නැන්දම්මා ලේලි

gihann6

Well-known member
  • May 14, 2020
    609
    1,095
    93
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා
    Privacy එක රැකෙන්නත් එක්ක මෙහෙම කෙටියෙන් දාන්නම්
    බැඳලා ඉතින් අව්රුද්දක් වගේ වෙනවා .
    වලිත් යනවා. ආයි යාලු වෙනවා. ආයි වලි යනවා . ඕක තමා ජීවිතේ
    ඒත් ඉතින් ඒක අව්ලක් නැහැ
    හැබැයි මේ වලියට ප්‍රදාන හේතුවක් තියෙනවා
    මට මෙන්න මේ root cause එකට තමා උපදෙසක් ඕනේ

    මම ගැන කිව්වොත් ඉතින් හොද රස්සාවක් කරනවා. ලංකාවේ ඉන්න බැරි හින්දා බන් වෙන රටකට ගියා රස්සාවකට. ගැනිවත් අරගෙනම ගියා
    wife වුනත් මචන් ලංකාවේ හොද ජොබ් එකක් කළා. එයාට මෙහෙ ඉතින් රස්සාවක් කරන්න බැහැ. එයාගේ field එකේ විදියට මෙහෙදී එයාට අපහු ඉගෙන ගන්න ඕනේ
    දැනට wife ජොබ් එකක් කරන්නේ නැහැ . එක මට අව්ලකුත් නැහැ . මට ගැනිගෙන් කන්න ඕනෙත් නැහැ. හැබැයි එයාට ඕනේ කරන දේවල් ඉතින් මම අරන් දෙනවා කිසිම ලෝබ කමක් නෑ
    එයත් එක දන්නවා . මට එක හින්දා දෙවියෙක්ට වගේ සලකන්නේ ( රණ්ඩු නොවුන වෙලවට :D)

    ඔන්න දැන් තමා ප්‍රශ්නේ
    මම ඉතින් බොහොම සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්. ඇත්තටම දැන් අපේ ගෙදෙරට වියදම් කරන්නෙත් මම. ගොඩ කලෙක ඉදන් කලෙත් මම තමා. අපේ තාත්තා එහෙම වගකීමක් ගන්නේ නැහැ බන් . pension එකක් එනවා
    එක දීලා එයා shape එකේ ඉන්නවා. ගෙදෙර ඉන්න කලේ ගෙදෙරට ඉතින් හල ටිකේ ඉදන් ගේන්නේ මම. wife එක්ක ගිහින්මයි ගේන්නේ. අම්මගේ අතටත් සල්ලි දෙනවා. මෙහෙට ආවට පස්සේ ඉතින් සල්ලි අම්මට මාසෙකට සැරයක් දානවා . ඕව wife දන්නවා . මට එහෙම හොරෙන් කරන්න ඕනෙත් නැහැ . Wife ඉස්සර ජොබ් එකක් කරද්දී එයාගේ අම්මට (මගේ නැන්දම්මට ) මාසෙකට පොඩි ගානක් දුන්න. දැන් එයා ජොබක් කරන්නේ නැති හින්ද මමම නැන්දම්මට සල්ලි දානවා . මම මේක දාන්නේ ඉතින් wife ට තේරෙන්නේ මම එයාගේ අම්මටත් සලකනවා කියන්න . දැන් මගේ පම්පෝරිය ඇති

    අපේ අම්මත් බන් ඉතින් මම සල්ලි දාන හින්දම ඒක ගොඩක් expect කරනවා . Call කරද්දී වුනත් හුගක් වෙලාවට කියනවා ඔයා සල්ලි දාන හින්දා .... ඔය වගේ දේවල් . අම්මට බය ඇති මම සල්ලි නොදා ඉදි කියලා . මම නම් එහෙම කරන්නේ නැහැ . හැබැයි මම උද ඒගොල්ලෝ depend වෙනවා කියන එක wife ට ගොඩක් තේරෙනවා. අම්මට call එකක් ගත්තොත් ඉතින් මොකහරි රණ්ඩුවක් . අදත් ඉතින් එහෙමයි
    අනික අපේ අම්මා හැම දේම අපි වියදම් කරන විදියත් අහනවා . ඒවා ඉතින් හරි වැරදි දේවල්. ගොඩක් වෙලාවට wife ට වියදම් කරන ඒවත් අහනවා . එයාල නිකන් wife ට වියදම් කරද්දී අමාරුයි වගේ . මට ඉතින් ඒවා තේරෙනවා
    ඊයේ call එකක් ගද්දීත් wife ලංකාවට එන කතාවක් ඇදිලා අම්ම නිකන් tickets වල ගණන් ඉදන් හොයන scene එකක් තිබ්බේ . මට කියනවා wife ව එවන්න එපා මෙහෙ . ඔය return එක වෙන කෙනෙක්ට හරවන්න බැරිද අරකයි මේකයි කියලා . Wife ට ඉතින් ඔක්කොම ඇහුනා . ඊයේ ඉතින් වලි බන් . බොහොම අමාරුවෙන් shape කරගත්තා

    මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක් . මුකුත් කාගෙවත් මුනට කියන්නේ නැහැ . මගේ යුතුකම්නම් හැමෝටම කරනවා . Wife කියන්නේ මගේ අහිංසක කමින් අම්මලා ප්‍රයෝජන ගන්නවලු
    එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
    මම අම්මට කොහමත් කතා කරන්න ඉන්නේ . එත් ඉතින් wife කියන විදියට අම්මට බනින්න බැහැ බන්

    මම අද මේ තත්වේ ඉන්නේ අම්මගේ මහන්සිය නිසා . හැබැයි එහෙමයි කියලා හැමදේටම වියදම් වල ඉදන් අහද්දී ගැනීට මල පනින එක සාදාරනයි

    මේ වගේ situation බැඳපු උබලා handle කරන්නේ කොහමද ?

    ඊයේ බන් මේ thread එක දාන්න හිටියේ . අදයි දාගන්න පුළුවන් වුනේ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,118
    5,326
    113
    වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    853
    790
    113
    ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට නේ බන්. නෝනට ත් ඉතින් ඉන්නෙ උබ විතරනේ. ප්‍රශ්න ආපු වෙලාවට කතා බහ කරල විසදා ගන්න වෙනවා.
    දෙමවුපියො වැඩි කාලයක් තව ඉන්නෙ නැ බන්. ඉන්න කාලෙ සතුටින් ඉදපන්.

    (වයිෆ් ලෝයර් කෙනෙක් නේද? :P )
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    13,544
    1
    24,566
    113
    එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
    කොච්චර අමාරු වුණත් ඕක කරන්න වෙනවා බන්.. මං බැඳලා නම් නැහැ.. හැබැයි කතා කරලා විසදගන්න ඕන ප්‍රශ්නයක් කියල තේරෙනවා.. Emotional වෙන්නේ නැතුව අම්මට ශේප් එකේ කියන්න අඩුම ගානේ wife ඉන්න තැන වත් ඔය විදිහට කතා නොකර ඉන්න කියල.. Wifege පැත්ත අරන් අම්මට බනින්න යන්නත් එපා ඒකත් හරි නෑ නේ.. නැත්නම් ශේප් එකේ wife ට අම්මා එක්ක කතා කරන්න සෙට් කරන්න උබ පැත්තක ඉඳලා.. එතකොට සමහර විට wife ම කියයි උඹට කියන්න ඕන දේ.. ඒ දෙන්නගේ ප්‍රශ්නෙට උඹ තෝල්කයා වගේ ඕනෑවට වඩා දෙන්න යනවා කියන්නේ අන්තිමට උඹ තමයි දෙපැත්තෙන්ම හිරවෙන්නේ..
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    609
    1,095
    93
    උබලාගේ අම්මා ගැන නේද ඔය කියලා තියන්නේ.. නැන්දම්මා ගැන නෙවෙයි නෙ.
    ow yaku
    wife eyage ammata banida math ekka :lol:

    කොච්චර අමාරු වුණත් ඕක කරන්න වෙනවා බන්.. මං බැඳලා නම් නැහැ.. හැබැයි කතා කරලා විසදගන්න ඕන ප්‍රශ්නයක් කියල තේරෙනවා.. Emotional වෙන්නේ නැතුව අම්මට ශේප් එකේ කියන්න අඩුම ගානේ wife ඉන්න තැන වත් ඔය විදිහට කතා නොකර ඉන්න කියල.. Wifege පැත්ත අරන් අම්මට බනින්න යන්නත් එපා ඒකත් හරි නෑ නේ.. නැත්නම් ශේප් එකේ wife ට අම්මා එක්ක කතා කරන්න සෙට් කරන්න උබ පැත්තක ඉඳලා.. එතකොට සමහර විට wife ම කියයි උඹට කියන්න ඕන දේ.. ඒ දෙන්නගේ ප්‍රශ්නෙට උඹ තෝල්කයා වගේ ඕනෑවට වඩා දෙන්න යනවා කියන්නේ අන්තිමට උඹ තමයි දෙපැත්තෙන්ම හිරවෙන්නේ.
    Nandamma leli direct katha karaddi ehema prashnayak na bun
    pananata pana deegena inne
    bandapanko ubath
    ------ Post added on Aug 15, 2022 at 7:29 AM
     
    • Sad
    Reactions: siri_ayya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    11,389
    6
    23,204
    113
    Wherever you reside, first get your wife to do whatever needed to establish her career back without wasting time. At least make an effort to do so. Never let her stagnate at home.

    Parents shouldn't interfere with their children once they are married. Asian parents have this habit mostly. Many parents do not realise this unless being told. Of course sometimes they could be of help specially when the kids are small.
    Just explain the situation to your mother. No need to use any harsh words. Be nice and kindly explain.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    609
    1,095
    93
    ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට නේ බන්. නෝනට ත් ඉතින් ඉන්නෙ උබ විතරනේ. ප්‍රශ්න ආපු වෙලාවට කතා බහ කරල විසදා ගන්න වෙනවා.
    දෙමවුපියො වැඩි කාලයක් තව ඉන්නෙ නැ බන්. ඉන්න කාලෙ සතුටින් ඉදපන්.

    (වයිෆ් ලෝයර් කෙනෙක් නේද? :P )
    wife dan job ekak karanne na
     
    • Like
    Reactions: koj500

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    1,710
    1,273
    113
    Wherever you reside, first get your wife to do whatever needed to establish her career back without wasting time. At least make an effort to do so. Never let her stagnate at home.

    Parents shouldn't interfere with their children once they are married. Asian parents have this habit mostly. Many parents do not realise this unless being told. Of course sometimes they could be of help specially when the kids are small.
    Just explain the situation to your mother. No need to use any harsh words. Be nice and kindly explain.
    100%
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    908
    972
    93
    Somewhere in APAC
    අපෝ එපා වෙනවා බන්. මට නම් එක දවසක් මල පැනල අම්මට කිව්වා මට වයිෆ් ගැන කියන්න එපා මම ඒවා බලාගන්නම් කියල, වයිෆ්ට කිව්වා මගේ අම්මා තාත්තා ගැන කියවන්න එපා ඒ අය ගැන මම බලාගන්නම් කියල. දැන් වයිෆ් එයාලගේ අම්මා තාත්තගේ විස්තර මට කියන්න එන්නෙත් නෑ, කියන්න එද්දිම හ්ම්, කියල මග ඇරියා....

    වෙලාවකට ගෙදරට කෝල් එහෙම ගනිද්දී අහගෙන ඉඳල වලි අල්ලන්න එනවා, එතකොට අර උඩින් කියපු එක මතක් කරලා දෙනවා... අම්මත් එහෙමයි, වයිෆ් ගැන මොනවහරි කියාගෙන එනකොටම ආයෙමත් මතක් කරලා දෙනවා... :yes::yes::yes:

    වයිෆ් ට මොකක් හරි ජොබ් එකක් හොයල දියං, ගෙදර ඉන්න ඉන්න ලෝකේ නැති දේවල් හිතනවා.. ඔන්න බොරුද බලපන්...

    බඳින්න ඉන්න අයට කියන්නේ, පුළුවන් නම් තමන්ගේ ආදායම කවදාවත් කාටවත් කියන්න එපා. මගේ ආදායම අපේ අම්ම තාත්තවත් දන්නේ නැහැ. සල්ලි තිබුනත් සමහර වෙලාවට නෑ වගේ ඉන්නවා. ලෝභ කමට නෙවෙයි, නැත්තන් මම මහන්සියෙන් හම්බුකරන ඒවාට අගයක් නෑ.
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    271
    75
    28
    Easy ne macham. ubala inna wena rataka ne. amma akke gedarin eliya taniyama innew welawata katha karapan. Ammata salakana vidiya oya wagema karagena ynna but wife ta penna epa wadiya karanawa kiyala. Anika uba ammata oya viyadam gana kiyana aka nawattha ona. Wifeta pennna eya kiyana vidiyata tama wad yanna kiyala. tawa deyake me tika wife upset mood nisa trip akke wage akkagena yanna.

    Key point - uba oya depattha vistara kiyana aka nawatthana
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    6,069
    9,355
    113
    122
    Hogwarts
    මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක්

    Uba wagema ahinsaka husband kenek inna,, ubage wagema amma unge pawle hama magulatama agili gahana married couple ekaka wife kenekwa man me dawas wala man date karanawa..(uba USA nemei neh inne? :baffled:)

    eki kiyana widiyata oya dewal ekit muladi iwasan idala. Passe eki atarala dala minihawa.. uta ona pakak karaganna kiala meki paduwe inno den ekige life eka enjoy karan. Eki den minihata ukannawat dennahlu paw itin….
    ponnayek wage kata wahan inna epa, tyena deyak kelimma kiypn tawa duratat family life eka onenm
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,978
    1,862
    113
    34
    @ katubedda
    අම්මට කියන ද‌ේවල් ටික ටික අඩු කරපන් මචන්. උබ හැමද‌ේම ඉන්ඩිට‌ෙල් කියනව ඇති.
    ඇත්ත අම්මලා නිසා තමයි උබ ඔතන ඉන්නේ. වයිෆ් කැමති උනත් අකමැති උනත් උබ අම්මලා ජිවත්ව ඉන්නකන් ඒයාලව බලාගන්න ඔනි.
    මචන් අම්ම නම් ලිමිට් නැතිව උබේ ලයිෆ් ඒකට ඉන්ව‌ෝල් ව‌ෙන්න හදනවා වග‌ෙ මටනම් හිත‌ෙන්න‌ේ. උබට පුළුවන් නම් ව‌ෙන විස්වාසවන්ත ඥාති ක‌ෙන‌ෙක් හරහා (පුන්චි ක‌ෙන‌ෙක් වග‌ේ) අම්මට දැනේන්න ඇරපන් උබට පර්සනල් ලයිෆ් ඒකක් තිය‌ෙනව කිය‌ෙන ඒක. මට උනත් ඔයවග‌ේ ද‌ෙයක් අම්මට ඩිරෙක්ට් කියන්න බැරි නිසයි ව‌ෙන ක‌ෙන‌ෙක් හරහා ඒහ‌ෙම කියන්න කිවුව‌ෙ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    3,681
    5,664
    113
    උබ ගොඩක් දෙමවුපියෝ එක්ක හිතවත්කම වැඩියි වගේ නේද,අම්මට අවශ්‍ය දේ විතරක් කියපන් ..ප්රෝපොසල් එකකින් නේද බැන්දේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,868
    113
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා
    Privacy එක රැකෙන්නත් එක්ක මෙහෙම කෙටියෙන් දාන්නම්
    බැඳලා ඉතින් අව්රුද්දක් වගේ වෙනවා .
    වලිත් යනවා. ආයි යාලු වෙනවා. ආයි වලි යනවා . ඕක තමා ජීවිතේ
    ඒත් ඉතින් ඒක අව්ලක් නැහැ
    හැබැයි මේ වලියට ප්‍රදාන හේතුවක් තියෙනවා
    මට මෙන්න මේ root cause එකට තමා උපදෙසක් ඕනේ

    මම ගැන කිව්වොත් ඉතින් හොද රස්සාවක් කරනවා. ලංකාවේ ඉන්න බැරි හින්දා බන් වෙන රටකට ගියා රස්සාවකට. ගැනිවත් අරගෙනම ගියා
    wife වුනත් මචන් ලංකාවේ හොද ජොබ් එකක් කළා. එයාට මෙහෙ ඉතින් රස්සාවක් කරන්න බැහැ. එයාගේ field එකේ විදියට මෙහෙදී එයාට අපහු ඉගෙන ගන්න ඕනේ
    දැනට wife ජොබ් එකක් කරන්නේ නැහැ . එක මට අව්ලකුත් නැහැ . මට ගැනිගෙන් කන්න ඕනෙත් නැහැ. හැබැයි එයාට ඕනේ කරන දේවල් ඉතින් මම අරන් දෙනවා කිසිම ලෝබ කමක් නෑ
    එයත් එක දන්නවා . මට එක හින්දා දෙවියෙක්ට වගේ සලකන්නේ ( රණ්ඩු නොවුන වෙලවට :D)

    ඔන්න දැන් තමා ප්‍රශ්නේ
    මම ඉතින් බොහොම සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්. ඇත්තටම දැන් අපේ ගෙදෙරට වියදම් කරන්නෙත් මම. ගොඩ කලෙක ඉදන් කලෙත් මම තමා. අපේ තාත්තා එහෙම වගකීමක් ගන්නේ නැහැ බන් . pension එකක් එනවා
    එක දීලා එයා shape එකේ ඉන්නවා. ගෙදෙර ඉන්න කලේ ගෙදෙරට ඉතින් හල ටිකේ ඉදන් ගේන්නේ මම. wife එක්ක ගිහින්මයි ගේන්නේ. අම්මගේ අතටත් සල්ලි දෙනවා. මෙහෙට ආවට පස්සේ ඉතින් සල්ලි අම්මට මාසෙකට සැරයක් දානවා . ඕව wife දන්නවා . මට එහෙම හොරෙන් කරන්න ඕනෙත් නැහැ . Wife ඉස්සර ජොබ් එකක් කරද්දී එයාගේ අම්මට (මගේ නැන්දම්මට ) මාසෙකට පොඩි ගානක් දුන්න. දැන් එයා ජොබක් කරන්නේ නැති හින්ද මමම නැන්දම්මට සල්ලි දානවා . මම මේක දාන්නේ ඉතින් wife ට තේරෙන්නේ මම එයාගේ අම්මටත් සලකනවා කියන්න . දැන් මගේ පම්පෝරිය ඇති

    අපේ අම්මත් බන් ඉතින් මම සල්ලි දාන හින්දම ඒක ගොඩක් expect කරනවා . Call කරද්දී වුනත් හුගක් වෙලාවට කියනවා ඔයා සල්ලි දාන හින්දා .... ඔය වගේ දේවල් . අම්මට බය ඇති මම සල්ලි නොදා ඉදි කියලා . මම නම් එහෙම කරන්නේ නැහැ . හැබැයි මම උද ඒගොල්ලෝ depend වෙනවා කියන එක wife ට ගොඩක් තේරෙනවා. අම්මට call එකක් ගත්තොත් ඉතින් මොකහරි රණ්ඩුවක් . අදත් ඉතින් එහෙමයි
    අනික අපේ අම්මා හැම දේම අපි වියදම් කරන විදියත් අහනවා . ඒවා ඉතින් හරි වැරදි දේවල්. ගොඩක් වෙලාවට wife ට වියදම් කරන ඒවත් අහනවා . එයාල නිකන් wife ට වියදම් කරද්දී අමාරුයි වගේ . මට ඉතින් ඒවා තේරෙනවා
    ඊයේ call එකක් ගද්දීත් wife ලංකාවට එන කතාවක් ඇදිලා අම්ම නිකන් tickets වල ගණන් ඉදන් හොයන scene එකක් තිබ්බේ . මට කියනවා wife ව එවන්න එපා මෙහෙ . ඔය return එක වෙන කෙනෙක්ට හරවන්න බැරිද අරකයි මේකයි කියලා . Wife ට ඉතින් ඔක්කොම ඇහුනා . ඊයේ ඉතින් වලි බන් . බොහොම අමාරුවෙන් shape කරගත්තා

    මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක් . මුකුත් කාගෙවත් මුනට කියන්නේ නැහැ . මගේ යුතුකම්නම් හැමෝටම කරනවා . Wife කියන්නේ මගේ අහිංසක කමින් අම්මලා ප්‍රයෝජන ගන්නවලු
    එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
    මම අම්මට කොහමත් කතා කරන්න ඉන්නේ . එත් ඉතින් wife කියන විදියට අම්මට බනින්න බැහැ බන්

    මම අද මේ තත්වේ ඉන්නේ අම්මගේ මහන්සිය නිසා . හැබැයි එහෙමයි කියලා හැමදේටම වියදම් වල ඉදන් අහද්දී ගැනීට මල පනින එක සාදාරනයි

    මේ වගේ situation බැඳපු උබලා handle කරන්නේ කොහමද ?

    ඊයේ බන් මේ thread එක දාන්න හිටියේ . අදයි දාගන්න පුළුවන් වුනේ
    උබ අම්මලට වියදන් කරන එකට ගෑනිගෙන් approval බලාපොරොත්තු වෙන බවක් ඇගවෙන්න දෙන්න එපා. උබේ සල්ලි උබට ඕනේ දේ කරපන්.
    අම්මලට අදාල නැති රෙද්දවල් වලට ඇගිලි ගහන්න windows හදන්න එපා. ඔය ගනන් අහන්න එන වෙලාවට මග ඇරලා ඉදියා නම් ඉවරයි