නැන්දම්මා ලේලි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    එක උබේ මව සුපිරිම ගොසිප් සීන් එකක්
    දෙක අම්මාගේ මමාස් බෝයි උබ් හුජ්ජ දාපු එකේ ඉදන් කියනව නේ
    තුන උබේ ගෑනිත් එක්තරා අකාරටක පියරු බබී කෙනෙක්
    ගෑනිටත් අම්මගේ එව්වා මොකටද ඔක්කටම උබ සල්ලි දෙනවනේ .
    ගෑනිව රස්සාවකට දාන්න එයාට ෆයිනැසල් ඉන්ඩිපෙන්ඩන්ස් එකක් නෑ උබේන් කාල ඇදලා ඉන්න බෑනේ
     
    • Like
    Reactions: SLhuman

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,009
    113
    හප්පා යකෝ මම හිතුවෙ මේ ආශික් ලන්තෙන් ගියාම වත් කපල් එක්කට නෑදෑ හැතිකරෙන් සහ ඔය නැන්දම්මා ලේලි ප්‍රශ්න වලින් බේරිලා සැපේ ජීවත් වෙන්න පුලුවන් කියලා 🥲 බුවාලන්තෙ ඉපදුනා කියන්නෙ කරුමෙන් ගැලවීමක් නෑ වගේ
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මගෙත් හොඳම යාලුවෙක් ඉන්නව ඉස්සර මරිසි ඩයල් එක. ඉස්කෝලෙ වලි දෙය්ය උනාට අම්මට ඔක්කොම කියනව ගෙදර ආවහම. ඇන්ටි අපි ට්‍රයි කරන කෙල්ලොන්ගෙ නම් පවා දන්නව. ඕක නිසා අපි පොරට විස්තර කිව්වෙ උගේ අම්ම දැනගන්න ඕන ඒව විතරයි.

    උබත් ඒ යකා වගේ වෙන්න එපා 😂. අම්මට ඔක්කොම කිව්වහම ප්‍රශ්න නොවී තියේද භල්ලෝ 😄. Information ෆිල්ටර් කරල දීපන්. උඹ පණපිටින් ඉන්න එකම ඇති ඔච්චර කියවනව කියල නෝන දන්න එකේ. අනික උඹේ සල්ලි වියදම උඹයි නොනයි decide කරහන්. අම්ම accountant කෙනෙක් නෙවේනෙ.
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
    Solution :yes:
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Gon muusala lankawe kaalakanni prashna..... Owwa thamai prashna... Mata oya prashnaya nam na ( ape ammai gaani hena fit) . Api inne wenama eth hama daama katha karanawa...

    Habai gon prashna thiyeawa ... api ammala ta amatharawa yaluwo ekka hangout wenakota eka eyalata aul..mokada eyalata wenama circle ekak thiyanaw....ape un Too family... Eka ekaata eka eka prashna... mokada ape unta sira prashna na ne ban...owwa thamai prashna...

    Ammata hama dema kiyanna epa... Root cause ena ena thana dannawa nam eka ignore karanna . skip karanna boru karapan..mona karanna da ...lankawa ne....
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,114
    738
    113
    mata lojiwata oya probelm eka tibba type karanna be,eth bohoma amaaruwen mama eka wisada gatta.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා
    Privacy එක රැකෙන්නත් එක්ක මෙහෙම කෙටියෙන් දාන්නම්
    බැඳලා ඉතින් අව්රුද්දක් වගේ වෙනවා .
    වලිත් යනවා. ආයි යාලු වෙනවා. ආයි වලි යනවා . ඕක තමා ජීවිතේ
    ඒත් ඉතින් ඒක අව්ලක් නැහැ
    හැබැයි මේ වලියට ප්‍රදාන හේතුවක් තියෙනවා
    මට මෙන්න මේ root cause එකට තමා උපදෙසක් ඕනේ

    මම ගැන කිව්වොත් ඉතින් හොද රස්සාවක් කරනවා. ලංකාවේ ඉන්න බැරි හින්දා බන් වෙන රටකට ගියා රස්සාවකට. ගැනිවත් අරගෙනම ගියා
    wife වුනත් මචන් ලංකාවේ හොද ජොබ් එකක් කළා. එයාට මෙහෙ ඉතින් රස්සාවක් කරන්න බැහැ. එයාගේ field එකේ විදියට මෙහෙදී එයාට අපහු ඉගෙන ගන්න ඕනේ
    දැනට wife ජොබ් එකක් කරන්නේ නැහැ . එක මට අව්ලකුත් නැහැ . මට ගැනිගෙන් කන්න ඕනෙත් නැහැ. හැබැයි එයාට ඕනේ කරන දේවල් ඉතින් මම අරන් දෙනවා කිසිම ලෝබ කමක් නෑ
    එයත් එක දන්නවා . මට එක හින්දා දෙවියෙක්ට වගේ සලකන්නේ ( රණ්ඩු නොවුන වෙලවට :D)

    ඔන්න දැන් තමා ප්‍රශ්නේ
    මම ඉතින් බොහොම සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්. ඇත්තටම දැන් අපේ ගෙදෙරට වියදම් කරන්නෙත් මම. ගොඩ කලෙක ඉදන් කලෙත් මම තමා. අපේ තාත්තා එහෙම වගකීමක් ගන්නේ නැහැ බන් . pension එකක් එනවා
    එක දීලා එයා shape එකේ ඉන්නවා. ගෙදෙර ඉන්න කලේ ගෙදෙරට ඉතින් හල ටිකේ ඉදන් ගේන්නේ මම. wife එක්ක ගිහින්මයි ගේන්නේ. අම්මගේ අතටත් සල්ලි දෙනවා. මෙහෙට ආවට පස්සේ ඉතින් සල්ලි අම්මට මාසෙකට සැරයක් දානවා . ඕව wife දන්නවා . මට එහෙම හොරෙන් කරන්න ඕනෙත් නැහැ . Wife ඉස්සර ජොබ් එකක් කරද්දී එයාගේ අම්මට (මගේ නැන්දම්මට ) මාසෙකට පොඩි ගානක් දුන්න. දැන් එයා ජොබක් කරන්නේ නැති හින්ද මමම නැන්දම්මට සල්ලි දානවා . මම මේක දාන්නේ ඉතින් wife ට තේරෙන්නේ මම එයාගේ අම්මටත් සලකනවා කියන්න . දැන් මගේ පම්පෝරිය ඇති

    අපේ අම්මත් බන් ඉතින් මම සල්ලි දාන හින්දම ඒක ගොඩක් expect කරනවා . Call කරද්දී වුනත් හුගක් වෙලාවට කියනවා ඔයා සල්ලි දාන හින්දා .... ඔය වගේ දේවල් . අම්මට බය ඇති මම සල්ලි නොදා ඉදි කියලා . මම නම් එහෙම කරන්නේ නැහැ . හැබැයි මම උද ඒගොල්ලෝ depend වෙනවා කියන එක wife ට ගොඩක් තේරෙනවා. අම්මට call එකක් ගත්තොත් ඉතින් මොකහරි රණ්ඩුවක් . අදත් ඉතින් එහෙමයි
    අනික අපේ අම්මා හැම දේම අපි වියදම් කරන විදියත් අහනවා . ඒවා ඉතින් හරි වැරදි දේවල්. ගොඩක් වෙලාවට wife ට වියදම් කරන ඒවත් අහනවා . එයාල නිකන් wife ට වියදම් කරද්දී අමාරුයි වගේ . මට ඉතින් ඒවා තේරෙනවා
    ඊයේ call එකක් ගද්දීත් wife ලංකාවට එන කතාවක් ඇදිලා අම්ම නිකන් tickets වල ගණන් ඉදන් හොයන scene එකක් තිබ්බේ . මට කියනවා wife ව එවන්න එපා මෙහෙ . ඔය return එක වෙන කෙනෙක්ට හරවන්න බැරිද අරකයි මේකයි කියලා . Wife ට ඉතින් ඔක්කොම ඇහුනා . ඊයේ ඉතින් වලි බන් . බොහොම අමාරුවෙන් shape කරගත්තා

    මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක් . මුකුත් කාගෙවත් මුනට කියන්නේ නැහැ . මගේ යුතුකම්නම් හැමෝටම කරනවා . Wife කියන්නේ මගේ අහිංසක කමින් අම්මලා ප්‍රයෝජන ගන්නවලු
    එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
    මම අම්මට කොහමත් කතා කරන්න ඉන්නේ . එත් ඉතින් wife කියන විදියට අම්මට බනින්න බැහැ බන්

    මම අද මේ තත්වේ ඉන්නේ අම්මගේ මහන්සිය නිසා . හැබැයි එහෙමයි කියලා හැමදේටම වියදම් වල ඉදන් අහද්දී ගැනීට මල පනින එක සාදාරනයි

    මේ වගේ situation බැඳපු උබලා handle කරන්නේ කොහමද ?

    ඊයේ බන් මේ thread එක දාන්න හිටියේ . අදයි දාගන්න පුළුවන් වුනේ
    දෙමාපියන්ට සැලකීම කොහොමත් කරන්න ඕන
    හැබැයි බැන්දට පස්සේ පොඩ්ඩක් ඒ ගැන හිත විදිහ වෙනස් වෙන්න ඕන
    කොහොමත් ගැණු ජාතිය කොහොම එනවද කියල හිතන්න හෝ හිතාගන්න අමාරුයි
    ඔයාගේ වැරද්දක් තියෙනවා.
    ඔයාගේ අම්මට සල්ලි දැම්මට පස්සේ ඔයාගේ වෙනත් දේවල් අහන්න පුරුදු වෙන්න එපා කියල ඔයා කියන්න ඕන.
    ඔයාගේ අම්මට ඒක ඔෆිස් එකේදී කෝල් එකක් අරන් තේරුම් කරලා දෙන්න

    හොඳම දේ තමයි පවුල් ප්‍රශ්න එන්නේ නැති වෙන්න, වයිෆ්ගේ පැත්තේ අම්මට කිට්ටු වෙන එක
    ගෙදරදී ඔයාගේ අම්මට කෝල් ගන්න එක සිමා කරන්න

    වයිෆ්ගේ අම්ම එක්ක ෆිට් එකේ වයිෆ් එක්ක කතාකරන්න පුරුදු වෙන්න
    අඩුපාඩු අහන්න අන්න ඒ වගේ දේවල්

    කොහොමත් බැන්දට පස්සේ පිරිමියා වයිෆ්ගේ පැත්තට බර නොවුනොත් මල්ලි බස් එකෙන් වැටෙන්න යන චාන්ස් එක වැඩි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,992
    1
    15,777
    113
    පුතා..
    ඔයා, ප්‍රශ්නෙත් දන්නවා...
    ප්‍රශ්නෙට හේතුවත් දන්නවා....
    ප්‍රශ්නෙට උත්තරයත් දන්නවා....

    තියෙන්නෙ උත්තරය ලියාගන්න බැරි එක නෙහ් බන්....

    හරි වෙලාවෙදි උත්තර ලියන්න ඕනෙ ප්‍රශ්න වලට,
    නැතිනම් ෆේල් වෙනවා බන්...

    (ලංකාවෙ ගොඩක් උන් ෆේල් වෙන්නෙ, කරුණු නොදැන නෙවෙයි, උත්තරෙ දෙන්න වෙලා අරගෙන වෙලාව ඉවර වෙලා)
     
    • Like
    Reactions: MihiCherub

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    නැත්නම් ශේප් එකේ wife ට අම්මා එක්ක කතා කරන්න සෙට් කරන්න උබ පැත්තක ඉඳලා.. එතකොට සමහර විට wife ම කියයි උඹට කියන්න ඕන දේ.. ඒ දෙන්නගේ ප්‍රශ්නෙට උඹ තෝල්කයා වගේ ඕනෑවට වඩා දෙන්න යනවා කියන්නේ අන්තිමට උඹ තමයි දෙපැත්තෙන්ම හිරවෙන්නේ..
    පිස්සුද මිනිහො නැන්දම්මවයි ලේලිටයි ප්‍රශ්න විසඳගන්න දෙන්න. අම්මෝ වහෙන් ඔරෝ යන වලින් කෙලින්ම මූනටම බනින්න පටන් ගනී.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිස්සුද මිනිහො නැන්දම්මවයි ලේලිටයි ප්‍රශ්න විසඳගන්න දෙන්න. අම්මෝ වහෙන් ඔරෝ යන වලින් කෙලින්ම මූනටම බනින්න පටන් ගනී.
    ඇයි ගෑනුන්ට ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුරුදු කරන්න ඕනෙ නැද්ද බම්🙂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් නිකන් ඉන්න අය අනිත් දේවල් වලට ඇඟිලි ගහනව වැඩී, ඒක නිසා ප්‍රශ්ණ වැඩී. මෙතන ප්‍රශ්නෙත් ඒක කියල මට හිතෙන්නෙ. වැඩ කරන අයට ඔය දෙකයි පනහේ දේවල් එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් නෑ.

    අම්මට හරි, වයිෆ්ට හරි, දෙන්නටම හරි කරන්න වැඩක් සෙට් කරල දීපන්. ප්‍රශ්නෙ විසදෙනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
    මේ කතාව සියයට සියයක් ඇත්ත.. හැමදේම හැම වෙලේම හැමෝටම ප්‍රසිද්ධියේ කරන අයට ඔහොම වෙනවා. චේතනාව හොදයි නම් ඒච්චරයි...මම කතාවක් කියන්නම්..ඉස්සර මම වැඩ කරන තැන ඩයල් ඒකක් හිටියා.පොර හැමදාම සැලරි දවසට ගනන් 02 ක් වෙන් කරලා ලියුම් කවර 02 කට දානව...අපි ඇහුවා ඒ් ඇයි බන් ...මචං මේ ඒක ලියුම්කවරයක්. අපේ අම්මට අනික වයිෆ් ට ...පොර ගෙදරට කියලා තියෙන්නේ සැලරි ඒක ගාන අඩු ඒකක්...ඉතිරි මුදල ඉතින් කෙලින්ම ඒයාගේ අම්මට ඩිපොසිට්..

    හ්ම්....ඔනවට ඔනම දෙයක් ඔපන් වුනාම ඔහොම වෙනවා..ඒ්කයි ...තමන්ගේ සැලරි ඒක ඔෆිස් වල ප්‍රසිද්ධියේ කතා කරන්න තහනම් කරල තියෙන්නේ...හැමෝම දැන ගත්තම උන්ටම ලෙඩේ නේ ...සැලරි කම්පෙයාර් කරන්න ගත්තම..ඒක කම්පනිවලට අවාසි ... ඒ් තියරියම තමයි මේකත් ලොල්....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    divorced nisa owata advice karanna dnne na hdama de tama girlfriend kenek ekka inna eka work karana ammalage prashna arawa mewa mukuth nah stress nah
     
    • Wow
    Reactions: SK29