නැව්_තුනක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්දියාවෙන් තවත් නැව් තුනක්

_96239092_img_1786.jpg

ඉන්දීය නාවික හමුදාවට අයත් 'කර්ච්' නෞකා

ගංවතුරින් සහ නායයාම් හේතුවෙන් අවතැන්වී සිටින ජනතාවට සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් 'කර්ච්' නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නියෝගයක් අනුව බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

_96239526_img_1789.jpg

සහන සේවයට පැමිණි ඉන්දීය නාවික හමුදා භටයන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී ආර් පී වලාකුලුගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ විපතට පත් ජනතාවට බෙදා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහ කුඩාරම් තොගයක් මෙම නෞකාව රැගෙන විත් ඇති බවය.
ඒවා බෙදා හැරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි කුඩා ප්‍රමාණයේ රබර් බෝට්ටු ද ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපය තුළ තවත් ඉන්දීය නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

_96239683_fullsizerender.jpg

ඉන්දීය අගමැතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩ

ඔහු තවදුරටත් කියා සිටියේ එම නෞකාවලින් වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව ප්‍රථමාධාර සඳහා අවශ්‍යවන ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ද ශ්‍රී ලංකාවට රැගෙන එන බවය.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ස්වභාවික විපත පිළිබඳව ශෝකය පළකරමින් සහ ආධාර සපයන බව පවසමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (මැයි 26) ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කර තිබුණි.

_96239528_img_1788.jpg

වියලි ආහාර ද්‍රව්‍ය

ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය නෞකාවලින් සහනාධාර වලට අමතරව, හදිසි ආපදා තත්වයකදී ක්‍රියාකරන ආකාරය සඳහා පුහුණුව ලත් විශේෂඥ කණ්ඩායමක් ද පැමිණෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ නිව්ස් එක දැකපු වෙලේ ඉදලා ඉන්දියාව, ඉන්දියාවේ පාළනය ගැන හිතේ ගෞරවයක් ඇති උනා. ඉන්දියාවෙන් නිකන් දීපු ඇම්බියුලන්ස් වල අපේ මිනිස්සු ගෙනියනවා දැක්කා. මේවගේ දේශපාලන අරමුනු අපි දන්නෙ නෑ. වැරදි දේශපාලන අරමුණක් තියනව නම් ඒවා බේරගන්න පවතින රජය දැනගන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු හැටියට මේක අපේ රටේ මිනිස්සුන්ට ලොකු උදව්වක්. ලොකු ලෙකු රටවල් කොච්චර හිතවත් කම් පෙන්නුවත් හදිස්සියට ඉන්නේ අසල්වැසියා තමයි. මේක අපිටම අපි ඇන ගත්තු ටොක්කක් කියලා මට හිතෙනවා. අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ ත්‍රෙඩ් වල ඉන්දියාවට බනිනන එක. නමුත් අපිට උදව්වට ඉක්මනටම ආවේ ඒ ඉන්දියන් කාරයා. ඒ පිළිබදව හිතේ ගැඹුරුම තැනින් ඉන්දියන් රජයට ස්තූති වන්ත වෙනවා.

    ඒ වගේම මම අකමැතිම ටීවී චැනල් එකක් වෙන සිරස කරපු සේවයත් අමතක කරන්න බෑ. ඊයේ පෙරේදා ඇඩ් එකක් වත් නොදා, සම්පූර්ණ සේවකයන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා ආදාර එකතු කරන වැඩ, ආදාර බෙදන වැඩ කරපු එක කොච්චර උතුම් ක්‍රියාවක්ද. හැමතිස්සෙම වැරදි හොය හොය බණින කාළකන්නි මානසිකත්වයේ නෙවෙයි අපි මේ හැම දේකම හොද වැඩ අගය කරන්නත් පුරුදු වෙන්න ඕනේ.

    මම මේ කිව්වේ කිසිම දේශපාලන අදහසක් ඇතුව නෙවෙයි. දේශපාලන අදහසක් හෝ කිසිම දේශපාලන හැගීමක් මට ඇත්තෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    නරියට කුකුල්ලු බාර දෙනවා වගේ රවියට බාර දීල තින්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අලුත් කැබිනට් එක අවුල් බන්. මේ යකාට විදේශ එක සෙට් වෙන්නේ නැ. මන්ගලයා කොලුකාරයා උනත් ඌ වැඩේට දක්ශයා. මූ ඉස්සෙල්ලා හිටපු වැඩේට දක්ශයා. මට පේන්නේ මෙතන වෙන ගේමක් යන පාටයි. උබට එහෙම හිතෙන්නේ නැතෙයි.
     
    උබේ කතාව හරි. මේ වගේ ස්භාවික ආපදා තත්වයකදී අපේ ලොකු අයියා නොහොත් ඉන්දියාවේ සහයෝගය ගැන කියන්න වචන නැහැ. ස්භාවික වයසනයකදී නම් දේශපාලන අරමුණු නැහැ. එත් අනෙකුත් දේවල් වලට තියනවනම් ඒවා හැමෝටම සුභාවදිව තියනවනම් කමක් නැහැ.

    කගේ හරි ජිවිතයක් බේරෙනවා නම් මහසෝනාගේ හරි ආධාර වැදගත් වෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අලුත් කැබිනට් එක අවුල් බන්. මේ යකාට විදේශ එක සෙට් වෙන්නේ නැ. මන්ගලයා කොලුකාරයා උනත් ඌ වැඩේට දක්ශයා. මූ ඉස්සෙල්ලා හිටපු වැඩේට දක්ශයා. මට පේන්නේ මෙතන වෙන ගේමක් යන පාටයි. උබට එහෙම හිතෙන්නේ නැතෙයි.

    ඔව් එහෙම සින් එකක් මටත් හිතෙනවා. සල්ලි ඇමැතිකමට මංගලය සෙට් වෙන් නෑ ඕක එක්කෝ වෙන එකෙක්ට දෙන්න තිබ්බ හර්ෂ වගේ.

    ෆොරින් මිනිස්ට්‍රියත් මුට සෙට් වෙන් නෑ

    වෙන මොකක් හරි ගේමක් යන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එහෙම සින් එකක් මටත් හිතෙනවා. සල්ලි ඇමැතිකමට මංගලය සෙට් වෙන් නෑ ඕක එක්කෝ වෙන එකෙක්ට දෙන්න තිබ්බ හර්ෂ වගේ.

    ෆොරින් මිනිස්ට්‍රියත් මුට සෙට් වෙන් නෑ

    වෙන මොකක් හරි ගේමක් යන්නේ
    මට හිතෙන්නේ ශ්‍රි.නි.ල.පේ. උන් යුඇන්පී උන්ට කෙලවන්න වගේ යන්නේ. මන්ගලයාට කොහෙත්ම මුදල් සබ්ජෙක්ට් එක සෙට් වෙන්නේ නැ. ඌ වැඩ පෙන්නුවා විදේශ එකේ. ඒකට ශ්‍රිනිලපේ උන් අවුල් වගේ. මමත් හිතන් හිටියේ හර්ශයටදෙයි කියලා සල්ලි එක. ඌ සිරා වැඩ්ඩෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මේ නිව්ස් එක දැකපු වෙලේ ඉදලා ඉන්දියාව, ඉන්දියාවේ පාළනය ගැන හිතේ ගෞරවයක් ඇති උනා. ඉන්දියාවෙන් නිකන් දීපු ඇම්බියුලන්ස් වල අපේ මිනිස්සු ගෙනියනවා දැක්කා. මේවගේ දේශපාලන අරමුනු අපි දන්නෙ නෑ. වැරදි දේශපාලන අරමුණක් තියනව නම් ඒවා බේරගන්න පවතින රජය දැනගන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු හැටියට මේක අපේ රටේ මිනිස්සුන්ට ලොකු උදව්වක්. ලොකු ලෙකු රටවල් කොච්චර හිතවත් කම් පෙන්නුවත් හදිස්සියට ඉන්නේ අසල්වැසියා තමයි. මේක අපිටම අපි ඇන ගත්තු ටොක්කක් කියලා මට හිතෙනවා. අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ ත්‍රෙඩ් වල ඉන්දියාවට බනිනන එක. නමුත් අපිට උදව්වට ඉක්මනටම ආවේ ඒ ඉන්දියන් කාරයා. ඒ පිළිබදව හිතේ ගැඹුරුම තැනින් ඉන්දියන් රජයට ස්තූති වන්ත වෙනවා.

    ඒ වගේම මම අකමැතිම ටීවී චැනල් එකක් වෙන සිරස කරපු සේවයත් අමතක කරන්න බෑ. ඊයේ පෙරේදා ඇඩ් එකක් වත් නොදා, සම්පූර්ණ සේවකයන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා ආදාර එකතු කරන වැඩ, ආදාර බෙදන වැඩ කරපු එක කොච්චර උතුම් ක්‍රියාවක්ද. හැමතිස්සෙම වැරදි හොය හොය බණින කාළකන්නි මානසිකත්වයේ නෙවෙයි අපි මේ හැම දේකම හොද වැඩ අගය කරන්නත් පුරුදු වෙන්න ඕනේ.

    මම මේ කිව්වේ කිසිම දේශපාලන අදහසක් ඇතුව නෙවෙයි. දේශපාලන අදහසක් හෝ කිසිම දේශපාලන හැගීමක් මට ඇත්තෙ නෑ.

    ඉන්දියාව අපිට ගොඩක් ප්‍රශ්න හදලා තියෙනවා. ඉන්දියාව උදව් කරන්නෙ වෙන වෙන දේවල් හිතේ තියාගෙන වෙන්න පුළුවන්. රජයක් විදිහට කරන්න පුළුවන් හොඳම විදිහ තමයි සිරිමාවො මැතිනිය අනුගමනය කරපු නොබැඳි ප්‍රතිපත්තිය. රටේ ජනතාව හැටියට අපිත් බුද්ධිමත් වෙන්න ඕනේ, පමනට වඩා විශ්වාස කරන්න ඕනෙත් නෑ, ඒ වගේම කොරැහෙ කිඹුල්ලු දකින්න තරම් මෝඩ වෙන්න ඕනත් නෑ. උන්ගේ ගිලන් රථ සේවයට අපි මොනාද නොකිව්වෙ? අද ඒ සේවය අපිට කොච්චර උදව්වක් උනාද.

    සිරසටත් ඕකම තමයි කියන්න් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Mr.Tom

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මට හිතෙන්නේ ශ්‍රි.නි.ල.පේ. උන් යුඇන්පී උන්ට කෙලවන්න වගේ යන්නේ. මන්ගලයාට කොහෙත්ම මුදල් සබ්ජෙක්ට් එක සෙට් වෙන්නේ නැ. ඌ වැඩ පෙන්නුවා විදේශ එකේ. ඒකට ශ්‍රිනිලපේ උන් අවුල් වගේ. මමත් හිතන් හිටියේ හර්ශයටදෙයි කියලා සල්ලි එක. ඌ සිරා වැඩ්ඩෙක්.

    කොළ ටික අනල කෙලවෙද්දී හිටං පොරගේ සෙට් එකකට හොඳ හොඳ ඇමතිකම් දෙන්න වෙන්න ඇති

    කොහොමත් ළඟදීම ඩිවෝස් වෙයි වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොළ ටික අනල කෙලවෙද්දී හිටං පොරගේ සෙට් එකකට හොඳ හොඳ ඇමතිකම් දෙන්න වෙන්න ඇති

    කොහොමත් ළඟදීම ඩිවෝස් වෙයි වගේ
    සිරා මොඩයා උනාට ඌව ෆොම් කරන උන් කපටියි. මටත් හිතෙන්නේ දිගේ කටුගැවෙයි වගේ. හැබැයි මොනවා උනත් යුඇන්පී උන් ඊලග චන්දෙට වියදම් කරන්න කුට්ටිය මරාගෙන ඉන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    සිරා මොඩයා උනාට ඌව ෆොම් කරන උන් කපටියි. මටත් හිතෙන්නේ දිගේ කටුගැවෙයි වගේ. හැබැයි මොනවා උනත් යුඇන්පී උන් ඊලග චන්දෙට වියදම් කරන්න කුට්ටිය මරාගෙන ඉන්නේ.

    ඔව් සිරා මහින්ද සෙට් එකත් එක්ක ජෝඉන් උනොත් නම් ගොඩ යයි නැතිනං unp ගොඩ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් සිරා මහින්ද සෙට් එකත් එක්ක ජෝඉන් උනොත් නම් ගොඩ යයි නැතිනං unp ගොඩ
    කොහොමත් දීගේ චකබ්ලාස් උනොත් අප්පච්චි ගොඩ. ශ්‍රිනිලපේ උන් දැන් ඔය ඉන්නෙත් සිරාට බලේ තියන නිසා මිසක ඌට ආදරේට නෙමෙයි. අනික මෙ යකා ආයේ ඉල්ලනෙත් නැත්තම් කොහොමත් සිරා එක්ක ඉදලා උන්ට ගොඩ යාමක් නැනේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ඔන්න ඕකනෙ කියන්නෙ,අපිට ජීවිතේදී අනිත් අයගෙ උපකාර නැතුව ජීවත් වෙන්ඩ බෑ.කෙනෙක්ගේ උදව්වක් මොනයම්ම වෙලාවක ඕනි වෙනවා...:yes:

    ඉන්දියාවෙන් දුන්න අර ඇම්බියුලන්ස් එක එහෙම මර වැදගත්,මම එදා train එකේ එද්දි දැක්කා වාහන එහෙම අඩු කෑලෑ පාරක පවා ඒකක් යනවා...

    මිනිස්සු බනිනවා අරකයි මේකයි කියලා,ඒත් ඒ බනින අය නිකන් ඉන්නෙ නෑනේ කරදරයක් උනොත්,සේරටම කලින් පෙරලගෙන ඒ ඇම්බියුලන්ස් වලට නගී...ඕකයි ඇත්ත,

    ඒකයි කියන්නෙ ගහමරාගන්නෙ නැතුව සහයෝගෙන් හිටපල්ල කියලා...ඉන්දියාවෙද,කොරියාවෙද වැඩක් නෑ..සිංහලද,මුස්ලිම්ද දෙමලද කියලා වැඩකුත් නෑ..මිනිස්සු විදිහට අපි හැමොම එකයි :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී ආර් පී වලාකුලුගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී ආර් පී වලාකුලුගේ
    පොරගේ නමට ගැලපෙන්නේ නම් ගුවන් හමුදාව.