මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වන පළමු ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානය හෙට ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව, මෙටි‍්‍රක් ටොන් 28 ක ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ 2529 දරණ යානය හෙට පස්වරු 5.50 ට ඇමරිකාව බලා පිටත්ව යන බවයි මත්තල ගුවන්තොටුපලේ ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සූරිය සඳහන් කළේ.


