නැදුන්ගමුවේ රාජා හස්තියා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැදුන්ගමුවේ රාජා හස්තියා

    13631466_852944191477488_5686985672550871200_n.jpg


    පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ - ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප‍්‍රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.
    එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප‍්‍රතික්‍ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.
    පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ..
    නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි.
    මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.
    ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
    කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.
    2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
    එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.
    කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.

    - ගත්තෙ බුකියෙන් -
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ තරම් ගෞරව ලබන්න මේ සතා ගොඩක් පින් කරල ඇති...
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මම හිතන්නේ කළින් කරඬුව වඩම්මපු රාජා හස්තියාට පසුව වැඩිම වාරයක් කරඬුව වඩම්මලා තියෙන්නේ නැදුන්ගමුවේ රාජා තමයි.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම හිතන්නේ කළින් කරඬුව වඩම්මපු රාජා හස්තියාට පසුව වැඩිම වාරයක් කරඬුව වඩම්මලා තියෙන්නේ නැදුන්ගමුවේ රාජා තමයි.

    :yes::yes::yes::yes:
    රෙප්+
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ වැඩම කරවන දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරඩුව අතීතයේ සිටම වැඩම කරවන්නේ ඇතෙකු පිටින් බව ඔබ හොදින් දන්නා කරුණකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ බදු මෙම පූජනීය ධාතුන් වහන්සේ රැගත් කරඩුව වැඩම කරවීමේ භාග්‍ය මෙරට සිටින සියළුම ඇතුන්ට හිමි නොවන දුර්ලභ අවස්ථාවකි. 2005 වසරේ සිට අද දක්වා 11 වන වතාවටත් මේ උතුම් වූ පුණ්‍ය කර්මයට දායක වන්නට භාග්‍ය උදා කරගත් නැදුන්ගමුවේ රාජා නම් වූ ඇත් රජු ගැන මේ ලිපියෙන් ඔබ හට දැන ගත හැකි වනු ඇත.

    maxresdefault.jpg

    ගම්පහ නැදුන්ගමුවේ ජීවත් වන මේ ඇත් රාජයගේ සුවිශේෂී සිත් ඇද ගන්නා කරුණ රාශියක් තිබෙනවා. ආසියාවේ සිටින උසම හීලෑ ඇතා වන මෙයා උසින් අඩි 11.5ක් පමණ වෙනවා. මෙයාගේ උස වැඩි කම නිසා දළදා කරඩුව තැන්පත් කරන මංජුසාවේත් යම් යම් වෙනස් කම් කරන්න සිදු වෙලා තියෙනවා.

    be-5.jpg

    මේ ඇත් රජුගේ දළ අඩි 4ක් පමණ දිග ඉතාමත් අලංකාර දළ යුගලක්. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ ඇතා කිසිම දිනක වාහනයක ගමන් නොකිරීමයි. එයා දළදා පෙරහැරට ගම්පහ සිට එන්නේත් පා ගමනින්මයි. පෙරහැරට සහභාගී වීමට දින 5කට පෙර ගම්පහින් ගමන පටන් ගන්න මෙයා දින පහක් තිස්සේ පයින්ම ඇවිදගෙන තමයි නුවරට එන්නේ. එන අතරතුර මගදි හමුවන පන්සල් වල තමයි මෙයා රාත්‍රිය ගත කරන්නේ. දළදා පෙරහැරට විතරක් නෙමෙයි රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැර වගේ සහභාගී වන සෑම පෙරහැරකට එයා යන්නේ පයින්ම තමයි.

    sri-lanka-kandy-esala-perahera3.jpg

    දැනට වයස අවුරුදු 61ක් පමණ වන නැදුන්ගමුවේ රාජා ඉන්දියාවේ මහාරාජා කෙනෙකුගෙන් අපේ රටේ භික්ෂූන් වහන්සේ කෙනෙකුට ලැබුණු තෑග්ගක්. මයිසූර් ප්‍රාන්තයේ මහරාජා වරයෙකුගේ රෝගයක් නිට්ටාවටම සුව කළ නිසා මේ තමයි මේ ඇත් පැටවා ස්වාමීන්වහන්සේට පූජා කරල තියෙන්නේ. මේ ඇත් රජුගේ වත්මන් හිමිකරු වන්නේ නැදුන්ගමුව සුප්‍රසිද්ධ වෙද පරපුරේ දක්ෂ වෛද්‍ය වරයෙකු වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතායි.

    mainpic_L.jpg

    ඇතුන් මද කිපුනු විට කිසි විටකත් පෙරහැරකට සහභාගී කර නොගන්නේ ඔවුන් ඉතාමත් කලබල කාරී ලෙස හැසිරෙන නිසායි. එහෙත් මේ ඇතා නම් මද කිපුණත් පෙරහැරේ කිසිම කළබලයකින් තොරව ගමන් කරන්නේ දළදා වහන්සේට එයාගේ තිබෙන ගෞරවය නිසා වෙන්න ඇති. මෙවැනි ගෞරවයක් නදුන්ගමුවේ රාජා සතුව තිබීම නිසාම මෙවර දළාදා පෙරහැරේ දළාදා වහන්සේ රැගත් කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිවීම පුදුමයට කරුණක් නොවේ.
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    marama pin karapu ethek :) muna dakiddima eh pin karapu gathiya penawa :) rep8++
    meh wage saddanthyo neh ape minissu pataw horakam karannai, dala wenuwen maranne :(
    '
     
    • Like
    Reactions: jayanathek

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇතුන් මද කිපුනු විට කිසි විටකත් පෙරහැරකට සහභාගී කර නොගන්නේ ඔවුන් ඉතාමත් කලබල කාරී ලෙස හැසිරෙන නිසායි. එහෙත් මේ ඇතා නම් මද කිපුණත් පෙරහැරේ කිසිම කළබලයකින් තොරව ගමන් කරන්නේ දළදා වහන්සේට එයාගේ තිබෙන ගෞරවය නිසා වෙන්න ඇති. මෙවැනි ගෞරවයක් නදුන්ගමුවේ රාජා සතුව තිබීම නිසාම මෙවර දළාදා පෙරහැරේ දළාදා වහන්සේ රැගත් කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිවීම පුදුමයට කරුණක් නොවේ.
    :cool::cool:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇතුන් මද කිපුනු විට කිසි විටකත් පෙරහැරකට සහභාගී කර නොගන්නේ ඔවුන් ඉතාමත් කලබල කාරී ලෙස හැසිරෙන නිසායි. එහෙත් මේ ඇතා නම් මද කිපුණත් පෙරහැරේ කිසිම කළබලයකින් තොරව ගමන් කරන්නේ දළදා වහන්සේට එයාගේ තිබෙන ගෞරවය නිසා වෙන්න ඇති. මෙවැනි ගෞරවයක් නදුන්ගමුවේ රාජා සතුව තිබීම නිසාම මෙවර දළාදා පෙරහැරේ දළාදා වහන්සේ රැගත් කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිවීම පුදුමයට කරුණක් නොවේ.
    :cool::cool:

    :yes::yes::yes:
    REp+