස්ට් දාන්න බැරිද.ඔය ගෙවන්න ඕන ගණන් කියලා පිළිවෙළකට පෝස්ට් දැම්මනම් කැමති මනුස්සයා එනවා නැති මිනිස්සු එන්නේ නෑ.අසරණ වෙන්නේ නෑ.
මෙහෙම කියන්නෙ මමත් ගියා.කෝල් කරද්දි මම ඇහැවා මෑන් පවර් කම්පැණියක්ද කියලා .නෑ කැබ් සර්විස් කිවුවා.කුරුණෑගල සරසවි බිල්ඩින් එක ළඟ තියෙන්නේ ඔෆිස් එක කියලා.ගියාම තමා ඔය ඔක්කොම කිවුවේ.ඇයි කලින් කිවුවේ නැත්තේ කියලා අහානකොට කතාකරන්නේ කෝල් සෙන්ටර් එකකින්ලු.ඇයි ඔය කතා කරන ගෑනුන් දන්නේ නැද්ද තමන් වැඩ කරන ආයතනය ගැන.දන්නේ නැත්තං කියලා දෙන්න ආයතන ප්‍රෙදානින් දන්නේ නැද්ද.අනික කතා කරනකොට කියන්නේ රස්සාව තියනවා අරවා මේව්වා කියලා.ගියාම කියන්නේ එයා එහෙම කිවුවට අපි තමා ඔයට දෙන ජොබ් එක තීරණය කරන්නේ කියලා .ඔකයි ඇත්ත කතාව.
මම කියන්නේ මොන විදිහට ජොබ් දෙනවා කිවුවත් කමක් නෑ ඇත්ත කියලා .අසරණ වෙලා කතා කරාම අන්දන්න එපා.ඔය තමුසෙලා ලගට එන්න රුපියල් 500 බස් වියදම උනත් හොයාගන්නේ මේ දවස් වල කගෙන් හරි ණය වෙලා.අඩුම පෝන් එක හරි විකුණලා තමා බස් වියදම් හොයාගන්නේ මිනිස්සු.අනික පඩි 60000 දාලා තියෙන්නේ.ගියාම 30000 .
මම දන්නේ නෑ මට ඇති උණ හැඟීම ඔය.අන්තිම පාරටත් කියන්නේ මෑන් පවර් වල වැරැද්දක් නෑ.මිනිස්සු ගෙන්න ගන්න කලින් හරියට කියලා පැහැදිලි කරල කියන්න.අනික ඔය වැඩ කරන බොරු පොස් කෙල්ලොන්ටත් මෙවා තේරුන් කරලා දෙන්න.මෙ මම කියන ටික ඔය ආයතනයේ වගකීමක් දරන ප්‍රෙදානීන් දකිනවනම් ඔය කොමිස් මුදල් වලට ඇඩ් දාන අයට කියලා දෙන්න.මම වැරැද්දක් කිවුවනම් සමාවෙන්න.
කොල්ලො විතරක් නෙවෙ මම දැක්කා අපෙ තාත්තලා වගේ අයත් ගිහින් හිටියා.රියදුරු විතරක් නෙවේ මේ fb පෝස්ට් වල තියන ගොඩක් ජොබ් ඔය වගේ.සමහර ආයතන පිළිවෙළට විස්තර දාලා තියනවා.එ ආයතන ඇත්තටම දියුණු වෙන්න ඕන.අපි දෙයක් කරන්නේ ලාභයක් ලබන්න තමා.ඒත් එකේ පිළිවෙළක් තියනවා.ඇත්ත කීයලා හරි දේ හරි විදිහට කරන්න.
Comments:
ඔය job bank.. ඕවගෙ එහෙමයි.. සල්ලි අරන් ජොබ් දෙන්නෙ.. සල්ලි තියනවන්ම් අපි ජොබ් හොයනවැයි??
සල්ලි දැම්මම කියන ජොබ් නෑ.. මමනම් දාල ආයෙත් ඉල්ල්ගත්ත.. උන් උන්ගෙ නීති අනුව දෙන්න බැ අනම් මනම් කියනව.. බනින්න.. එතකොට උන් ආපහු දානව සල්ලි.. උන් ගාව ඔය කියන ලස්සන කතා නෑ සල්ලි දැම්මට පස්සෙ..
හරියටම හරි ජොබ් එකට call කරලා බලනකොට එන්න කියනවා එතන්ට ගියාම ගිරවු වගේ කියවගේන යනවා හරි පොෂ් වගේ යින්නේ අවසානෙට කියනවා හරි මිස් අපි සතියක් අතුලත ජොබ් එකට join වේමු කියලා අවසානේට සල්ලිත් 5000 බදින්න ඔනේ කියනවා අනේ පස්සේ calls කරාම එක එක එවා කියනවා මොනා කරන්නද අහිසක මිනිස්සුගේ සල්ලි අරන් කන හිගන්නු ජොබ් එකක් හොයාගේන යන අපට වැඩිය උන් හිගනනු
Serama boru karanne. Salligannakm vitharai. Eta passe vacancy na. Kiyana padiyath na
සම්පූර්ණම ඇත්ත .මටත් උනා ඕක.දන්න උන්ට කියපල්ලා යන්න දෙන්න එපා
මත් ගියා බන් මටටත් කිව්වෙ සල්ලි ගන්නැ කියලා එකොල්ල 4500.ඉල්ලුවා
ඔව් බන් මන් ඇහැව්වා රජයෙ එකක් කිව්වා
මටත් කිවුවෙ එහෙම තමා.කොළඹ ජොබ් තියනවා කිවුවා.කතා කරද්දි කියන්නේ ඔය පැත්තේ ඔෆිස් ට්‍රන්ස්ප්‍රෝට් තියනවා කියලා.ඔටෝ මැනුවල් ඕන වාහානයක් තියනවා කැමති එකක් තොරන් වැඩ කරන්න පුලුවන්ලු.ඔවු බං එතනට ගියානම් ඕන එකක් තොරන් වැඩ කරන්න පුලුවන් වගේ
Code:
https://www.facebook.com/groups/1065073463893567/?multi_permalinks=1635669776833930&hoisted_section_header_type=recently_seen
3
මේ කට්ටිය බොරු කියන්නෙ දවසට 700 සැලරි එක මන් කියන්නෙ බොරුනම් ඇවිත්ම බලන්න...බොරු කියල ලමයිව ගෙන්නගෙන අමාරුවෙ දානෝ..ම්ම්ම් ඇත්තම කිව්වොත් මේ කාලෙ විදිහට රු.700ක් මදි ජීවත් වෙන්න මේ ගොල්ලො බොරු කියල ගෙන්න ගන්නෝ men pawar ජොබ් එකක් ...අහුවෙන්න එපා
#meyalage office eka kiribathgoda plss mekata ahu wenda epa sallith denna epa thanikara boruwak karanne mun
Comments:
Manpower job යන්න දෙන්නේ නෑ දන්න එකෙක්ටවක් උන් හූරගෙන කනවා මිනිස්සුන්ව...
Mun okkma horu sakya kiyla ekak thiyenwa ekath mehemmaie.
Ammo man power ake 2500k gannawa kema free bodimata podi ganak gani kiyai 2500 gaththam 4n wedakaranne ne kematai bodimatai giyama padiya ithuru wenneth neha
Sakkili hathikare.minissu bus wiyadama hoyan enneth patta amaruwen okunta hena gahalath madi
Mwa boru newe me ganan gewanawa manpower horunta manpower aya thama lamaita e gnan gewnne neththe
Code:
https://www.facebook.com/groups/1065073463893567/?multi_permalinks=1636022266798681&hoisted_section_header_type=recently_seen
4
මෙන්න මේ Nations කියලා කම්පැනියකින් ඇඩ් දානවා මේකට අහු වෙන්න එපා තනි හොරු පාරක් පාරක් ගානේ බඩු විකුනන්න මිනිස්සු දාන්නෙ සුපරික්ෂක කියලා බදවගෙන ට්‍රෙනින් කියලා මිනිස්සු රවට්ටනවා ඔයාලගෙ සල්ලි කාලය මේ වගේ දෙවල් වලට යට කරන්න එපා මේවා ගැන කතා කලාම මේ ඇඩ් දාන උන් අපිට තර්ජනය කරනවාමුන් මාර කට්ටක් කන්නෙ මිනිස්සු ටිකක් රවට්ටගෙන එකතු කර ගන්න ඇඩ්මින්ලා මේ වගේ පෝස්ට් හොයලා බලලා ගෘප් එකට ඇඩ් කරන්න අහිංසක කොල්ලො කෙල්ලො රැවටෙනවා මේවට
Code:
https://www.facebook.com/groups/1065073463893567/posts/1635336463533928/
https://elakiri.com/threads/කොන්ද-පණ-ඇති-පිරිමි.2072256/
Last edited: