ඉතින් එහෙම එකක් තියෙනව කියන අය තමා ඒක තියෙන බව ඔප්පු කරන්න ඕනේ, දෙයක් නෑ කියල ඔප්පු කරන්න බෑ නෙ කාටවත්. උඩ වීඩියෝ එකේ ඒක තමා කියන්නේ
ඇයි ඔප්පු කරන්න ඕන? වේරගම මහත්මයා පුනර්භවය විශ්වාස නොකරන එකට විශ්වාස කරන අය අභියෝග කළා නම් තමයි විශ්වාස කරන අය තමන් ඒක විශ්වාස කරන්න තියෙන සාධක ඉදිරිපත් කරලා ඔප්පු කරන්න ඕන පුනර්භවය තියෙනව කියල.
වීඩියෝ එක බැලුවනම් තේරෙයි වේරගම මහත්මයාට ඕක ගැන සංවාදයක් කරන්න ඕන නම් කරන්න ඕන එතුමා පුනර්භවය නැත්තේ ඇයි කියල හිතන්න තියෙන සාධක ඉදිරිපත් කරන එක මිසක් පුනර්භවය විශ්වාස කරන අයට එහෙම එකක් තියෙන බව ඔප්පු කරන්න කියල අභියෝග කරන එක නෙමේ කියල

කොහොමත් බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය මේ පුනර්භවය, කර්ම ඵලය, පරලොව, දිව්‍යලෝකය ඔප්පු කරන්න පෘතග්ජනයාට බැහැ කියල, ඒකයි කාලාම සූත්‍රයේදී දේශනා කළේ මෙහෙම:
ඉදින් පරලොව වේ නම් සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාකයෙක් වේ නම් මම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙමි යි මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් පරලොව නො වේ නම් සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ නම් මම මෙලොව ම අවෛර වූත් ව්‍යාබාධරහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි යි මේ දෙවන ආශවාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම වැලිත් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.


එහෙම එකක් අපිට පේන්න දැනෙන්න නැති නිසානෙ නෑ කියන්නේ. එහෙම හැමෝටම පේන්න තියෙනවනං ආය ඒ ගැන කතාකරන්න දෙයක් නෑ නෙ.

